(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් නිලධාරීන් ලෙස වෙස් වලාගෙන පැමිණ වෛද්‍යවරයකුගේ දියණිය සහ බිරිඳ පැහැරගෙන රුපියල් කෝටි 10ක කප්පම් මුදලක් ලබාගැනීමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අද (22) අතඅඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය කියයි.
අත්අංඩගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අතර දේවාලයක කපුවෙකු ද සිටින බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා සමඟ බෝම්බ සෑදීමට යොදාගන්නා වෙඩි බෙහෙත්, සේවා නූල් සහ යකඩ බෝල විශාල ප්‍රමාණයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ කපුවාගේ පුතා සහ වෛද්‍යවරයාගේ දියණිය මීට වසර දෙකකට පමණ පෙර කලුතර ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබා තිබේ.
විදුහලේ පැවැති සහතික පත් ප්‍රදානයකදී වෛද්‍යවරයාගේ දියණිය අංශ කිහිපයක් යටතේ සහතිකපත්‍ර රැසක් දිනා ගැනීම සහ කපුවාගේ දරුවා දක්ෂයකු වුවද ඔහුට පාසලෙන් කිසිම ඇගයීමක් ලබානොදීම හේතුවෙන් අමනාප වූ ඔහු මෙය සැළසුම් කළ බව පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇතැයි පොලීසිය කියයි.
සැලසුම පිළිබඳව දොඩංගොඩ පොලිසියට ලැබූණු තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැළසුම ව්‍යර්ත වුවහොත් බෝම්බක් පුපුරුවා බිරිද සහ දියණිය ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවද අනාවරණය වී ඇත.ප්‍රධාන සැකකරු වන කපු මහතාගේ දුරකතය පරීක්ෂා කිරීමේදී පොලිස් නිලඇදුමින් සැරසුණු ඡායාරූප තිබී සොයාගෙන ඇත.
සැකකරුවන් දෙදෙනාගෙන් පැය 48ක් රැදවුම් නියෝග මත ප්‍රශ්න කරන බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් අමනාප වෙයි කියලද කොහෙද? මොන දේවාලයේ කපු මහත්තයද කියලා දාලා නැහැ. ඒ හින්දා අපි පොදුවේ හිතට ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි දෙවියෝ කුණුවෙච්ච පලතුරු ගිලින්නේ නැති හින්දා පූජා වට්ටිවලින් කපු මහතුන් පෝසත් නොකරන්නත්, දෙවියන්ට අවශ්‍ය කුණු පලතුරු හෝ පඬුරු නොව පින් පමණක් ම වන හෙයින් බුදුන් වැඳීමෙන් පසු දෙවියන්ට පින්දීම හොඳටම ප්‍රමාණවත් බවත්ය. දෙවියන් පින් ලැබීමෙන් සතුටට පත් වී තමන්ට පින් දුන් නරයින්ට උදවු කරනවා වගේම කුණු පලතුරු වට්ටි වලින් තමන්ට අපහාස කළ නරයින්ට දඬුවම් දෙන්නත් ඉඩ තියෙනවා කියන එකත් මේ පුවතින් අපට ඉගෙන ගත හැකි පාඩමයි.
කපුවා කපෝති...
දේවල ගානේ යන අය මේ 21 සියවසේත් ඉන්න එක ගැන දුකයි.
මොන තරම් පහත් අදහස් තියෙන මිනිස්සුද ?? පාසලෙන් ගන්න කුසලතා සහතික වලින් අනාගතයක් තීරණය වෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න තරම් මේ අයට බුද්ධියක් නැති වෙද්දී කොහොමද කපු කම් කරන්නේ ? මෙහෙම මිනිහෙකුගෙන් දෙවියන්ගේ උදව් ගන්න යන මිනිස්සුන්ට මේක හොද පාඩමක් ...
මේ වගේ අයට සදහටම සිර දඩුවම් දෙන්න ඕනේ.
කපුවා කපෝති...