( නාලක සංජීව දහනායක)
කාබනික ගොවිතැනෙහි නිරතවන ගොවීන් සඳහා කාබනික පොහොර නොමිලයේ ලබාදීම සඳහා වන චක‍්‍රලේඛය කෘෂිකර්ම ආමත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව කුඹුර අක්කර දෙකහමාරක් සඳහා රුපියල් දහ අටදහසක් වටිනා පොහොර සහනාධාරයක් සහ කුඹුර අක්කර පහක් සඳහා රුපියල් තිස්හය දහසක පොහොර සහනාධාරයක් ලබාදෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ලබන මාස් කන්නයේ සිට ගොවීන් සඳහා කාබනික පොහොර සහනාධාර ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මේ වනවිට ගොවීන් පන්දහස් දෙසීයක් පමණ කාබනික ගොවිතැනෙහි නිරතව සිටින බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවේ ඇති කප්පරක් වැරදි අතර කලාතුරකින් අහන්නට ලැබුණු හොද දෙයක්... අගය කරනවා සාර්ථක වේවා කියා පතනවා මතු පරපුර වෙනුවෙන්...
කාබනික පොහොර ලබාගැනීමේ ක්රමවෙදයත් දැනුම් දෙන්න.