ලංකා කම්කරු කොංග්‍රසයේ පිරිසක් හා ජාතික කම්කරු පෙරමුණේ පිරිසක් අතර පසුගිය 19 හැටන් කොටගලදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සැකපිට නුවරඑළිය ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී එම්. මලර්වසම් සැප්තුම්බර් 2 වැනි දා තෙක් හැටන් මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා විසින් රිමන්ඩ් කරනු ලැබීය.
කම්කරු පෙරමුණේ පාර්ලිමේන්තු නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් සහ පර්ලිමේන්තු මන්ත්‍රී එස් රාජදොරෙයි මහත්වරුන් ඇතුළු 17 දෙනෙක් ද ලංකා කම්කරු කොංග්‍රසයේ තිදෙනෙක් ද දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබූහ.
මන්ත්‍රීන් දෙදෙනාට රුපියල් විසි පන්දහස බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂය බැගින් ශරිරී ඇප ද නියම විය. ලංකා කම්කරු කොංග්‍රසයෙන් මධ්‍යම පළාත් සභාවට තරග කරන එස්. සත්‍යවෙල් හා එස්. රමේෂ් හා පී උදයකුමාර්ට රුපියල් 25,000 බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප ද නියම විය.
දිගම්බරම් හා රාජදොරෙයි මන්ත්‍රීන්ගෙ ආරක්ෂකයන් හය දෙනකුට ද කොස්තාපල්වරුන් පස් දෙනකුට ද ආධාරකරුවන් සිව් දෙනකු ද රුපියල් පන්දහස බගින් ශරීර ඇප නියම විය.
මේ දෙපාර්ශවය අතර වූ ගැටුමින් වාහන රැසකට අලාභහානි සිදුවිය. අහසට වෙති තැබිණි. සියලුම සැකකරුවන් උසාවියේ පෙනී සිටියේ දිඹුල පොලිසියේ දැනුම් දීමක් අනුවය.
ඇප නියම කරමින් මහේස්ත්‍රාත් පැවැසුවේ ඇප කොන්දේසි කඩකළ හොත් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වුවත් ඔවුන් රිමාන්ඩ් කරන බවයි.
මෙතෙක් සිදුකළ පරීක්ෂණ විමර්ශන වර්තාවන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් දිඹුල පොලිසියට නියෝග කෙළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටිය ඉස්සර ගහ මරාගත්තේ පකෂය අනුව. නමුත් 1978 දී අපට ලැබුන දිරච්ච ලනුව ගිලලා දැන් අයියයි මල්ලියි පවා එකම පක්ෂයේ ඉඳගෙනත් ගහ මරාගන්නවා. සිංහල පකෂවලට තිබුන ලෙඩේ දැන් දෙමල පක්ෂවලටත් බෝවෙලා. (නි)
දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට අනිත් පැතිවල ප්‍රශ්නයක් නැද්ද ? දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න අනේ.(නදී)
චන්දෙට කලින් ඔහොම නම් පස්සේ කොහොම වෙයිද (දී)
නදී , ඔය දේවල් ප්‍රශ්න නෙවෙලු , තරඟකාරීත්වය වාඩිකමටලු. ඔයා ඒවා වැරදියට තේරුම් ගන්න එපා. එයාල ඔය හදන්නේ අපිට සේවය කරන්න.(අ)
හොද වැඩේ විසේ බහින්ඩත් එක්ක (අ)
පහත් තැනින් යයි ගලා ජලේ.. (නි)
එතකොට අර පොලිස් වල ගිහිල්ලා ගෝරි දාගන්න ඇමතිතුමා ගැන කව්රුත් කතා නැහැනේ (නි)
මේ වගේ දෙයක් ආණ්ඩුවෙ කට්ටිය කළා නම් මොන මොන කතා කියයිද? පේනවනේ කට්ටියගේ හැටි? (නි)
දෙපැත්තකට බෙදිලා එකිනෙකා මරා ගන්න එක ලංකාවේ අලුත්ම පවතින දේශාපලන ක්‍රමයයි . ඒ විෂ බීජය දැන් දෙමල පක්ෂ වලටත් දීලා වගෙයි . (අ)
මනාපේ නිසයි මේ අමනාපේ.(නදී)
හොන්ඩ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට? (අ)
එකම ජාතිය මරා ගන්නේ මේ මනාපයට . මනාපයක් නිසා ජාතියක් අමනාප වෙන්නේ . මේ ක්‍රමය නැති කරදාට ගොඩක් අයට සැනසිම . නැත්නම් වැනසිම (අ)