විසා බලපත‍්‍ර නොමැතිව ශ‍්‍රී ලංකාවේ සිටින බව කියන පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ නායක පේ‍්‍රමකුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් ගුණරත්නම් පෙබරවාරි 15 වැනි දින දක්වා යළි බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා අද ( 05) නියෝග කළේය.
පසුගිය නොවැම්බර් මස 04 වන දින කෑගල්ල අගුරුවැල්ලේ තම මව බැලිමට ආ අවස්ථාවේදි කෑගල්ල පොලිසීය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි. මිට පෙර 5 වතාවක්ම බන්ධනාගාර ගතවු ඔහු මෙවර දින 98 ක් එක දිගටම බන්ධනාගාරගතව සිටියි.
ඕස්ටේ‍්‍රලියාවේ පුරවැසියෙකු වන ඔහු විසා නොමැතිව රැඳී සිටියදී ආගමන විගමන නිතී උල්ලංඝනය කළැයි ඔහුව අධිකරණය වෙක ඉදිරිපත් කර තිබිණි. නිතිඥ රුක්මන් බණ්ඩාර මහතා ඇතුළු නිතිඥ පිරිසක් කුමාර් ගුණරත්නම් වෙනුවෙන් පෙනී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම් ඔය කියන විදියට කරට වැඩක් නැහැ එතකොට අපහු එනවා එක සමහර විදියට ඔය දන්නේ නැතුවඅැති (අ)
සේරම්ගේ කතාව සම්පුර්ණ ඇත්ත (හේ)
මොහු විදේශිකයකු නිසා මොනාට මෙහේ රිමාන්ඩ් කරනවද , රටින් පිටුවහල් කරානම් රටටත් අපටත් නිදහසක් , ලාබයක් (හේ)
ඩි. අයි. ජි. අනුර කුමාර ගේ නියෝගයක් විය යුතුයි. (කෞ)
දේශපාලන විරුද්ධවාදීන්ගේ නඩු අහන්නේ නැතිවම දඬුවම් ලබා දෙන අළුත්ම ක්‍රමය ?(හේ)
යහපාලනය දොරේ ගලා යනවා. ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායම්වල දේශපාලන වුවමනා එපාකම් ඉටුකරමින් යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. (ම)