(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කාබනික පොහොර ලෙස  වැව් වල පස් හා අපද්‍රව්‍ය ගොවි ජනතාවට සැපයීමට මෙවර මහ කන්නයේ දී කිසිවෙකුට ඉඩ නොදෙන බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

2022/23 මහ කන්නයේ දී සියයට 70ක්  රසායනික පොහොරත්, සියයට 30ක් කාබනික පොහොර වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙන අතර ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය .

 වැව්වලින් කපා ගත් පස් හා අපද්‍රව්‍ය පසුගිය කාලයේ මෙන් කාබනික පොහොර ලෙස ගොවි ජනතාවට අලෙවි කරන්නට මෙම මහ කන්නයේ දී ඉඩ ලැබෙන්නේ නැතැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.