තමාගේ යටතේ ශ්‍රි ලංකා මහ බැංකුවේ සිදුවූ ගනුදෙනු හා ජනවාරි අටවැනිදායින් පසු මහ බැංකුවේ සිදුවු ගනුදෙනු ගැන සාකච්ඡා කිරිමට ප්‍රසිද්ධ සංවාදයකට පැමිණෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කරන බව මහ බැංකවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
පසුගිය දා සිදුවූ බව කියන බැදුම්කර නිකුත් කිරිමේ අක්‍රමිකතාව ශ්‍රි ලංකාවේ දැනට සිදුවූ ලොකුම මංකොල්ලය බවත් ඔහු පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තයා හොරකම් නැති හොඳ නායකයෙක් (නි)
සීඝ්‍රයෙන් ප්‍රසාරණය වන මූල්‍ය කෂේත්‍රය තුළ අද වන විට බැඳූම්කර වෙළඳපළ යන්න ඉතා ප්‍රචලිත මෙන්ම අත්‍යවශ්‍ය අංගයකි. ශ්‍රී ලංකාවේ බැඳූම්කර වෙළඳපල 1990 දි ආරම්භ වූ අතර එය වර්තමානයේ භාණ්ඩාගාර බැඳූම්කර සාංග්‍රාමික බැඳූම්කර යන ණය උපකරණ වර්ග දෙකෙන් සමන්විතය. භාණ්ඩාගාර බැඳූම්කර රජයේ භාණ්ඩාගාරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තූමේන්තූව විසින් දෙසතියකට වරක් වෙන්දේසි මාර්ගයෙන් නිකූත් කරනු ලැබේ. භාණ්ඩාගාර බැඳූම්කර නිකූත් කිරීමේ අරමූණ වන්නේ රාජ්ය වියදම් සදහා මුදල් සැපයීම හා ණය සුරැකුම් වෙළඳපල සංවර්ධනය කිරිමයි. සංග්‍රාමි බැඳූම්කර පෞද්ගලික අංශය විසින් ඔවුන්ගේ අරමුදල් සපුරා ගැනීම සඳහා නිකුත් කරන අතර ලංකාවේ 1996 දී ප්‍රථම ප්‍රසිද්ධ සාංගමික ණයකර නිකුතුව සිදුවිය. අද වනවිට වෙළඳපල යටිතළ පහසුකම් වර්ධනය හා තාක්ෂණ වර්ධනයත් සමග නිර්ලේඛණ ගත අයුරින් බැඳූම්කර නිකුත් කිරීම සිදුකෙරේ. සියල්ල පරිගණක ගත කොට ඉතා කෙටි කාලයක් හා ගනුදෙනු කිරිමේ හැකියාව අද ඇත (නදී)
හිටපු අධිපතිවරයා අභියෝග කල යුත්තේ වත්මන් අධිපතිවරයාට මිස අගමැතිවරයාට නොවේ.(නදී)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
බයවෙන්න එපා කබ්රාල් මහත්තයෝ (නි)
අභියෝග බාරගන්න එතුමා පසුබට වෙන්නේ නැහැ (නි)
උගත් වුණත්,කිසිම අචාරධර්මයක් නැති වෘත්තියක්. රටට වැඩක් නෑ. ග්‍රීක බොන්ඩ් ගැනත් මෙයාගෙන්ම අහන්න ඕනේ.(ම)
මීයෝ දගලද්දී සිංහයෝ ගණන් ගන්නවද.? (ර)
ඔය වාද වලින් මහජනයාට ඇති වැඩේ මොකක්ද? දෙදෙනාම තර්ක කරගන්නවා. එපමණයි වෙන්නේ.ජනතාවට ඕනෑ වාද නොවේ. (නි)
අභියෝගය සතුටින් බාරගන්න මහත්තයෝ (නි)
දැන් ඉතින් කාට කාටත් මහජනතාවට උත්තර දෙන්න වෙයි (නි)
කාගෙ කාගෙත් සෙල්ලම් අපි දුටුවා. තමාට යම් බුද්ධියක් තිබේනම්, එම බුද්ධිය රටේ සම්පත් හොරාකන්න යොදවනවා නම් ඒක මහා පාපයක්. (නි)
ඉතාමත් හොඳ අභියෝගයක් වගේම කාලීන මාතෘකාවක්, (ම)
බුදුදහමේ තිබෙන 'අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා' යන්නට අනුව ඉතා පිරිසිදු මහත්මයෙකු ලෙස නමක් දමාගෙන සිටි අය අමාරුවේ වැටුනේද 'අපායසහායක මිත්‍රයෙකුගේ' කටයුත්තක් නිසාය. (නි)
ඒක හොදයි බලමු එයිද කියලා. (ර)
බලමු කවුද දිනන්නේ කියලා (නි)
මම නම් කියන්නේ රනිල් මහත්තයා මේ ආරාධනාව බාරගන්නවාමයි (නි)
ඉල්ලගෙන කන්න වගේ යන්නේ මෙයා. (ර)
රනිල් මහත්තයා මේක බාරගනීවි (නි)
එතකොට ඔය පිරමිඩ සෙල්ලම් ගැන වාද කරන්න කාටද ආරාධනා කරන්නේ මහත්තයෝ (ම)
වැරදි නොකළ කිසිවෙකු නොමැත (නි)
ඔන්න දැන් විනිවිද බාවය රනිල්ගේ හොඳට පේනවා. මෙයා කියනවා අරලිය ගහ මැදුර පරික්ෂා කරන්නලු ඡන්දය ඉවර වෙනකල්. අනේ මහත්තයෝ කියන්නකෝ මහා බැංකුවත් පරික්ෂා කරන්න කියලා කොහොමද බොන්ඩ් සෙල්ලම උනේ කියලා. අපි හැමෝම එ්ක තමයි බලා ගෙන ඉන්නේ. (නදී)
දැන් අපිට තියෙන්නේ වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්න (නි)
හොරුන්ගේත් හොරු කම්බ හොරු කියන්නේ නිකන් නෙමෙයි. (නි)
සමහරු බැඳුම්කර පිළිබද දන්නා දෙයකුත් නැහැ. ඔහේ කියවනවා. මුලින් ගිහින් ඉගෙනගෙන එන්න ඒ සම්බන්ධව (නි)
දේශපාලනයට ලැජ්ජාව අනවශ්‍ය වේ (ම)
අපි බලමු රනිල් මහත්තයා මොකද කියන්නේ කියලා (නි)
මොනවද මේ වෙන්න යන්නේ? (නි)
ග්‍රිසියේ සල්ලි දාලා කළ පාඩුව (ම)
රනිල් කියන්නේ අවංක දේශපාලඥයෙක් (නි)
මේවා නීතිය හමුවේ ඔප්පු කරන්න. අභියෝග වැඩක් නැත. (නි)
අපි බලමුකෝ! වැරැද්දක් කර නැත්නම් කාටවත් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
ඡන්ද කාලේ අපේක්ෂකයන්ට ප්‍රසිද්ධ විවාද වලට එන්න පුළුවන්ද? (නි)
රනිල් මහත්තයෝ,ආරාධනාව බාරගන්න (නි)
රවී මහත්තයත් කාටදෝ අභියෝග කළා නේද? ඔන්න වෙලාව මහත්තයෝ.දැන් පුළුවන්නේ නිදොස්බව පෙන්නන්න (නි)
දිලීප් , ඒ කියන්නේ යහපාලනෙන් කිසිම හොරකමක් වෙලා නැද්ද ? (ර)