2016-09-12-ent-16

රිතික් රෝෂන් රඟන අලුත්ම සිනමා පටය වන "කාබිල්" චිත්‍රපටය එළැඹෙන ජනවාරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපටයක්. කෙසේ වෙතත්, එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සංජය ගුප්තා සේම එහි නිෂ්පාදන බරපැණ දැරූ රිතික්ගේ පියා වූ රාකේෂ් රෝෂන්ද මේ වනවිට මෙම චිත්‍රපටය එම දිනයේදී ප්‍රදර්ශනය කරන්නේද? නැද්ද? යන්න සාකච්ඡා කරමින් පසුවෙන බව වාර්තා වෙනවා.

එයට හේතුව පෙන්වා දෙන "සන්ටා බන්ටා" වෙබ් අඩවිය පවසන්නේ රාකේෂ් මෙන්ම සංජය ගුප්තාද මෙලෙස දින වෙනස් කිරීමට උත්සාහ ගන්නේ එදිනම සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ "රායිස්" චිත්‍රපටය තිරගත වීමට නියමිත නිසාවෙන් බවයි.

කෙසේ වෙතත්, ෂාරුක් ඛාන් සිය "රායිස්" චිත්‍රපටය තිරගත කරන දිනය වෙනස් කිරීමට උත්සාහ නොකරන අතර, ඉන්දීය චිත්‍රපට මණ්ලඩලය "කාබිල්" චිත්‍රපටය සඳහා වෙනත් දිනයක් ලබාදීමට උත්සාහයක් නොකරන බවද සඳහන්.