පනාමුර හීන්දළු වත්තේදී කබර හුනකු රුපියල් ලක්ෂ 10 කට විකිණිමට ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පනාමුර පොලීසිය කියයි.

වියලි කළාපයේ ගස් ගල් අතර ජීවත් වන කබර හුනා දුර්ලභ සතෙකි.

සුරතලයට ඇති කිරීම සඳහා මෙවැනි සතුන් පිටරැටියෝ මිලට ගනිති.