වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටියේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි කුමාර් ගුණරත්නම් දෙසැම්බර 11 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නඩුව ජනවාරි අට වැනි දා විභාගයට ගැනීමට තීන්දු කළේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු වන ගුණරත්නම් පසුගිය හතර වැනි දා අත්අඩංගුවට ගනු ලැබීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණරත්නම් අපිත් එක්ක පාසල් ගියේ ,අපිත් එක්ක සෙල්ලම් කළේ. අපිත් එක්ක සරසවියේ සිටියේ ,මෙයා අපිත් එක්ක දේශපාලනය කළේ . මේ රටේ නිදහසේ දේශපාලනය කරන්න බැරි නිසා පිටරට ගියා. රට නිදහස් කියල හිතල අායෙත් දේශපාලනය කරන්න මෙහෙට අාවා. මෙයා දැන් ඔස්ට්‍රේලියන් කාරයෙකු නම් ...අනේ මන්ද යහපාලනයේ තරම ...(බ)
ඇන්ටන් , ඔස්ට්‍රේලියා පුරවැසියෙක් වූ තරමින් යමෙකු විදේශගතවී වීසා කල් ඉකුත්වීම හා යම් වරදක් සිදුකිරීම නිසා අත්අඩංගුවට ගැනුනිනම් අධිකරණ තීන්දුව දෙන තෙක් තානාපති කාර්යාලය විමසිල්ලෙන් සිටිනවා මිස ඇඟිලි ගසන්නේ නැති බවයි, තීන්දුව අනුව සහනයක් සඳහා ඉදිරිපත් වනු ඇති බවයි මගේ වැටහීම. මත කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් ඔස්ට්‍රේලියානු පුරවැසි තරුණයෙකු අවුරුදු 5ක් එසේ සිට අධිකරණ තීන්දුව අනුව බාලි දූපතේදී වෙඩිතබා ඝාතනය කිරීමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරින. එම දඬුවම ක්‍රියාත්මක කිරීම පෙර ඔහුව නිදහස් කරගැනීමට ඕස්ට්‍රේලියානු රජය නොගත් උත්සහයක් නැත. කිසිදු ඵලක් නොවීය. නමුත් එම නඩුවේදී එම තීන්දුවම ලැබූ මොහු සමගම මරණ දඬුවමට නියමවූ හවුලකාර පිලිපීන කාන්තාව මරණයට පැය කීපයකට කලින් නිදහස ලැබුවාය. (බ)
මම පුද්ගලයෙක් විදිහට මොහුට ගොඩක් ගරු කරනවා. ඉතා පුළුල් දේශපාලන දැක්මක් තිබෙන මිනිසෙක්. මොහුට ලංකාව තුළ දේශපාලනය කරන්න සම්පූර්ණ අයිතිය තිබෙනවා. මොහු සිරගත කළා කියලා ඒක නැති කරන්න බැහැ. ඔය දැන් ඉන්න රතු සහෝදරයො කාටවත් මොහු සමඟ හැරෙන්නවත් බැහැ (නි)
ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් වුනා කියලා විසා නැතිව රටකට ඉන්න බැනේ .(හේ)
හිරේ ඉන්න ඉන්න තවත් ශක්තිමත් වෙනවා වගේ (බ)
කුමාර් , රටට ආදරය කරන මිනිහෙකුට සලකන අකාරය මෙසේ වෙන්නේ මේ වගේ සමාජයක අපි ඉපදුණ නිසා මිසක් රටේ වැරැද්දකට නෙමෙයි. ඔබ ඔස්ට්‍රේලියාවට ගියේ අැයි කියල කවුරුත් අහන්නේ නැ නේද? එ්ක තමයි අපේ හැටි. මම ඔබේ දේශපාලනයට එකග නොවුනත් මේ රටේ දරුවෙක් ලෙස ඉපිද, මේ රටේ ජීවත් වීමට ඇති නැති අයිතියට ගරු කරමි. හැම දේටම දේශපාලනය ගාව ගන්න අපේ රටේ , මේ ප්‍රශ්නය දෙසත් දේශපාන කෝණයකින් නොබැලිය යුතුයි. ඔහුට තම මවට සලකාගෙන ඉන්න ඉඩ දිය යුතුයි. අනිත් අය ඔහුගේ අයිතියට ගරු කළ යුතු වෙනවා.වහාම ඔහු නිදහස් කළ යුතුයි. (බ)
මොන මගුලටද හලෝ ආයෙත් මේ රටට ආවේ. ආවනම් දැන් ඉතින් විදවපන් (බ)
කමක් නෑ කොටි නිදහස් කරනවනේ. (බ)
මෙයා ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් නම් මොකද ඒ තානාපති කාර්යාලය මීට මැදිහත් නොවන්නේ? (නි)
ඇයි අපි මෙයාව එපා කියන්නේ? (නි)
ඇන්ටන්, ඕස්ට්‍රේලියාව අනෙක් රටවල සාධාරණ නීතිවලට ගරු කරනවා. වීසා කාලය අවසන්වෙලා නේද මෙයා ඉන්නේ. (නි)
ලොකුම ජාතික ගැටලුව (බ)