ශාන්තිකර්මයක් කරවා ගන්නට ගිය කාන්තාවක හා ඇගේ නැගණිය කෙළෙසූ බව කියන නාරම්පනාව බුළුවේ මුදුනේ කපුවෙක් තෙල්දෙණිය වැඩබලන මහේස්ත‍්‍රාත් එස්.බී. මඩුගල්ල මහතා විසින් දෙසතියකට රිමාන්ඞ් කරනු ලැබීය. චමින්ද ලංකා (39)  නම් මේ කපුවා අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ පන්විල පොලිසිය විසිනි.