මනාලියක කැන්දන් ඒමට මිනිපේ මොරයායේ හඳගනාවට යන විට මනාලිය පෙර දින රාත්‍රියේ සිය පෙම්වතා හා පැනගොස් සිටි නිසා මගුල කථාකළ කපුවාගේ 14 හැවිරිදි දියණිය කැන්දන් ගියේය. ඊට පැය කිහිපයකට පසු මනමාලයා අත්අඩංගුවට ගත්තේය. මනාලිය රෝහල් ගත කරනු ලැබීය. බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි මනාලයා ද, ඊට අනුබල දුන්නැයි මනාලයාගේ පියා ද, කපුවා ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.