වී හාල් ඇතුළු ධාන්‍ය වර්ගවල අස්වනු ගබඩා කර තැබීමේදී කෘමින්ගෙන් සිදුවන උවඳුරු වළක්වා ගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදිම වෙනුවට ස්වාභාවික ශාඛ උපයෝගී කැර ගනිමින් නිපදවන ලද කැප්සියුලයක් හඳුනාවාදීම කැලණිය විශ්ව විද්‍යාලයයේ රසායන විද්‍යා අංශය සමත්වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය පැවසුවාය.
මහාචාර්යවරයා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කළ පරීක්ෂණවල ප්‍රතිපලයක් ලෙස මෙම කැප්සියුලය නිර්මාණය කැර ගැනීමට හැකි විය.මෙය මිනිස් සිරුරට බෙහෙවින් හිතකාමී නිර්මාණයකි.
කුරුඳු කොළ,සේර ,පැඟිරිතෙල්,කරපිංචා කොළ,හීන් අරත්ත අල උපයෝගී කරගෙන සගන්ද තෙල් සකසාගනු ලැබේ.එම තෙල් කාන්දු කරනුයේ පිඟන් මැටි වලින් නිම කළ කැප්සියුල වලටය.ඉන්පසු එම ඖෂධිය තෙල් කාන්දු කළ කැප්සියුලය අස්වනු අතරේ සීරුවෙන් තැන්පත් කරනු ලැබේ.
පිඟන් මැටි කිලෝවක් රුපියල් විසිපහක් පමණ මිල වන අතර කිලෝවකින් කැප්සියුල සීයයක් පමණ නිම කැර ඇත.
මෙම කැප්සියුල ධාන්‍ය අතරේ තැබීමෙන් වසරක පමණ කාලයක් අස්වනු කෘමි උවඳුරයකින් තොරව ගබඩා කර ගත හැකිය.
ගුල්ලා,කව්පි ගුල්ලා,ඉපියා, ඇතුළුව ධාන්‍යට වින කරන සියළුම කෘමීන් මෙම ස්වාභාවික ක්‍රමවේදය යටතේ පලවා හැරීමට පිළිවන.
කෘමියා විනාශ කිරීම වෙනුවට පළවා හැරීම මෙම ටැබ්ලට් මගින් සිදු කරන වැදගත් කාරණාවකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනර්ගයි. ඕකත් ඉතින් වෙන රටකට විකුනන්න වේවි. ලංකාවේ නිසි තැනක් නැහැනේ ලැබෙන්නේ (නදී)
ඔබ සියලු දෙනාටම අපගේ ආචාරය ! රොෂාන් මේක අර ඩෙංගු බෙහෙත වගේ නෙවෙයි. විශ්ව විද්‍යාලයක නියමිත ක්‍රමවේද භාවිතා කරලා කරපු දෙයක්. ඒ බෙහෙතට මේක සම කරන්න බැහැ. ඔය වගේම මේ ලඟදි පිළිකාවත් නිට්ටාවටම හොඳ කරන කෙනෙක් ඉන්නවා කියල පත්තරේක තිබුනා. වෛද්‍ය විද්‍යාව සඳහා මේ වසරේ මන් හිතන්නේ නොබෙල් තෑග්ග හම්බවෙවී. (ර)
කාලෙකින් හොද ලිපියක් කියෙව්වා. හරිම හොද සොයා ගැනීමක්. ඉතින් මේ නව සොයා ගැනීම ඉක්මනින් වෙලදපොලට නිකුත් කරන්න. (දී)
අන්න වැඩ ලෝකේ කොහෙවත් තියෙනවාද මේ වගේ වැඩ ලෝකෙටම එකයි එ්කත් ලංකාවේ කැලණිය විශ්ව විද්‍යාලයයේ රසායන විද්‍යා අංශයට අපේ සුබපැතුම්! (බ)
නියමයි, නමුත් ලංකාව නිසා මොනවත් කියන්න බැහැ ඔබලාගේ ඉදිරිය ගැන (බ)
මේ මහාචාර්ය තුමියල තමයි රජරට වකුගඩු රෝගයට රසායනික පොහොර සහ කෘෂි රසායන හේතු වෙන බව කිව්වෙ. ඒත් කිසිම වැඩක් වුණේ නෑ .මේකටත් ඒ දේම වෙයිද දන්නේ නෑ (දිල්)
එය නම් හොඳ ආරංචියක්. වසවිස අඩුකරගෙන ආහාර ගන්න පුලුවන්නම් ලොකුම භාග්‍යයක්. (ර)
සාර්ථක තවත් දෙයක් මම කියන්නම් .. කොහොඹ කොළ මිශ්‍ර කරලා තියන්න ගුල්ලෝ ඉපියෝ එන්නේ නැහැ (බ)
මොකුත් කියන්න දෑන්ම බයයි ඩෙංගු බෙහෙත මතක නිසා. (ර)
කොහෙන්ද ගන්න පුළුවන් ? 0704225438
හොඳ දෙයක් කොහෙන්ද ගන්න තියෙන්නෙ