අසනීපයෙන් පෙළෙන තම පුතා අනුරාධපුර බන්ධනාගාරයට යැවීම ගැන පවුලේ අය කනස්සල්ල පළ කරන බවත් කෑගල්ලේදී නඩු අසා රජරටට යැවීම සාධාරණ නොවන බවත් ඔහුට ජීවිත තර්ජන ඇති බව දැනගන්නට තිබෙන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම්ගේ මව රාජමනී ගුණරත්නම් කියන්නීය.
අද (4) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය ඒ බව කීවාය.
කුමාර් ගුණරත්නම්ගේ සහෝදරිය නෙරංජලා ගුණරත්නම්ද එම අවස්ථාවට එක්වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑගල්ලේ ඉදල අනුරපුරට මහා දුරක් නෑ නේද ? මොකද මේ කලබල වෙලා .....(බ)
අර වැඩ කරනකොට අසනීප නැහැ දැන් අසනීපයි අනේ මගේ කට (බ)
ඔච්චර අසනීප නම් පාඩුවේ ඉන්න දිහාකට වෙලා ඉන්ඩ නේ තිබුනේ. මෙහෙ ඇවිල්ල මිනිස්සු කුලප්පු කරන් නැතුව. අනික හොරෙන් රට පැන්න හොරෙක්නේ. (බ)
මට කනගාටු මීට වඩා ඉහලම පාස්පෝට් උප්පරවැට්ටි වලටයි තව මගෝඩි වැඩ ගොඩකටයි අහුවෙලා චෝදනා ලබපු දේශපාලුවෙකුයි මිනිහගේ ගැහැණු සතායි දෙන්නට තවමත් කිසිම දඬුවමක් නැති එකයි. (බ)
මේක පුදුම වැඩක්නේ රටේ නිතිය කඩලා හිරගත වෙච්ච මිනිස්සුන්ට තමන් කැමති හිර ගෙයක් තෝරාගන්න පුලුවන්ද? (බ)
මහා ලොකු වෙනසක් වෙලා නෑ නේද ...... පලිගැනීම මේ ආණ්ඩුවත් ඒ වගේම කරනවා -- පුදුමයි මේ ප්‍රතිචාර (බ)
නිමල්, "කුමාර් ගුණරත්නම් මොනවා වුණත් ලංකාවේ හොඳ මොළයක්" කියන එකට සාධක තියෙනවද? (නි)
බිරිඳ දොස්තරවරියක්ලු . අසනිපෙට සිංහල බෙහෙත් ගන්න එන්න ඇති නේද? කැන්ගරු රටේ බෙහෙත් නැත්ද? කාටද මේ සුදුලුනු (බ)
මේකේ අදහස් ඉදිරිපත් කරන එවුන්ට නම් කිසිම දේශපාලන දැනුමක් නෑ. ඔහේ අඳුරේ අත පත ගාන එවුන් කණගාටුයි. මේ වගේ මිනිස්සු ඉන්නකන් ලංකාව හදන්න. කුමාර් ගුණරත්නම් මොනවා වුණත් ලංකාවේ හොද මොලයක් තමයි. වැඩගන්න දන්නේ නෑ අපේ අය. අනික ආණ්ඩුව විවෘත ආරාධනා කරලා තියෙන්නේ එල් ටී ටී ඊ එකේ අයටනේ එහෙම අය ආවනම් චෝදනාවලින් නිදහස් කරලා එලියට දායි. කුමාර ගුණරත්නම් රටගැන හිතන නිර්ධන පන්තියේ අවංක එකෙක් නිසා එය හිරේ.(අ)
නිමල් මෙයා මේතර මේ රට ගැන. හිතනවානම්. ප්‍රශ්න එනකොට. ඇයි රටින් පැනල යන්නේ අසරණ උගත් දරුවන් උසි ගන්නා උන්ව බිල්ලට. දීලා මෙයා පැනල යනවා. රටේ තත්වේ බලල. අාපහු ඇවිත් හැංගිලා. රට පෙරලන්න යනවා එයාගේ දරුවෝ හොඳට ඉගෙන. ගන්නවා. මේ. කපටියන් එල්ලන්න ඕන (බ)
නිමල්, පිස්සු කෙලින එකාටත් අපේ එවුන් කියන්නේ මහා මොළකාරයෝ කියල තමයි. (බ)
මෙච්චර අසනීප තියාගෙන ඕස්ට්‍රේලියාවේ ඉඳල ලංකාවට ආවේ බෙහෙත් ගන්නද දන්නේ නැහැ?(ම)
නිමල් උඹ හරි. අපේ රටට කවදාවත් හරියන්නේ අපි හිතන විදිහ වෙනස් කළොත් විතරයි.. (බ)
මීට පස්සේ උසාවියෙන් දඬුවම් නියම කරනකොට චුදිතයගේ මවගෙන් උපදෙස් ගන්නත් වේවිද? (බ)
අපේ රටේ හොරු එළියේ කරනම් ගහනවා කුමාර්ට නිතිය අකුරටම කව්රුත් හොරු ගැන කතා නැහැ, (බ)
මේ අදහස් දක්වන්නේ තමන් කරන්නේ කුමක්දැයි කියා දන්නෙවත් නැති අය එ් ගැන කලබලකාරී විය යුතු නැත.(කෞ)
රටින් පලාගිය අය නැවත ඇවිල්ල ප්‍රශ්න ඇතිකරන්න ඉඩදියයුතු නෑ. (කෞ)
මොහු ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉංජිනේරු පීඨයක වසර කීපයක් ඉගෙනගත්තු කෙනෙක්. ලංකාවේ හොඳ මොලයක් වෙන්න තිබුණා.(කෞ)
මේ ගොල්ලන් හැමෝගෙම වැඩ නිසා තමයි අද විස්ව විද්‍යාල සිසුන් ඉගෙනීමට වඩා අරගල වලට යොමු වෙලා තියෙන්නේ. (ර)
රට කොයි තරම් දියුණුද, කොයි තරම් නිදහස්ද! ඕනෑම තරාතිරමක පුරවැසියෙකුට මාධ්‍ය හමු කැඳවල රටට අදහස් කියන්න පුළුවන්. (ර)
අනුරාධපුරට නොවී ඕස්ට්‍රේලියාවට වහාම පිටුවහල් කරන්න ඕනේ , අසනීපයක් නම් බිරිය බෙහෙත් කරයි.(අ)
අක්කා ටිකක් ඉන්නකෝ. ඇවිදින් ඉදගන්න කෝ. මල්ලි. හරිම කටකාරයි කියන කිසිත් දේ. නාසයි. මල්ලි ඉල්ලන් කැවේ හැංගිලා ඉඳල (අ)