කලකිරීම් හා පංගුපේරු කාගෙන මැරෙනතුරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ඉන්න බව ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ලේ දී පැවසීය.
මාතලේ දිස්ත්‍රික් ශ්‍රීලනිප බල මණ්ඩලයේ රැස්වීමක් අමතමින් ඔහු පැවසුවේ තමා පක්ෂය හැර දා යන්නේදැයි බොහෝ දෙනා අසන බවයි.
‘මම ටී බී තෙන්නකෝන්ගේ පුතා. අපේ තාත්තටත් කැපිලි කෙටිලි තිබුණා. ඒත් පක්ෂයෙන් ගියේ නෑ. මටත් එහෙමයි. මාත් යන්නේ නෑ. ‘
රැස්වීම අතරතුර නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ද පැමිණියේය.
ජනක බණ්ඩාර ඇමැතිවරයා එවිට පැවසුවේ මෙතෙක් කල් මාතලේ දිස්ත්‍රික්කයේ ගැටුම් ඇති වූයේ එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ නොවන බවයි. ඒ ගැටුම් සියල්ලම ගට ගත්තේ අපේ පක්ෂය ඇතුලේ. මා ඉල්ලා සිටින්නේ දැන්වත් ඒ ගැටුම් අවසන් කර සමඟ වන ලෙසයි.
ටික වේලාවක් එහි රැඳී සිටි නියෝජ්‍ය ඇමැති වෙනත් රාජකාරියක් සඳහා යන බව පවසා පිටවී ගියේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘කැපිලි තිබුණත් මැරෙනතුරු යන්නේ නෑ‘
බක්ති Wednesday, 22 October 2014 10:26 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගියොත් ඉතින් කාගේ පිහිටක්ද?(හේ)
දයා අලහාකෝන් Wednesday, 22 October 2014 11:34 AM
අම්මේ මේක දාලා ගිහින් කොහොමද ? (නදී)
රොබින් Thursday, 23 October 2014 01:50 AM
දේශපාලනයේදී මෙවැනි දාල නොයන කතා මිනිසුන්ට හොඳට පුරුදුයි. (නි)
සත්‍යයා Thursday, 23 October 2014 02:09 AM
යු .එන්.පී එකයි ශ්‍රී.ල.නි.ප යයි කියන්නේ එකම වහළයක් යට තියෙන කාමර දෙකක් වගෙයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
සුරංග මුදියන්සේ Wednesday, 22 October 2014 12:22 PM
බණ්ඩාරය ! බිය නොවන්න, ඔබ ගෙදර යවනා සැටි දඹුල්ලේ අපි දන්නෙමු. ලොකු හාමුදුරුවන්ගේ අසිර්වාදයද අප සතුය. පක්ෂය ඇතුලේ තැනක් නැති බව පිළිගැනීම , මරුවිකලෙන් දෙඩවීමක් වැන්න. (නදී)
පිටිගල මිලානෝ Wednesday, 22 October 2014 01:12 PM
කපල නෙවෙයි මේ අයව වාෂ්ප කරලවත් යවන්න බැරි ජාතියක්. (නදී)
සුනෙත් Wednesday, 22 October 2014 01:33 PM
යනවට වැඩිය හොඳයි ගඟේ මුදේ පැන්නා නම්. (නදී)
සේනාදීර Wednesday, 22 October 2014 01:36 PM
මේක දාලා ගියොත් මහපාරේ තමා.. (නදී)
මහේෂ් Wednesday, 22 October 2014 05:00 PM
මෙන්න නියම මිනිස්සු! (නි)
සමරේ - (ගාල්ල) Wednesday, 22 October 2014 08:15 AM
ඔබ මුදුන් මුලක් තියෙන මිනිහෙක්. ඔබේ ප්‍රතිපත්තිවලට ගරුකරනවා.(හේ)
ධාරංග Wednesday, 22 October 2014 09:20 AM
ඇමතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගියොත් එය ඔහු සිය පියාණන්ට කරන මදි පුංචි කමක්.(හේ)
චාමර Wednesday, 22 October 2014 07:55 PM
මේ වගේ බොහොමයක් ඉන්නවා. ඉදිරියටත් කාගෙන ඉන්නමයි බලන්නේ. (නි)