
(යොහාන් භාසුර)
සියලූ ජාතික සහ ජාත්‍යන්තර සාධක සැළැකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සියලු අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමී, ප්‍රගතිශීලි වාමගාමී, බලවේගවලට නව දේශපාලන පෙළගැස්මකට අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බව එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා නව දේශපාලන පෙළගැස්ම අනිවාර්යයෙන්ම අධිරාජ්‍ය විරෝධී සහ දේශප්‍රේමී එකක් වියයුතු බවත් නව ගෝලීය දේශපාලන අභියෝග හමුවේ නව නිදහස් රටවල ස්වෛරීත්වය රැකගැනීමේ අනිවාර්ය අවශ්‍යතාව ඉස්මතු වී ඇති බවත් වීරසිංහ මහතා කීය.
එම අවශ්‍යතාව සාක්ෂාත් කරගත හැකිවන්නේ “මැද - වම” සන්ධානයකට වන අතර ඒ සඳහා අවශ්‍ය වන්නා වු සහ අදාළවන්නා වු ජාත්‍යන්තර පරිසරයක් ද නිර්මාණය වෙමින් තිබෙන බව ද කී වීරසිංහ මහතා අවම පොදු වැඩපිළිවෙළක් මත පිහිටා ආර්ථිකය ගොඩනැගීමේ ජාතික කාර්යභාරය උදෙසා අධිරාජ්‍ය විරෝධී ප්‍රගතිශීලි, වාම හා දේශප්‍රේමී බලවේගයන්ගේ පුළුල් දේශපාලන සන්ධානයක අවශ්‍යතාව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අවධාරණයෙන් ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය වත්මන් ජාතික හා ගෝලීය දේශපාලන වර්ධනයන් සහ ප්‍රවනතා පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළ බවත් රට මුහුණදෙන්නා වු ගැඹුරු, ප්‍රබල හා තීරණාත්මක ආර්ථික අර්බුදය මෙන්ම රටේ ස්වෛරීත්වයට බලපා ඇති භූදේශපාලනික අභියෝගයන් ද එහි දී සැළැකිල්ලට ගත් බවත් එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS
දොස්තර වික්‍රමසිංහ, සරත් මුත්තෙට්ටුවේගම වැනි නායකයින්ට අවමාන වන සේ කුප්‍රකට ව්‍යාපාර කරන්නවුන්ගේ පිටිපස්සේ යමින් කොමියුනිස්ට් පක්ශය නටන නාඩගම කුමක්දැයි නොතේරේ. උග්‍ර ජාතිවාදී පාරාජිකා වූ දූශිත දේශපාලකයින් සමග අත්වැල් බැඳගත්තේ කෙසේදැයි දොස්ත්‍රර වීරසිංහට පැහැදිලි කළ හැකිදැයි නොදනිමි. ඔබට යා හැකි පැහැදිලි මාවතක් ඇස් ඉදිරිපිට තිබියදී අන්ධයින් සේ හැසිරෙන්නේ ඇයි?
මහින්ද ලංකාව චීන ණය හිර කාරයෙක් කරද්දී... මේ අය කොහේද හිටියේ... ඡන්දය ළඟ නිසා අමාරුව හැදිලා...
රට කාපු හැම ආණ්ඩුවකටම මුක්කුගහපු නාකි හැත්ත ,කොල්ලෝ කෙල්ලෝ මරද්දීත් නිශ්ශබ්දව ඉඳලා ...මේපාර කෙලවෙන බව දැනුනාමද වාමවාදී පෙරමුණක් හදන්න හිතුනේ ? දැන් පරක්කු වැඩියි. මුළු රටම මාලිමාවට !!!
රාජපක්ෂලට කඩේ යනකොට, රාජපක්ෂ ගුබ්බෑයමේ ලගින කොට අධිරාජ්‍යය විරෝධී වාමවාදී ප්‍රගතිශීලි බලවේගවලට කෝමාව හැදිලද හිටියේ සහෝදරයා.....
මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාට තම සහාය පලකිරීමට තීරණය කරයි