(ඩයනා උදයංගනී)
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ඇති නිසා කැබිනට් ඇමතිවරු ඊට පක්ෂව ඡන්දය භාවිතා කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම සංශෝධනය සම්බන්ධයෙන් තමන්ට කැමති ආකාරයෙන් ඡන්දය භාවිතා කිරීමේ නිදහස මන්ත්‍රීවරුන්ට තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයතට පිළිතුරු දෙමිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය ජනතාව බලාපොරොත්තු වන ආකාරයෙන් ඉෂ්ඨ වේ යැයි විශ්වාස කරන බව ද ඇමතිවරයා කීවේය.
එකම පක්‍ෂයේ වුවත් මන්ත්‍රීවරුන් අතර, පරස්පර අදහස් තිබිය හැක බව ද ගුණවර්ධන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2022 වසරේ ඔක්තෝබර් 7 දින තීරණය අනුව ඔක්තෝබර් 20 සහ 21 දින දෙක 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද විවාදය ගැනීමට තීරණය කර තිබේ