(දයාරත්න ඇඹෝගම)
මැදවච්චිය ගල්කඩවල රජයේ රක්ෂිතයේ ගල් තලාවක නිධානයක් ගැනීමට උත්සහ කළ යුද හමුදා කෝප්‍රල්වරයකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගජසිංහපුර ප්‍රදේශයේ හමුදා කදවුරකට අනුයුක්තව සේවය කරන 35 හැවිරිදි හමුදා සෙබළකු හා වහමල්ගොල්ලෑව,පුලියන්කුලම,අලුත්ගම දර්ගා නගරය හා පදවිය පරාක්‍රමපුර පදිංචි වයස අවුරැදු 30,35,45 හා 56 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් පස් දෙනෙකි.
මොවුන් ගල්කඩවල රජයේ රක්ෂිතයේ නිදන් ලබාගැනිමේ අරමුණින් කැනිම් කරන බවට පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය විසින් එම ස්ථානය වටලා සැකකරැවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් නිදන් හෑරිමට භාවිතා කළ විදුලි ජනක යන්ත්‍රයක්,අලවංගු,උදළු කිහිපයක්ද මෙහිදි අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd