කලකිරීම් හා පංගුපේරු කාගෙන මැරෙනතුරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ඉන්න බව ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ලේ දී පැවසීය.

මාතලේ දිස්ත්‍රික් ශ්‍රීලනිප බල මණ්ඩලයේ රැස්වීමක් අමතමින් ඔහු පැවසුවේ තමා පක්ෂය හැර දා යන්නේදැයි බොහෝ දෙනා අසන බවයි.

‘මම ටී බී තෙන්නකෝන්ගේ පුතා. අපේ තාත්තටත් කැපිලි කෙටිලි තිබුණා. ඒත් පක්ෂයෙන් ගියේ නෑ. මටත් එහෙමයි. මාත් යන්නේ නෑ. ‘

රැස්වීම අතරතුර නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ද පැමිණියේය.

ජනක බණ්ඩාර ඇමැතිවරයා එවිට පැවසුවේ මෙතෙක් කල් මාතලේ දිස්ත්‍රික්කයේ ගැටුම් ඇති වූයේ එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ නොවන බවයි. ඒ ගැටුම් සියල්ලම ගට ගත්තේ අපේ පක්ෂය ඇතුලේ. මා ඉල්ලා සිටින්නේ දැන්වත් ඒ ගැටුම් අවසන් කර සමඟ වන ලෙසයි.

ටික වේලාවක් එහි රැඳී සිටි නියෝජ්‍ය ඇමැති වෙනත් රාජකාරියක් සඳහා යන බව පවසා පිටවී ගියේය.