(පද්මා කුමාරී කංකානම්ගේ )
මිලියන 52කට ආසන්න වටිනාකමකින් යුත් කබල්ලෑවා නම් අධි සුරක්ෂිත සතුන්ගේ පොතු යැයි කියන පොහොර උර 4ක් කල්පිටිය තිල්අඩිය ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
කිලෝ ග්‍රෑම් 130 ක බරින් යුතු මෙම පොතු ඉන්දියාවටත් එතැනින් චීනයටත් යැවීම සඳහා සූදානම් කර තිබූ බැව් පොලිසිය පවසයි.
කබැල්ලෑ පොතු කිලෝවක් රුපියල් ලක්ෂ 7කට ආසන්න වටිනාකමකින් අලෙවිවන බව කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රන්වලආරච්චි මහතා පවසයි.
මෙම පොතු තොගය සමග සැකකරුවන් තිදෙනෙකු ද අත් අඩංගුවට ගනු ලැබ සිටිති.
එක් කැබැල්ලෑවකුගෙන් පොතු ලබා ගත හැක්කේ ග්‍රෑම් 750 ක් පමණ වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවායේ මිලගණන් ප්රසිද්ධ කරන්න එපා... ලැබෙන දඬුවම් දක්වන්න.
දන්නේ නැති නිසා අහන්නේ මොකද්ද ඕවගෙන් කරන්නේ