බීජිංහිදීය/සෝල්හිදීය (රොයිටර්)
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අද (19) චීනයේ බීජිං නුවරට පැමිණියේය. මේ වසරේදී මාස කිහිපයක් ඇතුළත උතුරු කොරියානු නායකයා චීනයට පැමිණි තෙවැනි අවස්ථාව මෙයයි.
මෙම සංචාරයේදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඔහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිංගප්පූරුවේ පැවැති හමුවේ දී සාකච්ඡා කෙරුණු සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් දැනුවත් කිරීමට නියමිතය.
එමෙන්ම උතුරු කොරියානු නායකයා චීනයට පැමිණියේ සිංගප්පූරු හමුවෙන් සතියක් ගෙවෙන තැනය. ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර හමුව පසුගිය (12) වැනිදා සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ කැපෙල්ලා හෝටලයේදී පැවැත්විණි.
උතුරු කොරියාවේ මෙන්ම චීනයේ ද කනස්සල්ලට හේතු වී තිබූ ඇමෙරිකා-දකුණු කොරියා අතර වාර්ෂිකව කෙරෙන ප්‍රධාන ඒකාබද්ධ යුද අභ්‍යාස නවතා දැමීමට දෙරටම එකඟ වූ බව ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගිය සතියේ නිවේදනය කළේය.
උතුරු කොරියානු නායකයා දින දෙකක් චීනයේ රැඳී සිටින බව ද චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබිණි.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා මෑන්ස් දැන් ගුවනින් යන්නත් පුරුදුවෙලානේ. ඉස්සර දුර ගමන් ගියේ කෝච්චියෙන් විතරයි.