දමිළ සිනමාවේ තවමත් සුපිරි වීරයා ලෙස සැලකෙන රජිණිඛාන්ත් රංගනයෙන් දායක වෙන "කබාලි" චිත්‍රපටය තිරගත වන දිනය මේ වනවිට කල්ගත වූ බව "ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබ් අඩවිය සඳහන් කරනවා. එය ජුලි 15 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබුණ නමුදු, %කබාලි^ චිත්‍රපටය මේ වනවිට ජූලි 22 වැනිදා දක්වා කල්ගත වූ බව සඳහන්.
මෙම චිත්‍රපටය මෙසේ තිරගත වීමට කල්ගත වී ඇත්තේ "කබාලි" චිත්‍රපටය දමිළ, තෙළිගු, හින්දි, ජපන්, චීන, මැලේසියානු හා ඉංග්‍රීසි භාෂාවලින් හඬ කැවීමට මේ වනවිට කටයුතු කරමින් සිටීමයි. එමෙන්ම චිත්‍රපටය ඉන්දියාවේ හා විදෙස් රටවල් කිහිපයක සිනමා ශාලා 2000කට වඩා වැඩි ප්‍රමාණයක එක්වර ප්‍රදර්ශන කිරීමටද සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මෙම චිත්‍රපටයේ රජිණිඛාන්ත් සිය සැබෑ ස්වරූපයෙන්ම රංගනයෙන් දායක වන අතර, රාධිකා අප්තේ මෙහි ඔහු සමගින් ප්‍රධාන චරිතයට දායක වී තිබෙනවා. "කබාලි" චිත්‍රපටය චෙන්නායි නගරයේ ජීවත් වූ දොන් කබාලිෂ්වරම් නමැති ප්‍රසිද්ධ පුද්ගලයා වටා ගේතුණු කතාවක් පදනම් කරගෙන නිර්මාණය කර තිබෙන්නෙක්.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
'කබාලි' කල් යන ලකුණු