(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකන් එයාර්  සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේන මහතා සිය දිව් හානි කර ගැනීමට අල්ලස් කොමිසම වගකිවයුතු යැයි  හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

ඔහු එසේ පැවසුවේ  අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මේ අනුව ඊට වගකිවයුත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කළ යුතු බවද  වීරසේකර මහතා සඳහන් කළේය.

කපිල චන්දෙසේන මහතා ඇපපිට නිදහස් වූයේ දින පනස් හයක් රිමාන්ඩ්  බන්ධනාගාරයේ  දස දුක් විඳ  බවත්  නඩුව අවසන් වන තුරු යළිත්  රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අල්ලස් කොමිසම  ඉල්ලා සිටීම හේතුවෙන් ඔහු දැඩි මානසික අව පීඩනයකට  පත්වන්නට ඇති බවත් හිටපු අමාත්‍යවරයා කීය.