
(රන්ජන් කටුගම්පොළ)
ග්‍රීක බැඳුම් කරවල රුපියල් බිලියන 1.8 මුදලක් ආයෝජනය කිරීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ත්‍රී පුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවෙන් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු මහ බැංකු අධිපති ආචාර්ය අජිත් නෙවාඩ් කබ්රාල් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකොට තිබූ අභියාචන පෙත්සම කබ්රාල් විසින් අද ඉල්ලා අස් කර ගනු ලැබිය.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ය විනිසුරු මඩුල්ලක් හමුවේ පෙතසම කැඳවිණ.
මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩිලා න් රත්නායක මහතා කියා සිටියේ අපරාධ විධාන සංග්‍රහයේ 201(1) යටතේ මේ සම්බන්ධයෙන් නඩුව පවතින ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අයදුම් පතක් ගොනුකොට ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති මෙම අභියාචන පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවයි අධිකරණයෙන් ඊට අවසර ලැබිණි.
ග්‍රීක බැදුම්කර වල රුපියල් බිලියන 1.8 ක් ශ්‍රී ලංකා මුදල් ආයෝජනය කිරීමෙන් රජයට පාඩු සිදු කරන ලදැයි හිටපු මහ බැංකු අධිපති ආචාර්ය අජිත් නෙවාඩ් කබිරාල් මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබූ බවද ඉන් පසුව අධි චෝදනා පත්‍ර ඉවත් කර ත්‍රි පුද්ගල මහාධිකරණයක් හමුවේ යළි නඩු පවරනු ලැබූ බවද විශේෂ අභියාචන පෙත්සම සඳහන් වේ.
දෙවනි වර අධිචෝදනා පත්‍රය ගොනුකරනු ලැබුවේ දූෂණ විරෝධී පනතේ වෙනත් විධිවිධාන යටතේ බවත් මෙයාකාරයකට අධිකරණ බල අධිකාරියන් දෙකක නඩු පැවරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් මූලික විරෝධතාවයක් ත්‍රී පුද්ගල මහාධිකරණයහමුවෙ ඉදිරිපත් කළත් එම විරෝධතාවය ප්‍රතික්ෂේප කළ බවද පෙත්සමෙ සඳහන්ය.
එබැවින් අදාළ මුලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීම බලරහිතකර කර විත්තිකරු නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විශේෂ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd