(ඉන්දිකා රාමනායක)
කල්පිටිය කල්කුඩාව ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක යමින් සිටි ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂයක කප්පමක් ඉල්ලා කොල්ල කෑමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ භටයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ අජිත් රෝහණ මහතා පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පාලවිය අනු ඒකකයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි ගුවන් භටයින් තිදෙනෙකි.
මොවුන් පෙරේදා (6) කැබ් රථයකින් මෙම ත්‍රිරෝද රථය පසුපස හඹා විත් මෙම රුපියල් ලක්ෂයක මුදල ඉල්ලා කොල්ල කෑමට තැත් කර ඇති බවට පැමිණිලිකරුවන් කල්පිටිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හමුදාවේ ඇතැම් අයගේ පාර්ට් ටයිම් වැඩ බව පොලිසිය නොදන්නවාද?
රණවිරුවන්ට අත නොතබනු...!!!