‘ කුඩු විකුණා හරි සල්ලි හොයා ගත්තොත් ඔහුට සලකන සමාජයක් අද බිහිවෙලා තියෙන්නේ. තමන් කැමති මාර්ගය තෝරා ගත්තම ජීවිතය අමිහිරි වෙනවා. මම එය කියන්නේ අත්දැකීමෙන්. ජීවිතයේ මම කැමති දේ කරන්න ගිහින් අද මම අසරණ වෙලා දුක් විඳිනවා.‘ යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා කඩුගන්නාව කණිෂ්ඨ විද්‍යාලයයේ උත්සවයක දී කීවේය.
‘අධිරාජ්‍යවාදී සුද්දන් එදා පුදුම වුණා සිංහලයන්ගේ ගති පැවතුම් දැකලා. ඒ කාලේ ප්‍රශ්න ඇතිවුණාම උසාවි ගියෙත් නෑ, පොලිසි ගියෙත් නෑ. පංසලට ගිහින් ප්‍රශ්න විසඳගෙන එනවා. එවැනි සමාජයක් තිබුණ රටට අද මොකද වුණේ?
එදා අපේ දෙමාපියන් අපට ඉගැන්නුවේ පුතේ ඔවුන් සල්ලි හොයලා තියෙන්නේ මේ විදියටයි කියා පිළිකුල් කරන්නයි. නමුත් අද බල්ලන් මරා හරි සල්ලි හොයන, ඒ සල්ලිවලට යට වන සමාජයක් බිහි වෙලා හමාරයි. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පූර්ණ ඇත්ත! (දිල්)
කන්ද උඩරටින්, නුවර කලාවියෙන්, ඌව වෙලස්සෙන් රුහුණේ වැව් බැඳී දනව්වෙන් ඇහෙන ජන හඬේ තාලය වෙනස්වෙගෙන යනවා වගේ මට දැනෙනවා. ඒක නව ජන ගීයක පෙරනිමිත්තක්වත්ද? (ර)
මහත්තයෝ, මෙන්න වෙනසක් කරන්න අවස්ථාව ඇවිල්ල. බහින්න වීරයා වගේ එලියට, (අ)
ඔබට එතරම් කළකිරීමක් ඇත්නම් නම්බුකාරකමට ඔය තනතුරින් ඉවත් වී පොදු අපේක්ෂකයාට සහයෝගය දෙන්න (නදී)
අනේ! මොකද මෙහෙම වුනේ ? (නදී)
කොබ්බැකඩුව මහත්මයාණනි, කව්ද මේවට වග කියන්න ඕන, එකත් ජනතාවට පැහැදිලි කලා නම් තමයි ඔය ප්‍රකාශයට වටිනා කමක් තියෙන්නේ. (ර)