ගලගෙදර හෝටලයක, ආපන ශාලාවක හා වෙළඳසලක කබැල්ලා මස් හා වල් ඌරු මස් අලෙවි කළ පිරිසකට දඩ නියම කිරීමට මහනුවර මහේස්ත්‍රාත් චානක කලංසුරිය මහතා අද (11) නියෝග කළේය.
හෝටල් කළමනාකරු ශාන් අනුරුද්ධ ගුණවර්ධනට රුපියල් 30000 ක දඩයක්ද, ඌරු මස් හා කබැල්ලෑ මස් අලෙවි කළ වෙළඳසල් හිමිකරු ක්‍රිෂාන්ත නිහාල් සිල්වාට රුපියල් 80000 ක දඩයක්ද, ආපන ශාලාවේ හිමිකරු නිමල් බණ්ඩාරට රුපියල් 30000 ක දඩයක්ද ගෙවන ලෙසත් වැටලීමේදී සොයාගත් අධි ශීතකරණ හා පිහි, පොරවා ඇතුළු භාණ්ඩ රාජසන්තක කරන ලෙසත් නියෝග කැරිණි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ රන්දෙණිගල හසලක අඩවි කාර්යාලයේ නිලධාරින් මෙම වැටලීම කර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.


COMMENTS
කලාතුරකින් අහන්න ලැබෙන සතුටුදායක තීන්දුවක්. විශ්ව හා මැටිපහන මහතුන්ගේ යෝජනාව මමද අනුමත කරමි (බ)
කබල්ලෑවා ආරක්‍ෂිත වගේම ලස්සන දුර්ලභ සතෙක්. ආරක්‍ෂිත සතුන් මරා කන වැද්දන්ට දැඩි දඬුවම් දිය යුතුයි!!! (ම)
නියමයි. මස් වැද්දන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ. මෙවන් ආවේණික සත්තු ආරක්ෂා කරනවා වෙනුවට කරන වැඩද මේවා (ම)
මේ වනජීවී නිලධාරීන්ට මගේ උපහාරය! මේ මස් වැද්දන්ව දඩත් සමග අඩුම වසරකවත් සිර දඬුමක් ලබා දෙන්න ඕනේ මේ කරන සත්ව ඝාතන වලට. (අ)
මස් වැද්දන්ට දෙන දඬුවම තව දරුණු කරන්න ඕනෑ. (නි)
මේ අපරාධය ඇල්ලු වනජීවී නිලධාරීන්ට මගේ උපහාරය! (නි)
පවු, ෆිනෑන්ස් කොම්පැනියට තමයෝ අධිශීතකරණයේ පාඩුව විඳගන්න වෙන්නේ. (නි)