කතරගම දෙවියන් වැසි දිනයක වල්ලි අම්මා හමුවූ බව කියන සියඹලා ගස පිහිටි සියඹලාව දේවාලය හෙවත් කැබිලිත්ත දේවාලය කුඹුක්කන් ඔයෙන් ගොඩ වී දුෂ්කර ගමණකින් පසු ළඟා විය යුතු පුදබිමක් බව බොහෝ දෙනෙක් කියති.
මස්, මාළු මත්පැන් ආදියෙන් වෙන් වී ගමනට අඩු ගනනේ දින 21ක්වත් පේවිය යුතු බව වැඩිහිටියෝ කියති.
එම උපදෙස් නොපිලිපදින අයට ගමනේ දී අතුරු ආන්තරා ඇති වන බවත් විශේෂයෙන් කැබිලිත්තේ වල් අලි රංචුව එවැනි පුද්ගලයන්ට කාරුණික නොවන බවත් කියති.
එහෙත් වත්පිළිවෙත් පුරන අයට එම සතුන්ගෙන් කිසිම හිරිහැරයක් නොවන බවත් ඔවුහු පවසති.
කතරගම සිට කැබිලිත්තට මාර්ග දෙකකින් යා හැකිය. යාල දෙවැනි කලාපය කුඹුක්කන් ඔය ඔස්සේ කිලෝමීටර 52ක දුරින් කැබිලිත්ත පිහිටියේය. මොණරාගල ඇතිමලේ මාර්ගයේ කොටිගල ඔස්සේ දුර කිලෝමීටර 75කි. දැනට වැඩි දෙනා යන්නේ එම මාර්ගයෙනි. කතරගම ගල්ගේ මාර්ගය වසා ඇත.
ඉපැරණි සියඹලා ගසක්, බෝධියක් හා ඓතිහාසික නටබුන් ඇතැයි එහි යන එන්නෝ කියති.
කාන්තාවනට කැබිලිත්ත අකැප බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුනත් පරෙස්සමට , වන අලිනේ ! (බ)
අන්තිම වචන පේලියට මගේ හිත රිදුන අනේ ...(කාන්තාවන්ට අකැප බව ) (බ)
මොකද කාන්තාවන්ට අකැප? (නි)
වන සත්තු එක්ක මෙහෙම ගනුදෙනු කරන්න යන්න එපා. බොහොම අවධානම්. වනජීවී කට්ටිය මොකක්හරි කලොත් හොඳයි ඉක්මනට අනතුරක් වෙන්න කලින්. (ර)
ලස්සන දසුනක්. පළමු පින්තුරය බලද්දී නම් ටිකක් බය හිතුනා. (ර)
වන සතුන්ට අහාර දීම සුදුසු නොවේ. පරිසර විනාශයේ තවත් කොටසකි. කරුණාකර වනයට හානි නොකරන්න වග බලා ගන්න. වනජීවී දෙපාර්තමේන්තුව නුවනින් මේ පිළිබඳව ක්‍රියා කරන්න. (ර)
ෆාරා, ඔයාට පිස්සුද? (නි)
කෝකටත් අලියාගෙන් පරිස්සම් වෙන්න. (ර)
දසුන නම් ලස්සනයි, ඒත් අනුවන ක්‍රියාවක්. සියලුදෙනාටම දෙවි පිහිටයි. (ර)
හොඳ ලිපියක් (නි)
මේ සතා මද කිපෙන කාලයට දරුණු විය හෑකී. අවාසනාවන්ත දෙයක් සිදුවීමට පෙර වනජීවී දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වියයුතුයි. (හේ)
මෙය නරක පූර්වාදර්ශයක්. කැබිලිත්තේ දෙවාල කපු මහතුනි. මෙයට අනුබල දෙන්න එපා. අවදානමක්. චන්දි, කාන්තාවන් හා පිරිමින් යනු එකිනෙකාට සමහර අවස්තාවන් හි සැසඳීමට නොහැකි බව සිතට ගනු මැනවි. කාන්තාවනට කිරීමට හැකි දේ පිරිමින්ට කරන්නට බැහැ. ඒ වගේමයි ප්‍රති විරුද්ධවත්. (ර)
දීපල්ලා, ඇන ගනිල්ලා, මෝඩයින්ට පුලුවන්ද රටක් පාලනය කරන්න, ඒක ඇමරිකාවත් දන්න නිසානේ එයාලව ගොනාට අන්දන්නේ, මට නම් ලාබයි මොකද මම ගත්තේ ඇලියෝන් එන' 260යක්. ලාබේ ලක්ෂ 7/යි මෝඩයෝ ඉන්න කම් අපිට හොදා. (බ)
නරක වැඩ නොකර සිටීම හොද දෙයක් තමා (ම)
නදීක මට ඔයා ගැන සැකයි (බ)
උප්පැන්න සහතිකයෙන් බොදුනුවන් වූ මිනිසුනේ. හිතන්න කාලයයි මේ. දේව සංකල්පය මිනිස් මනසට ඇතුල් කර කරන වෙළදාමක් මේ. මත්පැන් ,මස් ආහාරයට නොගෙන ඉන්න පිළිවන් නම් හොඳයි. කාන්තාවන්ට අකැප යයි කියන්නේ ඉන්දියානු බමුණන්ගේ අදහසක්. මත්වතුර සහ මස් ගිල දමා ශබ්ද නගමින් වනාන්තරය මැදින් ගමන් කරත්දී අලි කලබල වෙන එක සාමාන්‍ය දෙයක්.කතරගම දෙවියන් වැසි දවසක වල්ලි අම්ම මුණ ගැසුණු වෙලාවේ මේ අලියා කොහෙද හිටියේ. මේ ඉන්දියානු බමුණන්ගේ කාලය නොව නව ලොව දකින මිනිසුන්ගේ කාලයයි. (බ)