මහනුවර අලවතුගොඩ තෙල් හලකින් රුපියල් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කම්කරු නිලධරයෝ දෙන්නෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා විසින් ලබන 21 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
හිග සේවක අර්ධ සාධක හා සේවා භාර මුදල් නොගෙවා සීටිම සදහා තෙල් හල හිමි මොහොමඩ් අයුෆ් අබ්දුල් කරීම්ගෙන් මෙම අල්ලස ගත් බව කියන මාවනැල්ලේ පුෂ්පා කුමාරි හෛරත් හා මහනුවර මිලින්ද පියසිරි විතාරණ අල්ලස් හා දූෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියහැකි උපරිම දඬුවම් දෙන්න (නි)
අල්ලස් දෙන කෙනා වැරැදි කරුවෙක් නොවේද?(හේ)
කම්කරුවන් වෙනුවෙන් පෙනී ඉන්න ඔන නිලදාරින් මෙහෙම කරන එක හරි වැරදියි (අ)
රෝහලක ඇදක් ගන්නත් එතන ඉන්න අැටෙන්ඩර්ලට සල්ලි දෙන්නේ මේ අය තමයි.. එනිසා මේ රටට අල්ලස කප්පම පුරුදු කරන අයත් , දෙන අයත් , ගන්න අයත් සේරටම නීතියෙන් දඩුවම් දිය යුතුයි. (අ)
ඔය අල්ලස් දුෂණ සම්බන්ධයෙන් ක්‍රියාකරන මහත්තුරු පොඩ්ඩක් අළු දුවිලි ගසා දාලා ඔය මහා පරිමානෙන් කරන තැන් වලත් පොඩ්ඩක් රවුමක් ගහලා බලන්නකෝ.(හේ)
අනේ! ඔය කොමිසමේ මහත්වරු වරාය ගාවට වෙලාත් පොඩ්ඩක් ඉන්නකෝ. (නි)
මෙවැනි වැටළීම් රටපුරා සිදුකරන්න (නි)