IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


කම්කරු නීතියට ගරු කරන සමාගම් සංඛ්‍යාව ඉහළට

labour

දැනට ඉදිකිරීම් කටයුතු සිදුකරන නජ්මා මෙට්රෝ දුම්රිය ස්ථානය රාත්‍රියට දිස්වන අයුරු

 

කම්කරු නීතිය උල්ලංඝනය කරන සමාගම් සම්බන්ධයෙන් බලධාරීන්ගේ පරීක්ෂාව දැඩි වීමත් සමග නව නීති රීති සහ කොන්දේසිවලට අනුගතවන සමාගම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම ජූනි 15 වැනිදා සිට බලාත්මක කෙරෙනු ගිම්හාන පැය ගණන සම්බන්ධයෙන් සමාගම් දැඩි අවධානයක් යොමු කර ඇත.


යම් සමාගමකට ටෙන්ඩරයක් ලබාදීමේදී රජය විසින් අවධානය යොමු කරන ප්‍රධානම සාධකය වනුයේ එම සමාගමේ සේවකයන්ගේ ආරක්ෂාව සහ සුවපහසුවට අදාළ කාරණාය. සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දුර්වල වාර්තා ඇති සමාගම් සඳහා ටෙන්ඩර් ලබාදීමේ අවස්ථාව සැළකිය යුතු ලෙසින් පහළ බසියි.


“වාර්ෂික නිවාඩුවෙන් පස්සේ මම ආපහු වැඩට ආවාම අපේ සමාගම කම්කරු කඳවුර කලින් තිබුණු තැනින් වෙනත් තැනකට අරගෙන ගිහින්. එතැන හොඳ පහසුකම් තියෙන තැනක්... එක කාමරයක ඉන්නේ සේවකයෝ හතර දෙනයි. ඒක දැකලා මම පුදුම වුණා. මොකද පරණ කඳවුරේ එක් කාමරයක් අපි හය දෙනෙක් බෙදා ගත්තා” යනුවෙන් පවසන්නේ බහුජාතික ඉදිකිරීම් සමාගමක සේවකයෙකි.


රජය විසින් පසුගියදා නව ගිම්හාන කාලයන් ප්‍රකාශයට පත්කරණ අතර එම නියමයන්ට අනුව සමාගම් උදෑසන 11.30 සිට පස්වරු 3 දක්වා වූ කාලය තුළ සේවකයන්ව එළිමහනේ සේවයේ යෙදවීමෙන් වැළැකී සිටිය යුතුය. මෙම ගිම්හාන කාල නියමයන් ජූනි 15 වැනිදා සිට අගොස්තු මස අවසානය දක්වා ක්‍රියාත්මක වෙයි.


පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු අමාත්‍යාංශයේ නියෝගයට අනුව සමාගම් සිය සේවා පැය ගණන පැය 6 දක්වා සහ අතිකාල පැය ගණන උපරිම පැය 2 ක් දක්වා අඩුකළ යුතුය.


එසේම රාමදාන් සමයේදී සේවකයන්ව සැහැල්ලු වැඩවල යොදවන අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ යෝග්‍යතාවය සම්බන්ධයෙන් සමාගම් අවධානය යොමු කළ යුතුය.


සමහර විශාල සමාගම් රාමදාන් උපවාසයේ යෙදෙන සේවකයන්ට බර වැඩ නොකරන ලෙසට දැනුම් දී ඇති බවද එක් සේවකයෙක් පවසයි. අධික වෙහෙසට පත්වීම වළක්වා ගැනීම සඳහා උපවාසයේ යෙදෙන සේවකයන්ට සැහැල්ලු වැඩ ලබාදීමද සිදුවෙයි.


උපවාසයේ නොයෙදෙන සේවකයන්ගේ වැඩ ප්‍රමාණය අඩු කිරීම සඳහා ඔවුන්ව කණ්ඩායම්වලට බෙදා ඇත. එක් කණ්ඩායමක් වැඩ කරන විට අනෙක් කණ්ඩායමට විවේකයක් ලැබෙන පරිද්දෙන් ඔවුන්ව සේවා මුර ක්‍රමය යටතේ සේවයේ යොදවා තිබේ.


“රාමදාන් සමයේදී වුවත් මෙවර ගිම්හානයේදී හෘදයාබාධවලට ලක්වූ එක් සේවකයෙක් වත් ප්‍රතිකාර සඳහා පැමිණියේ නැහැ” යැයි පවසන්නේ සේවකයන් සිය ගණනක් සේවා මුර යටතේ සේවය කරන වැඩ බිමක හෙද නිලධාරියෙකි.


“රාජකාරී වේලාවේදී ඔවුන් කරන වැඩ ගැන අපි හොඳින් සොයා බලනවා. වැඩ මූලිකයා නිතරම වැඩ කරන තැනට ගිහින් රාමදාන් උපවාසයේ යෙදෙන සේවකයන්ට විවේක ගන්නා ලෙසට දැනුම් දෙනවා. ඔවුන්ගෙන් කවුරුහරි කෙනෙක් අධික බරක් උස්සනවා වගේ බර වැඩක් කරනවා දැක්කොත්, ඔහුව එම කාර්යයෙන් ඉවත් කරලා ඒ වෙනුවට උපවාසයේ නොයෙදෙන සේවකයෙක් යොදවන්න වැඩ මූලික පියවර ගන්නවා” යැයි හෙද නිලධාරියා වැඩිදුරටත් පවසයි.


ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසට වූ උපදෙස් බොහෝ සේවකයන් පිළිනොපැදීම නිසා ඔවුන්ව විජලයෙන් ආරක්ෂා කරගැනීමට ඔවුන්ට වරින් වර සීතල ජලය සැපයීම සඳහා වෙනමම සේවකයෙක් පත්කිරීමට සමහර සමාගම් පියවර ගෙන තිබේ.


“සීතල ජලය, අයිස්, ග්ලූකෝස් සහ වෙනත් ප්‍රථමාධාර ප්‍රමාණවත් තරම් වැඩබිමේ ගබඩා කරලා තියෙනවා” යැයි ඔහු කියයි.


“අපි නිරන්තරයෙන්ම සේවකයන්ගේ තත්ත්වය ගැන අවධානයෙන් ඉන්නවා. සේවකයෙක් දුර්වලවෙලා කියලා දැනුනොත් වහාම ඔහුව වැඩ බිමේ ඇති සීතල කාමරය වෙත රැගෙන යනවා”


අපේ සමාගම වැඩබිමට සහ කම්කරු කඳවුර වෙතටම ආහාර සපයනවා. උපවාසයේ යෙදෙන සේවකයන්ට නියමිත වේලාවට ඉෆ්තාර් කෑම වේල ලබාදෙනවා”


“ඉෆ්තාර් කෑම වේලට රට ඉඳි, පළතුරු යුෂ, සමෝසා සහ චානා මසාල අඩංගු වෙනවා. හැමෝටම රාත්‍රී 8 ට උණු උණුවේ කෑම සපයනවා” යැයි සේවකයෙක් පවසයි. 



අදහස් (0)

කම්කරු නීතියට ගරු කරන සමාගම් සංඛ්‍යාව ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 247 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 740 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site