යාල වන මැද පිහිටි කැබිලිත්ත සියඹලාව දේවාලය වැඳ පුදා ගැනීමට දවසකට අඩු ගණනේ පන්සීයකටත් දහසකට අධික පිරිසක් එති.
ට්‍රැක්ටර් හෝ ජිප් රථ වලින් පමණක් මේ දේවාලයට පිවිසීමේ මාර්ග තුනකි. බුත්තල ගල් ගේ ළඟින් මැණික් ගඟ තරණය කිරීමෙන්ද කොටියාගලින් හා මොනරාගල මාරාවෙන්ද එහි ළඟා විය හැකිය. දුර කිලෝමීටර් තිස්පහක් පමණ ඇත.
කතරගම දෙවියන් වැඩසිටි ස්ථානයක් ලෙස සියඹලාව හැඳින්වේ.
එහි ආරක්ෂාවට කලුබණ්ඩාර දෙවියන්ද වැඩ සිටි බව ජනප්‍රවාදයේ සඳහන්ය.එහි යන එන අය ගෙනෙන පළතුරු කෑමට වල් අලියෙක් පුරුදු වී සිටී.රාජා යනුවෙන් මේ අලියාට නමක්ද දී ඇත.
එම දේවොලට යන අය මස් මාංශ අනුභවයෙන් වැළකී සිටිය යුතු බවත් කාන්තාවන් එහි නොයා යුතු බවත් කියති.
ඊට පටහැනිව යන අයට අතුරු අන්තරා වෙතියිද බොහෝ දෙනකුගේ විශ්වාසයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට අවශ්‍ය හොඳ ප්‍රතිපත්ති ආගමේ ප්‍රශ්නයක් නැහැ (දී)
ගිහිල්ල බලන්න මාර ෆන් එකක් ගන්න පුළුවන්. හැබැයි 4 වීල් එකක් ගැණු එපා කියන්නේ ඒගොල්ල එක්ක ගියාම මාර වාත. ඒකයි. ඔය කියලා තියෙන පාරවල් දෙකම නියමයි. ගිහින් දෙවියන්ටත් වැඳලා එන්න.ෂාහ්.(නදී)
මට නම් ප්‍රශ්නේ මේ කාන්තාවන්ට තහනම් කරලා තියෙන්නේ කාන්තාවන්ගේ ආරක්ෂාවටද නැත්නම් දෙවියන්ගේ ආරක්ෂාවටද කියලා.මට නම් ගැණු විශ්වාසත් නැහැ දෙවියෝ විශ්වාසත් නැහැ. (නි)
විශ්වාසය මිනිසෙකු ඉහළට ඔසවා තබයි. එබැවින් විස්වාසවලට ගැරහිය යුතු නොවේ. (දී)
විශ්වාසය මිනිසෙකු ඉහළට ඔසවා තබයි. එබැවින් විස්වාසවලට ගැරහිය යුතු නොවේ. (දී)
පිටිගලගේ කතාව මාරයි.මමත් කියන්නේ එකම තමයි ගැණු එක්ක ගියහම ආතල් එකක් ගන්න අමාරුයි මේවගේ තැන වලට .(අ)
ලඟදීම නාගරික කරණය වේවි. (ස)
මනුස්සයා නැමැති සත්වයාට දෙවි පිහිට උවමනාය. (ස)
බන්දුලත් ඉදහිට ඇත්ත කියනවා බොරුවක් නොවෙයි හිනත් ගියා (අ)
දෙවෙනි බුදුන් ලෙස ගරු කරන කාන්තාවන් අප්‍රිය කරන මේ දේවියා කවුද? මෙම මිත්‍යාවෙන් ගැලවෙන තුරු ලංකාව නම් දියණු වෙන්නේ නැහැ. (ස)
උපාලි ට ඉතාලියට ගියාට පස්සේ ලංකාවේ හැම දෙයක් ම අමතක වෙලා වගේ. ඔබ තුමා කියන විදිහට ලංකාව දියුණු වෙන්න ආගම දහම සහ අපේ ජාතියත් එක්ක. ඉතාමත් කිට්ටු දේව සංකල්පය මිත්‍යාවක් කියල හිතල ඒවා අමතක කරන්න කියලද කියන්නේ?(නදී)
ලංකාවේ දේවාල වල පිළිම උඩ ඉන්නේ දෙවියෝ නොවෙයි, අශුද්ධ ආත්තම, එයාලට පින්දීලා වැඩක් නෑ, දැනටම ඔවුන් අවසානයේ ගිනි විලට විනිශ්චය කරලා හමාරයි. මේ මෝඩ වන්දනා කවදා නතර වෙලා මේ රට අන්ධ භක්තියෙන් කවදාද ගැලවෙන්නේ? (ස) කුමාර්.
උපාලි ඕක තමා ඇත්ත එත් රැල්ල යන්නේ අර පැත්තට අපි මොනවා කරන්නද ?(නදී)
කතරගම දෙවියෝ කියන්නේ මහසෙන් දෙවියෝ. හින්දු බලපෑම් නිසයි එහෙම වෙලා තියෙන්නේ, මහසෙන් දෙවියන්ට වන්දනා කරන්න බොරු අන්ද විශ්වාස නැතිව , අර රජ අලියත් දෙවියෝ ආරක්ෂා කරත්වා.(නදී)
දවසක ලංකාවත් අර ඉන්දියාව වගේ වෙන්නේ කවද හරි නාම පුවරුවලටත් වඳිනවානේ.(නදී)
තවත් කවුරු හරි දේශපාලකයෙකුට හෝ පුතෙකුට දියවඩන හෝ බස්නායක නිලමේ කෙනෙක් වෙලා මිනිස්සු හුරා කමින් සල්ලි හොයන්න මගක් පහලවෙලා. කොහෙහරි මොකෙක්හරි පහලවෙලා කියල මිත්‍යාවල් පසු පස හැමදාම දුවනවා. එතකොට මෙපමණ කලක් කතරගම දුවල දුවල දැන් කියනවද එතන නොවෙයි ඉන්නේ කියලා.(නදී)