අභාවප්‍රාප්ත ප්‍රේමසිරි කේමදාස ශුරීන්ගේ ‘පිරිනිවන් මංගල්‍යය‘ බෞද්ධ කැන්ටාටාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනතත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේදී 25 වැනිදා රාත්‍රී පැවැත්විණි.
කැන්ටාවක් යනු ඒකල සමූහ හා වාද්‍ය වෘන්ද සමග සංගීත උපකරණවලින් උස් පහත් හඬ මතුකරගනිමින් ඉදිරිපත් කැරෙන සංගීතමය කථා විස්තරයකි.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශුරීන්ගේ දියණිය වන ගයත්‍රී කේමදාස මහත්මිය සහ ප්‍රවීණ සිනමා නිළි අනෝජා වීරසිංහ මහත්මිය පිරිනිවන් මංගල්‍යය බෞද්ධ කැන්ටාටාව ප්‍රති නිර්මාණයට දායක වූහ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශුරීන්ගේ පිරිනිවන් මංගල්‍යය සංගීතමය වැඩසටහන ලෝකයේ පළමු බෞද්ධ කැන්ටාටාවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේමදාස ශුරීන් වැනි සංගීතඥයන්ගේ සුමිහිරි සංගීත සංග්‍රහයන් අපේ නොමඟ ගිය රසිකයින් අතරට ව්‍යාප්ත කරවන්න ඕනෑ. ඔවුන් අතර ජනප්‍රිය වී තිබෙන්නේ ගොරහැඩි සංගීතයක්. සංගීතයේ කෙරෙන්නේ සවන පිනවා ගත සිත සන්සුන් කරන එක කියා ඔවුන් තේරුම් අරගෙන නැහැ. (නි)
හරිම ලස්සනයි. සුබ පැතුම්! (නි)
කැන්ටාටාව වෙනුවට සිංහල නමක් හදන්නකෝ. අපිට දැනෙන්නේ එය වෙනත් භාෂාවක එකක් වගෙයි