ලංකා කම්කරු කොංග්‍රසය විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ සහ ස්වාධීන යන දෙයාකාරයටම නාමයෝජනා පත්‍ර බාරදීම නීතියට පටහැනි බවත්, එබැවින් කම්කරු කොංග්‍රසයේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ජනතා පෙරමුණ අද (6) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
ජනතා පෙරමුණේ ලේකම් ආනන්දන් මෝහන්දාස් මහතා විසින් ගොනු කැරුණු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ආරුමුගම් තොන්ඩමන් ,මහනුවර, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීහු, මැතිවරණ කොමසාරිස්, නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
එම පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වන්නේ ලංකා කම්කරු කොංග්‍රසය එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට තරගවදින අතර බදුල්ල හා මහනුවර දිස්ත්‍රික්කයන් හි ස්වාධිනව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීම මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් වන බැවින් දෙයාකාරයටම ඉදිරිපත් වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කරන්නැයි මැතිවරණ කොමසාරිස්ට නියෝග කරන්නැයි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් කොංග්‍රසයත් එහෙම නේද? එහෙනම් එකත් ප්‍රතික්ෂේප වේවි. මහින්ද දිනාවී. (බ)
ඉතින් ඕකමනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මුස්ලිම් කොන්ග්‍රස් එකත් කරලා තියෙන්නේ. දන්නා විදිහට ටි.එන්.ඒ එකත් කරලා තියනවා. තාම යුඑන්පි එකේ පක්ෂ සාමාජිකත්වය තහනම් නොකළ හිටපු ලේකම් සන්දාන ජාතික ලයිස්තුවේ. (නදී)
17 වෙනිදට නිසි තැන ලැබේවි (නදී)
හොඳයි අපි බලමුකෝ සිද්ධවෙන දේ (නි)