පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම්ට ලංකාවේ රැඳී සිටීමට හා දේශපාලනය කිරීමට ඇති අයිතිය උදුරා නොගන්නා ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, කලාකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයන් අත්සන් කල ලිපියක් මෛත්‍රීපාල සිරිසේන ජනපතිට සහ රනිල් වික්‍රමසිංහ අගමැතිට යොමු කළ බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.
එම ලිපිය පහත දැක්වේ.
ඕස්ට්‍රේලියා පුරවැසියකු වන ගුණරත්නම් ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකාවට පැමිණියේ සංචාරක වීදා බලපත්‍රයකිනි.
වීසා අවසන් වීමෙන් පසුවද ඔහු ශ්‍රී ලංකාවේ අනවරයෙන් රැඳී සිටිතියි ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් සහෝදරයාගේ දේශපාලනය දුක්විඳින මිනිස්සු වෙනුවෙන්. ආර්ජන්ටිනා ජාතිකයෙක් හට කියුබාවේ දුක්විඳින මිනිස්සු වෙනුවෙන් විප්ලවයට දායකවෙන්න පුලුවන් නම් ලංකාවේ පුරවැසියෙක් වූ කුමාර්ට ලංකාවේ දුක්විඳින මිනිස්සු වෙනුවෙන් දේශපාලනය කරන්න බැරිද? මම මේක අහන්නේ ඔය අදහස් දක්වා තිබෙන අයගෙන් (නි)
එක වරක් ඔහුව රටින් යැව්වා. නමුත් ඔහු අායෙත් අාවේ රට අවුල් කරන්න. එම නිසා අල්ලලා හිරේට දාන්න. නැත්නම් සිංගප්පුරු වල වගේ කස පහර දෙන්න අායෙත් නොඑන්නම. (නදී)
මෙහෙම අය අපිට මොකටද? එයාගේ බිරිඳ සමඟ ඕස්ට්‍රේලියාවේ පවුල් ජීවිතය ගෙනයන්න ඉඩදෙන්න. (නි)
කුමාර් ගුණරත්නම් ලංකාවේ පුරවැසියෙක්, ඔහු ලංකාවේ උපන් කෙනක් ,හැදුනු වැඩුණු කෙනෙක්. ඔහු ලංකාවේ විශ්ව විද්‍යාලයේ ඉගෙනගත් කෙනෙක්. ඔහු රටින් යම් කාලයක් බැහැරව හිටියා. ඔහු බැහැරව සිටියත් ඔහුගේ ලාංකීය දේශපාලන ක්‍රියාකාරීත්වය නොකැඩී තිබුනා.ඔහුගේ හිතවතුන් ,නෑදෑයින් ලංකාව පුරාම ඉන්නවා. කුමාර් ගුණරත්නම් ලාංකිකයෙක් විතරක් නෙමෙයි, ලාංකීය භූමිය තුළ ජීවත්වන පීඩිත බහුතර ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන්කළ ,අපේම පන්තියේ සහෝදර ලාංකික පුරවැසියෙකි. (නි)
සෝභිත හාමුදුරෝවොයි, නිර්මාල් දෙවසිරියි මේ නීති විරෝධී දෙයක් ඉල්ලන්නේ. මෙයාලට ගුණරත්නම් එක්ක වෙන මොනවා හරි සම්බන්ධකම් තියනවද. කරුණාකරලා හොයන්න. මොකද පෙරටුගමින්ගේ වැඩ නිසා අපේ තරුණ පරම්පරාව අායෙත් විනාශ වෙන්න ඉඩතියනවා. ඒවාට අලගු තියන්නද අනික් දෙන්නත් හදන්නේ? (නදී)
නීතිය හැමෝටම සාධාරණව ක්‍රියාත්මක විය යුතුයි. කුමාර් ගුණරත්නම් හදිස්සියේ ලංකාවට ආවේ මොකට ද කියලා රටම දන්නවා. සංචාරක වීසා වලින් ඇවිත් මාධ්‍ය හමු තියන්න දේශපාලනේ කරන්න බැරි බව දන්නෙ නැද්ද මෙයාලා. දැනගෙනම නීතිය කඩපු මෙයා රටින් යවන්නම තමා ඕනේ.(දිල්)
ඒකට ලංකාව් පුරවැසිබවත් ගන්න කියන්න.ඕස්ට්‍රේලියා පුරවැසියකු නම් එයාට ලංකාවේ දේශපාලනය කරන්න බැහැනේ (නි)
ලෝකයේ කිසිම රටක විදේශිකයෙකුට වෙන රටක දේශපාලනය තියා ඡන්ද අයිතියවත් නැහැ. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න (නි)
මෙතනට අඩු තව එක් කෙනෙකුගේ අත්සන විතරයි. අන්තිම හිස් කොටුවට ඒකත් දැම්මා නම් හරියටම ගැළපෙනවා. (නි)
ආගමන විගමන නීතිය ක්‍රියාත්මක කරන්න හරියට. නැත්නම් නරක පුර්වාදර්ශයක් වෙනවා මේක (නි)
ඉතා සාධාරන ඉල්ලීමකි. (නි)
මට තේරුම්ගන්න බැරි ඇයි නැවත රටේ පුරවැසිබව ඉල්ලන්නෙ නැතුව දේශපාලන අයිතිය විතරක් දෙන්න කියලා මේ කෑගහන්නෙ කියන එක. (නි)
කිසිම ගැටළුවක් නැහැ. ඕස්ට්‍රේලියානු පුරවැසිබාවය අවලංගුකර ලංකාවට පැමිණ දේශපාලනය කරන්න දෙන්න. (නි)
මෙයා මෙතරම් ලංකාවට එන්ඩ ලැදි ඇයි (නදී)
දේශපාලනය කරන්න ඉස්සරවෙලා රටේ නීතියට ගරු කරන්න පුරුදුවෙන්න , දේශපාලකයන් තම තමන්ට ඕනේ විදිහට රටේ නීති වෙනස්කිරීම නිසා පහුගිය කලේ විශාල නස්පතියක් වුනා, මේ අය කියන විදිහට එරික් සොල්හෛම් ටත් පුළුවන්නේ ලංකාවේ දේශපාලනය කරන්න , සෝභිත හාමුදුරුවනේ මම ඔබ වහන්සේට ගරු කරනවා නමුත් ඔබවහන්සේ ජනාධිපති වරණයට පෙර පැවසු ආකාරයට අපි සෑම දෙනාම රටේ නිතිය ආරක්ෂා කළයුතුය , රටේ නිතිය අනුව සංචාරක විසා තිබෙන අයට මෙහි දේශපාලනය කරන්න බැහැ, එතුමාට කියන්න ශ්‍රී ලංකික පුරවැසිභාවය ලබා ගැනීමට අයදුම් පතක් ඉදිරිපත් කර එය ලැබුන පසුව ඡන්දේ කරන්න කියලා ,(හේ)
ද්විත්ව පුරවැසියන්ටවත් දේශපාලනය කරන්න දෙන්න එපා කියල කියන රටේ කිසිම පුරවැසි කමක් නැති කෙනෙකුට දේශපාලනය කරන්න ඉඩ දෙන එක අසාධාරනයි. එයාගේ වීසා එකේ තියනවද එහෙම පුළුවනි කියලා? එහෙම නම් ඔය වීසා එකෙන් මේ රටට එන අනිත් අයටත් දේශපාලනය කරන්න දෙන්න වේවි.(හේ)
කපිල එක්ක මමත් එකඟයි. අපේ රටේ නීතියක් නැහැ කියල ඔප්පු කරන්නයි පෙරටු ගාමීන් හදන්නේ. (හේ)
මෙයා වෙනුවෙන් ඔච්චර කැගහන්නේ මොනවද අපේ රටට කරලා මෙයා කරලා තියේනනේ.(හේ)
කුමාර කියන්නේ ලංකාවේ මිනිහෙක් කියලා මේ අදහස් දකවපු කවුරුත් දන්නේ නැද්ද. (නදී)
නීතිය මොකක් උනත් අනේ ඔන්න ඔහේ ඔය මනුස්සයට ඉන්න දෙන්න. එයා මෙහෙ ඉඳල දේශපාලනය කලත් ඇති වැඩක් තියනවද? කව්ද එයාව ගණන් ගන්නේ? එයාගේ පක්ෂේ ගත්ත ඡන්ද ගණන දැක්කනේ. (නදී)
පළමුව අපේ රටේ පුරවැසි බාවය ගන්න. වෙන රටවල පුරවැසි බාවය අහෝසි කරන්න. ඊට පස්සේ බලමු. නැතිව බොරුවට දගලන්න එපා. මම මේ කියන්නේ උල්පන්දම් දෙන අයටත් එක්ක. (නදී)
ද සිල්වා මහතා නිවැරදියි. අපිට මෙතුමා ගැන තරහක් අමනාපයක් නෑ. රටේ නීතියට ජනාධිපති තුමා සහ අගමැති තුමාද ගරු කරන්න ඕනෑ. නිත්‍යානුකූලව පුරවැසියෙකු වී මේ ඉල්ලීම කරන්න බැරි ඇයි? මෙතන අපිට හංගන මොකද්දෝ අරමුණක් ඇති.(දිල්)
සෝභිත හිමි සහ නිර්මාල් රන්ජිත් දේවසිරි පසුගිය කාලයේ පෙනී සිටියේ නීතිය සහ සාධාරණය වෙනුවෙන්. දැන් මේ අත්සන් කරන්නේ නීතියට විරුද්ධ දෙයකට. ඇයි මේ වගේ දෙවිදියකට වැඩ කරන්නේ. ගුණරත්නම් ලංකාවේ දේශපාලනය කරනවානම් නැවත පුරවැසිකම ගන්න.ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ඒ බව ප්‍රසිද්ධියේ පවසන්න අර කලින් කිව්වේ ඇත්තද කියල. (දිල්)
ඔබගේ දේශපාලන නායකත්වක් හෝ පක්ෂයක ව්‍යවස්තාවක් ලංකාවට නොමැත . අවශ්‍ය පමණටත් වඩා දේශපාලුවන් සහ පක්ෂ ඇති අතර අයම රටට මහා අරක් සහ කරදරයකි. ඔබේ මේ උත්සාහය කුමක් සදහාද ? ඔබ මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු ඔබ සිටි රටටගොස් කරගන්න.. . කරුණාකර තරුණයන් නොමග යාව ඔබේ ජීවන මාර්ගය සකසා නොගන්න...!(හේ)
මේ පාර නිදහසට කොටි සැකකරුවන් ගානක් නිදහස් කළ එකේ මේවත් වැඩද ?(හේ)