එක්සත් ජාතික පක්ෂයේ නව සභාපති ලෙස කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා පත් කෙරෙතියි එක්සත් ජාතික පක්ෂ ආරංචි පවසයි.
ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ඉල්ලා අස් වීමත් සමඟ පුරප්පාඩු වී තිබෙන සභාපති ධුරයට කබීර් හෂීම් මහතා පත් කරන ලෙසට විවිධ පාර්ශව වලින් යෝජනා ඉල්ලීම් ලැබී ඇතැයි දැන ගන්නට ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අයට ඕනෑවට වැඩිය බලතල දුන්නම වෙන දේ දන්නවනේ? (නි)
ඔය කව්රු ගියත් පත්කළත් වැඩක් නැහැ රනිල් නායකත්වයේ ඉන්නකල් මම මීට කලිනුත් කීවේ රනිල් කවදාකවත් මේකෙන් යන්නේ නැහැ කියා. (ස)
ඉතාමත් ප්‍රියමනාප උගත් දේශපාලඥයෙක්. අපිට ජාති බේද වැඩක් නැහැ (නි)
කවුරු ආවත් ප්‍රතිළුලය එක නම්.. (ස)
දැන් ඉතින් අපිට ඡන්දෙ දෙන්න වෙන එක ගැන තීරණයක් ගන්න වෙනවා (නි)
එතකොට එක්සත් ජාතික පක්ෂය මුස්ලිම් පක්ෂයක් වෙලාද? සිංහල අපිට පක්ෂයක් නැද්ද? අයියෝ අපිට වෙච්ච දේ...! (නි)
කවුරු වුණත් සියල්ලෝම ලාංකිකයෝ (නි)
ලාංකිකයන්ගේ ඡන්දෙන්නේ ඔහු ඉදිරියට ආවේ (නි)
හොද මුස්ලිම් නායකයෙක්. කාලයේ හැටියට රනිල් මහතාගේ ඉතා හොද තීරණයක් කියලයි මගේ නම් අදහස! (නි)
මංගල එදා කිවුවා හරි. රනිල්ට බෑ, පක්ෂය කාලා ගෙදර යයි. (ස)
ඔබතුමා පක්ෂ නායකකමටත් සුදුසුයි යන්නයි මට හිතෙන්නේ (නි)
ඉතාම හොඳ තීරණයක් (නදී)
උගත්, ප්‍රියමනාප සහ සිංහල අයටත් වඩා හොඳට සිංහල කතා කරන, නිහතමානී කෙනෙක් !!!! එතුමා පත්කලොත්, පත් කරන අයටත්, එතුමාටත් සුබපැතුම්!!! (ස)
එක හොද තීරණයක් උගත් මහත්තයෙක්(දිල්)
ඉමිතියාස් මහත්තයාට තැනක් දෙන්නේම නැද්ද?(දිල්)
හොද නායකයෙක්. කාලයේ හැටියට රනිල් මහතාගේ ඉතා හොද තීරණයක් කියලයි මගේ නම් අදහස! (නි)
අපි හැමෝම මෙයාලට යටත්වෙලා ඉදිමු. දෙවියන්ගේ කැමැත්තනේ (නි)
එකත් එහෙමද ? තවත් වසර දොළහක් විතර බලා ඉන්න වේවි.(නදී)
මුස්ලිම් ජනතාව ගැන හිතල මුස්ලිම් නායකයෙක් පත් කරපු එක ගැන සතුටුයි. (ස)
පක්ෂ ජ්‍යෙෂ්ඨත්වය,සංයමය,පළපුරුද්ද සහ අනෙකුත් සියලු සාධක මත වඩාත් සුදුස්සා ඉමිතියාස් බකීර් මර්කර් මැතිතුමා බව මගේ මතයයි (නි)
හොද නායකයෙක්. කබීර් හෂීම් මැතිතුමාට සුබ පැතුම් (නි)
ඔහු මුස්ලිම් උනාට හොඳට සිංහල දන්නා කෙනෙක්.ඒත් ලොක්ක එතනම වගේ. (ස)
දෙයියන්ගේ කැමැත්ත (නි)
නිලුපුල්,ඔව් අනේ! දැන් ඒ පක්ෂයත් මුස්ලිම් පක්ෂයක් වෙලානේ. (නි)
කාට තනතුරු දුන්නත් එක් කෙනෙකුට ජනතා මනාපේ කොහෙත්ම නැහැ.ඒක නිසා සදාකාලික විපක්ෂයක තැන මොකටද? (නි)
කෝ අර කලබල සේනාව? (නි)
කබීර් හෂම් ඇමති කාලේ මම ඔහු ළඟ වැඩ කලා. හොඳ මහත්මා ගුණ තියෙන නායකයෙක්. ඔබට සුභ ගමන්. (ස)
සරි සරි ජාතික සභාපති තනතුර හිස්...පළාත් ජාතික සභාපති අලුත් මුණක්. ළඟ එනවා. මම කවුරුවත් පාවා දෙන්නේ නෑ (නදී)
ජාතික ඡන්ද දායකයා ජාතික මහා නායකයා තෝරා ගැනීමේ ඊ ළඟ ඡන්දය ට ජාතික සාමාජිකයන් බඳවා ගනියි. (නදී)
එහෙම උනොත්, කලකට පස්සේ හරි එක්සත් ජාතික පක්ෂය සුදුසු පුද්ගලයෙකුට සුදුසු තැනක් දුන්න කියල හිතාගන්න පුළුවනි.(නදී)
මේ රටේ නැවතති ජාති බේද අවුස්සලා මිනි මරන්න හදන අයට රනිල් දුන් හොද ආදර්ශයක්. දැන්වත් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි. යුද්දෙන් වෙඩි කාපු මිනිස්සු අපි (නි)
නිමය මනුස්සයෙක්. (ස)
කවුරු වුණත් තනතුරකට සුදුසු පුද්ගලයෙක්. උගත්කම,අලුතින් හිතන,යමක් කරන්න පුළුවන් මහත්මයෙක්. (නි)
සැබෑ නායකයෙක්.. හොඳ බුද්ධිමතෙක්..නිහතමානි නායකයෙක්.. (ස)
කබීර් හෂීම් කියන්නේ, පාර්ලිමේන්තුවේ ඉන්න ඉතාමත්ම දක්ෂ, උගත් පුද්ගලයා.පාට, පක්ෂ, ආගම් ඉවත් කරලා මේ වගේ මිනිස්සු කීප දෙනෙක් උඩට ගත්තේ නැත්නම්, හැමදාම කරන බාල වැඩ ගැන කතාකරන්න විතරයි අපට වන්නේ. කබීර්, පේරාදෙණිය වී.විද්‍යාලයෙන් ආ ආර්ථික විද්‍යාවට පළමු ශ්‍රේණියේ සාමාර්ථයක් තිබෙන ඇත්ත ආර්ථික විශේෂඥයෙක්. නිකම් ටයි දාගෙන, කොළඹට වෙලා බාගෙට ඉංග්‍රීසි කතා කරන ආර්ථික විශේෂඥයෝ කියලා කියා ගන්න මනුස්සයෙක් නෙමෙයි.කබිර්ට භාෂා තුනම ඉතාමත්ම ලස්සනට හසුරුවන්නත් පුළුවන්. (නි)
බලතල තියෙන්නේ මොන සභාපතිටද? නායකත්ව මණ්ඩල සභාපති, පක්ෂ සභාපති, කෘත්‍යාධිකාර මණ්ඩල සභාපති...? (නි)
අපිට අවශ්‍ය උගත් බුද්ධිමත් වැදගත් නායකයින්. කබීර් හසීම් මැතිතුමාට අපේ සුබ පැතුම් (නි)
කබීර් හෂීම් යනු උගත් කවුරුත් පිළිගන්න හොඳ මහත්මයෙක්. දැන්වත් හැම පක්ෂිකයෙක්ම එකට එකතුවී රට ඉදිරියට ගෙන යාමට අධිෂ්ඨාන කරගත්තොත් පක්ෂයත් ගොඩ නගාගෙන රටත් ඉදිරියට ගෙන යා හැකිය. (ස)
කබීර් හෂීම් මන්ත්‍රීතුමාට පෙර දොස්තර කලීල් හා ඒ. සී . එස් හමීඩ් මහත්වරුත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූර දැරුවා. නමුත් හොඳ බුද්ධිමත් මහත්මා ගුණ තිබෙන නියම දේශපාලන නායකයෙක් තමයි කබීර් හෂීම් කියන්නේ. සභාපතිකම කබීර් හෂීම්ට දුන්නට සමහර අය අන්තවාදීව ඔවුන්ගේ අදහස් පළ කරලා තිබෙනවා. නමුත් එකක් දැන ගන්න, සභාපතිකම දුන්නට කිසි දෙයක් කබීර්ට කරන්න බැහැ. කරන්න පුළුවන් දේවල් සීමා සහිතය්. අද ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ගෙන් වැඩි කොටසක්ම එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගිය අය නේද? දේශපාලකයන් තමයි 1948 ඉඳලා අද වෙනතුරු රට කන්නේ. (නි)
මොනව කළත් අහවලා ඉන්නකන් හැමදාම එකම ප්‍රතිඵලය තමයි (නි)