(නිමල් ජයරත්න)

 
පොළොන්නරුව, වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ සිට වැලිකන්ද දක්වා ධාවනය කරමින් තිබූ කැබ් රථයක්, සිංහපුර 11 කිලෝමීටර් කණුව ආසන්නයේ දී  අද (15) දහවල් වේගය පාලනය කරගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන කුඹුක් ගසක වැදි සිදුවූ අනතුරකින් කැබ් රථය පැදවූ රියැදුරු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.


මෙම අනතු‍රෙන් මියගොස් ඇත්තේ අංක 154, සූරියවැව සිංහපුර ලිපිනයේ පදිංචිව සිටි 54 වියති කේ.ඩී. වසන්ත උදයසිරි කටුපිටිය යන අය බව පරීක්‍ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි. 

අනතුර සිදුවන විට කැබි රථයේ හයදෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ අනෙක් පස්දෙනාද පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

තුවාල ලැබූවන් අවුරුදු 21 ත් 25 අතර වයසේ පසු වන්නන් වන අතර ඔවුන් වැලිකන්ද සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.

අධිකරණය කටයුත්තක් සඳහා පොළොන්නරුව දක්වා ගමන් කරමින් සිටියදී මොවුන් අනතුරට මුහුණපා ඇති බව ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.