වඳවී ගෙන යන සතෙකු ලෙස සැලකෙන කැබැල්ලෑවා පැටවකු මියගිය මවගෙන් කිරි බොමින් සිටියදී සොයා ගෙන හික්කඩුව වනජිවි කාර්යාලයට බාරදී ඇත. වේයන් වැනි කුඩා සතුන් ආහාරයට ගන්නා මේ සතා දැන් ලංකාවේ දුර්ලභ සතෙකි.
මාස දෙකක් පමණ වන පැටවා කිරි ආහාර පමණක් ආහාරයට ගනී. වනජිවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ උපදෙස් මත දෙහිවල සත්වෝද්‍යානයට බාර දීමට යයි.
![IMG_6723[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_67231.jpg)
![IMG_6724[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_67241.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඉස්සර සත්තු හරියට බලාගන්න බැරි නිසා සත්තු වත්තක් හොදයි ...නමුත් දැන්..තාක්ෂණ දියුණූ නිසා අපිට ඕනෙම සතෙකුගේ පටිගත කල දර්ශන බලාගන්න පුළුවන්.. එක නිසා අපි සත්තු වත්තේ ඉන්න සත්තු වනාන්තර වලට දල නිදහසේ ඉන්න දීල වනාන්තර පරිස්සම් කරමුද ? (ම)
ක්ෂීරපායි උරගයෙක්. නොබෙල් තෑග්ග දිනාගන්න පුලුවන් සොයා ගැනීමක්. (බ)
අනේ මන්දා. සිංහල නම් දාගෙන හිටියට සිංහල හරිහැටි කියවන්නත් බෑ සමහරුන්ට, (ර)
අනේ පවු අසරණ සතා! සත්තු වත්තට නම් දෙන්න එපා (නි)
මේක ටිකක් විතර අමුතුයි. අම්මට මොකද වුනේ අම්මගෙන් කිරිබොන පැටියෙක් වෙන්කළේ ඇයි (බ)
මවගෙන් කිරි බොමින් සිටියදී ඇයි පැටියව ගත්තේ (බ)
දෙහිවලට නම් බාර දෙන්න එපා. මේ සතා ජීවිතයටම දුක් විඳිනවා. කැලයට අත්හරින්න. (බ)
මෙයා ලොකු වනතෙක් සිට කැලයට පුරුදු කරන්න. සත්තු වත්තට දෙන්න එපා (නි)
කබල්ලෑවා කොහොමද අනුර උරගයෙක් උනේ. ඔබතුමා නොබෙල් තෑග්ගට ගොඩක් කිට්ටුයි වගේ. (අ)
මමත් කියන්නේ මේ සතාව දෙහිවල වේලිච්ච සත්තු වත්තටනම් දෙන්න එපා, ඊට වඩා නිකන් කැලෙට පිටකොරන්න. (ර)
සමීර සදරුවන් ඒ පැටියගේ අම්මා මිය ගිහින්. (ර)
ළමයිනේ කියවනකොට යමක් හරියට කියවන්න ඉගෙන ගන්න, බාගෙට නැතුව. අම්මගෙන් පැටියා වෙන් කරලා තියෙන්නේ අම්මා මිය ගිය නිසා කියලා පැහැදිලිව කියලා තියෙනවනේ... (ර)
හොදට බලන්න මියගිය මවගෙන්. (ර)
සමීර, සඳරුවන් : "මියගිය මවගෙන් කිරි බොමින් සිටියදී සොයා ගෙන ..." මව් කැබැල්ලෑවා මැරිලා ඉඳලා තියෙන්නේ... හොඳ වැඩක් කරලා තියෙන්නේ. (ර)
දෙහිවල සත්තු වත්තේ කියන්නේ , මේ සතාට ජීවිතාන්තය දක්වා අපායෙ යනවා වගේ , බොරුනම් සත්තු වත්තේ ඉන්න කොටියාගෙන් අහන්න. එයාට හරියට කන්නවත් දෙනවද කියල. (බ)
මව මිය ගිහින් දෙයියනේ (බ)
ඉන්දු කියන්නා වගේ හරියට තේරුම් ගන්නේ නැතුව කමෙන්ට්ස් දානවා, මේ පැටවා කිරි බීලා තියෙන්නේ අසල්වැසි අම්මා කෙනෙකුගෙන්. (ර)
හොද වෙලාවට උකුස්සා මරන්නට හම්බවුණේ නැත්තේ (බ)
ඒ සතාගේ වාසනාව පවු කාරයෙකුට හම්බ උනේ නැත්තේ. (ර)
හොඳ වෙලාවට කබල්ලැවා පෙරහැරේ ගෙනියන සතෙක්වත් මහන්තත්ත කමට හදන සතෙක්වත් නොවුනේ. නැත්නම් මෙයත් දාල ගිය කෙනෙක් බවට පත්වෙනවා.(අ)
අම්ම මැරිලද , මරලද, , කොහොම හරි පැටියාගේ පණ බේරුන එක ගැන සතුටු හිතෙනවා, , මම පොඩි කාලේ කබැල්ලෑව දැකල තියෙනවා , ඊට පස්සේ දැකලනම් නැහැ (බ)
මෙවැනි දුර්ලබ ගණයේ සතෙක් කොහොමද ? සත්තු වත්තට යවන්නේ වනජීවී දෙපාර්තමේන්තුව එහෙනම් දෙහිවල දෙපාර්තමේන්තුව කියන්නවෙනවා තාරක මහත්මයාගේ අදහස මමනම් පිළිගන්නේ නැහැ .(බ)
හොඳ වෙලාවට සහ උගේ වාසනාවට මේ සතා හික්කඩුව පැත්තේ හිටියේ !! (බ)