(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වතු කම්කරුවන්ට 1700ක වැටුප් නියම කරමින් බොරු ගැසට් ගැසීම වතු හාම්පුතුන්ට උසාවි යන්නට සැදූ අවස්ථාවක් පමණක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වතු කම්කරුවන්ගේ වැටුප ඇත්තටම වැඩි කළ යුතු නම් කළ යුතුව තිබෙන්නේ අවම වේතනය පිළිබඳව පාර්ලිමේන්තු පනතට වතු කම්කරු අවම වේතනය 1700 ක් බව සඳහන් කිරීම යැයි හේරත් මහතා කීය.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන බව කියමින් ගැසට් ගැසුවත් ඒ කිසිම දෙයක් ක්‍රියාත්මක වන්නේ නැතැයි ද හේරත් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළු මිල ස්ථාවරව තියෙන්නේ නෑ. පොහොර මිල වැඩියි. පිරිවැය ආවරණය වෙන්නේ නැත්තම් බොලාගේ අප්පච්චි ද පඩි ගෙවන්නේ?
විජිත ඔය කියන කතාව හරි වුණත් කියන්නේ විජිත නිසා විජිතට එරෙහි අය 88/89 කියල හිත සනසගන්න. විජිත ඔය කියන්නෙ බොරු නම් කම්කරුවන්ට මේ වනවිට රු 1700 ලැබෙන්න හෝ ලැබෙන පාටක්වත් තිබෙන බව පෙන්වන්න. කම්කරුවො එදා ඉඳල රවටන බව පිළිගන්නවා නම් මේ කතාවට එකඟ වන්න.
අවම වේතනය වතු කම්කරුවන්ට විතරක් මෙන්න මෙහෙමයි කියලා පනත මගින් දෙන්න ගියොත් අර ඕනෑම පිකට් එකක, උද්ඝෝෂණයක පිටිපස්සෙන් ඉන්න පක්ෂේ අයට රජමගුල්. ඇයි අනික් සේවකයෝ පාරට බස්සලා රට පුරා පිකට් කරවන්න හැකිනේ...?
මෙයාලා ඉන්නේ හරියට ආණ්ඩුව එයාලාගේ අතේ වගේ. දැන්ම ඉදිමෙන්න එපා සහෝදරයා, පිපිරෙයි...!
2015 දී කම්කරු වැටුප 500යි පොහොර කොට්ටයක් 1000යි. අමු දළු කිලෝව 115.. 2024 කම්කරු වැටුප 1000-1200යි. පොහොර 11500යි. ඒත් දළු මිල 180-230 අතර අනෙකුත් වියදම් කම්කරුවන්ට තේ, පාන්, කෙටි කෑම මිල පස් ගුණයක් ඉහළ ගිහින් නෙලීම් පොහොර දැමීම් කප්පාදු කුලිය සේරම කළාම කුඩා තේ වතු හිමියන් හැමදාම අසරණයි. ඊළඟ මාසේ advance එකෙන් තමයි රෝල ගහන්න වෙලා තියෙන්නේ... පාලකයෝ සුළු ජාතික ඡන්දේ බලාගෙන කරන ගොන් වැඩ නිසා තේ කර්මාන්තය දැන් වලපල්ලට ගිහින් ඉවරයි...
මුන් ඔක්කොම එකයි. වැල් බයිලා කියමින් වටේ යනවා . ඇත්තටම දිය යුතු විසඳුම ගැන එකෙක්වත් කතාකරන්නේ නැහැ. කම්කරුවන්ට 1700 ක් නෙවයි 2000ක් උනත් දෙන්න වතු හිමියෝ කැමතියි. ප්‍රශ්නේ තියෙන්නේ තේ කිලෝවක නිෂ්පාදන පිරිවැය අනුව 1700 ක් දෙන්න බැරි නිසයි . ආණ්ඩුවට පෙට්‍රල් ලීටරයක් රු 75 ට දෙන්න බැරි එහි පිරිවැය ඊට වඩා වැඩි නිසා නම් , මේ කියන අවම වැටුපටත් බලපාන්නේ ඒ න්‍යායම තමයි. ඇත්තටම කම්කරුවන්ට මේ කියන වැටුප දෙන්න නම් , තේ කිලෝවකට රු 350 ක වත් අවම මිලක් නියම කරන්න . නැති නම් වෙන්නේ වැඩි දවසක් යන්න කලින් ඔය කම්කරුවෝ ඔක්කොටොම හුලං බොන්න මොකද වතු ටික වහල දැමීම හැර විකල්පයක් වතු හිමියන්ට නැති නිසා .
වතු කම්කරුවන් පඩි මදි කියන්නේ ජීවන වියදම වැඩි හින්දා. ජීවන වියදම වැඩි රජයේ අකාර්යක්ෂම වියදම් නිසයි. ඒකට වතුහිමියන්ට කරන්න දෙයක් නැහැ. වතු කම්කරුවෝ.. විතරක් නෙවෙයි ලංකාවේ බහුතරයකට තියන ගැටළුවක් ඕක. රජයේ අනවශ්‍ය වියදම් පාලනය කළා නම් ඉබේම ජීවන වියදම අඩුවෙයි.
මෙිකෙ සමහරු වල්ගෙ පාගගෙන, මේ කතා කරන්නෙ කුඩා තේවතු හිමියන් ගැන නොවෙයි ,වතු සමාගම් යටතේ වැඩකරන අය ගැනයි කුඩා තේ වතු හිමියන් බොහෝ විට මෙම මුදල දැනටමත් කම්කරුවන්ට ගෙවනවා,
මේ කියන උදවිය නේද තේ ෆැක්ටරි හැත්ත ගානකට ගිනි තියලා වනසලා තේ දළු කඩන්න ගිය මිනිහට තහංචි දාලා තේ වගාව විනාස කලේ? දැන් පඩි වැඩි කරන හැටි කියන්නේ ඇඳුම් ඇඳගෙනද?