(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ දකුණු කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට කොම්පඤ්ඤ වීදිය 57 වත්ත අසලදී පහර දෙමින් පෙට්‍රල් විසිකර ගිනි තැබීමට උත්සාහ කරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් පිරිසක් අහසට වෙඩි තබා පාලනය කර නව දෙනකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය කියයි.
ඒ අතර කාන්තාවන් තිදෙනකු වන බව පොලිසිය කියයි.
එම සිද්ධිය අතරතුර අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත් විලංගු සමග පලා ගොස් ඇත.
සැකකරුවන්ගෙන් පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
කොළඹ දකුණු කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්මාල් මහතා ඇතුළු කණ්ඩායමක් ගංජා ග්‍රෑම් 50 ක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අත් විලංගු දමා ඔවුන්ට ගංජා ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී ඇති සැකකරුවන් පිරිස පොලිස් නිලධාරීන්ට පහර දෙමින් ඔහුන් දෙසට පෙට්‍රල් විසිකර ගිනි තැබීමට උත්සාහ කරමින් කෑ කෝ ගසමින් කලහ කාරී ලෙස හැසිරී ඇතැයි පොලිසිය කියයි.
එම කලබලය මැඩපැවැත්වීම සඳහා පොලිස් පරීක්ෂකවරයා රාජකාරී ගිනි අවියෙන් අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කර ඇත.
අනතුරුව පොලිස් පරීක්ෂකවරයා ඒ බව කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් පැමිණ සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොම්පඤ්ඤ වීදියේ පුංචි යුද්දයක්:පොලිසිය ගිනි තියන්න හදලා