(අංජුල මහික වීරරත්න)
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා වෙනුවෙන් විදේශ ගත වෙද්දී සිය පවුලේ සාමාජිකයන්ට ද රජයෙන් ගුවන් ගමන් ටිකට් පත් ලබා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා මේ අවස්ථාවේ ඉදිරිපත් නොකිරීමට තීරණය වී තිබේ.
ඉකුත් සතියේ ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් වූ යෝජනා මාලාවක් සංශෝධනය කොට නැවත එවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මගින් කැබිනට් ලේකම්වරයාට උපදෙස් නිකුත් කර තිබිණි.
මීට අමතරව අධ්‍යපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ ආදාර්ශ පිලිතුරු පත්‍ර සැකසීම වෙනුවෙන් ගාස්තුවක් රජයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත ගෙවන අතර ඊට බදු අය නොකරන ලෙසට ද ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම් අතර වේ.
පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම වෙනුවෙන් ආචාර්යවරුන්ට වසර හත බැගින් වූ නිවාඩුවක් අවස්ථා දෙකක දී හිමි වන අතර බහුතරයකට මෙය ශිෂ්‍යත්වයක් ලෙස හිමිවේ. එහිදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද විදේශගත වන බැවින් එම අවස්ථාවලදී පවුලේ සාමාජිකයන්ට ද රජයේ වියදමින් ගුවන් ටිකට්පත් ලබා දෙන ලෙස ඉල්ලීමක් ද ඉදිරිපත්ව තිබේ.
එසේම ඔවුන්ට හිමි දීමනා වලින් බදු ඉවත් කරන ලෙසත් විශ්ව විද්‍යාල උපකුලපතිවරු සම්මුඛ පරික්ෂණ පවත්වා පත් නොකරන ලෙසට ද ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත. මෙහිදී ජනපතිවරයා දැනුම් දී ඇත්තේ සනාතන සභාවෙන් නම් තුනක් යොමු කළහොත් ඉන් එක් නමක් තමන්ට පත් කළ හැකි බවයි.
විශ්ව විද්‍යාල සමිති සම්මේලනයේ යෝජනා මාලාවක් ලෙස මෙම ලියවිල්ල උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කැබිනට් අනුමැතිය වෙනුවෙන් පැමිණ ඇති අතර එය සංශෝධනය කර යොමු කරන ලෙස ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් ලේකම්වරයා වෙත යොමු කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා වෙනුවෙන් විදේශ ගත වෙද්දී සිය පවුලේ සාමාජිකයන්ට ද රජයෙන් ගුවන් ගමන් ටිකට් පත් ලබා නොදෙනවා සේම නිදහස් අදයපනයෙන් අදයපනය ලැබීම පිණිස විදෙස් ගතවන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නැවත පැමිණ ලංකාවේ වසර 10ක් හෝ සේවය කිරීමට සහ උපාධි පාඨමාලා අදයපනය අවසානයේ නැවත ඔවුන්ව නැවත ලංකාවට එවීමට එකග තත්වයක් එම රටවල් සමග ඇතිකර ගතයුතුවේ.
පවුලේ සාමාජිකයොෙත් රට පැටෙව්වහම ඔක්කොම එහේ නතරවේවි. ජනතා මුදලින් ආචාර්ය උපාධි කළොත් අවම වශයෙන් අවුරුදු 7 ක් වත් ජනතාවට සේවය කරන්න අවශ්‍ය විදියට නීති සකසන්න.
යකෝ...මොන රටේද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට රට යන්න මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් නොමිලේ ගුවන් ටිකට්පත් ලබා දෙන්නේ. මාත් රජයේ විශ්වවිද්‍යාලයක හිටපු ආචාර්යවරයෙක්. හිටපු හින්දා දන්නවා මුන්ගේ පිනට කන්න තියෙන ජරා ඇබ්බැහිවීම කවදාක්වත්ම යවන්න බැහැ කියලා. පිනට හැමදේම ලබාගෙන තව බදු ගෙවන්නත් බැහැ කියන්නේ මුන් නම් මහා කුනුම කුණු ලොභයෝ ටිකක්.
විශ්ව විද්‍යාල කියන්නෙත් අපේ රටේ තියෙන හොර ගුහවන්ගෙන් එකක් . ඔය කියන තරම් ශුද්ද වන්ත කමක් බොහොමයක් ආචාර්ය වරුන්ගේ නැහැ . රාජකාරි වෙලාවේදී කීදෙනෙක් ටියුෂන් කරනවද? පොත් ලියනවද? ඒ පොත් ටියුෂන් ගුරුවරුන් එක්ක ඩිල් දාගෙන විකුණනවද? ඇත්තටම සතියකදී පැය කියක් වැඩ කරනවද? අධ්‍යන වැඩ කියල තමන්ගේ පෞද්ගලික වැඩ කරගන්නවද? රට හදන්න කතාකරන්න කලින් තමන් ආදර්ශමත් විදියට වැඩ කරන්න ඕනේ. ඔවුන්ටත් ජීවත්වෙන්න ප්‍රමාණවත් වැටුපක් ගෙවන්න ඕන.ඔවුනුත් අනෙකුත් රටවල වි වී ආචාර්යවරුන් වගේ තවත් එක්තරා සේවකයින් පිරිසක් විතරයි කියල තේරුම් අරගෙන ජිවත්වීමට ඔවුන් වගබලාගත යුතුයි . එතකොට ඉබේටම ඔවුන්ට හිමි ඇගයීම සමාජයෙන් ලැබේවි . රජයේ ඒකාබද්ද අරමුදලෙන් වැටුප් ගෙවන සෑම කෙනෙකුම නියමිත අදායම් සිමාවෙන් ඉහල ලබන අදායමට බදු ගෙවිය යුතුයි. එසේ නොවන්නේ නම් රටේ අනෙකුත් පුරවැසියන් පමණක් බදු ගෙවීම අසාධාරණයි . විභාග දෙපාර්තමේන්තුවට පුලුවන්වෙන්න ඕන ජාතික අධ්‍යාපන ආයතනය සම්බන්ධකරගෙන උසස්පෙළ ප්‍රශ්නපත්‍ර සකස්කිරීම වගේ වැඩ කරගන්න . මේවට වී වී අචර්යවරුම අවශ නැහැ . නමුත් මේවා යට තියෙන ආර්ථික වාසි නිසා ඇත්ත වසාගෙන බොරුව ඉස්මතුකරනවා .
තනි මතයට නොගොස් කැබිනට් එකෙන්ම ඔය සංශෝධන ගත්තනම් තමයි වඩාත් සුදුසු . නොඑසේ නම් මුදල් අමාත්‍යංශයේ සලකා බැලීමේදී කෙරෙන සංශෝධන ලෙසයි ගතයුතු වන්නේ.
උසස් පෙල පිළිතුරු පත්‍ර ඇගැයීම් විතරක්ම නොවෙයි , ප්‍රශ්න පත්‍ර හැදීමත් නවත්වන්න වගේ හදන්නේ .
රටේ මිනිසුන්ට දැන් මේ අයගේ පවුල් නඩත්තු කරන්ටත් වෙලා තියෙන්නේ.
දේශපාලකයන්ට හපන් මේ නිලධාරින්, උගතුන් යැයි කියා ගන්නා අය. ඔක්කොම රජයෙන් නොමිලෙ බලාපොරොත්තු වෙන්නෙ. ඉතිං කොහෙද රටකට සල්ලි ඉතුරැ වෙන්නෙ!
විශ්ව විද්‍යාල ආචාර්යවරු මොනවද මේ යෝජනා කරන්නෙ. රට මේ තරම් වැටී, මිනිසුන් සාගතයෙන් මිය යද්දී ඔවුන්ගේ යහපත පමණද බලන්නෙ.
උගත්තු කියන අය මෙහෙම ඉල්ලීම් කරනවා නම අනෙක් අය ගැන කුමන කතාද?
මොවුන් ලිඳම ඉහළයි නතර වෙන්නේ...!
කරන උපාධියක් ලංකාවේ කරගන්න කියන්න... මේ ගොල්ලන් කියන විදිහට ලංකාවේ විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය හොඳයිනේ...?
ගවේෂණයශීලි පත්‍ර කලාවක් සහ පුවත්පත් කලාවේදීන් නිර්මාණය කල යුතුව ඇත. නැතිනම් ජනතාව තවදුරටත් දේශපාලන සාක්ෂර භාවය තුළ ගිලීයාම නැවැත්විය නොහැක.
ඇත්තටම මේ වගේ අයට බදු ගහන්න ඕනෑ තවත්...