කොටි සංවිධානයේ හිටපු අවි සැපයුම් කරු බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපීගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස අභියාචනාධිකරණය අද අගාමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
අධිකරණය එම නියෝගය කළේ ජනතා විමුක්ති පෙරමුණ ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.
කොටි නායක ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු සංවිධානයේ නායකත්වයට පත්වූයේ කේබී බව කියති.
නම් කිහිපයකින් විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් ඔහුට ඇතැයි දැනගන්නට ඇත.
අධිකරණයෙන් නිකුත් කැරුණු විවෘත වරෙන්තු මත අන්තර්ජාතික පොලිසියෙන් අත්අඩංගුවට ගත් කුමරන් පද්මනාදන් පසුගිය රජය සමයේ ලංකාවට ගෙන එනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන පිවිතුරු අදහසක් නැත්තේ මොකද පිවිතුරු? (හේ)
ආ, එයා තාම ලංකාවේද ?(හේ)
කේපීගේ මුදල් වලට යටවුණු අයට දඩුවම් දෙන්න .කේපිට රජකාලේ දඩුවම් දෙන්න. උල තිබ්බත් මදි .(හේ)
බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ කේ.පී. අත්අඩංගුවට පත්වනතුරුයි.මේක තමයි ලංකාවේ දේශපාලනය. (නි)
මොන බල පත්‍රයද තහනම් කරන්නේ .තව නම් වලින් ඇතිනේ නේද(දිල්)
කලකදී රස කලකදී වස වෙනවාලු (දිල්)
රට නොවෙයි නෙවෙයි මෙයා යවන්න තියෙන්නේ කරලා තියෙන දේවල් වලට (දිල්)
වැරදි කර තිබේ නම් අත්අඩංගුවට නොගන්නේ මොකද? (ර)
කොටි සංවිධානයේ හිටපු අවි සැපයුම් කරු බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපීගේ වත්කම් මේ වෙනකොට කවුරු අයිති කරගෙනද කියලා රටේ ජනතාව දැන ගන්න කැමතියි.(හේ)
කොටි සංවිධානයේ හිටපු අවි සැපයුම් කරු බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපීගේ වත්කම් වලින් තමයි සමහරු හත්මුතු පරම්පරාවම නිවන් දක්කාගෙන තියෙන්නේ.(හේ)
මොකෝ කොටි සල්ලි කියලා නම කොටලා තියෙන එකක්ද?(හේ)
රටම නිදහස් කර ගත්තු ජාතික වීරයා ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ බත් කන්නත්,කොටි සංවිධානයේ හිටපු අවි සැපයුම් කරු බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපී සැප විදින්නත් හේතුව හෙළි කරන්න.(හේ)
මොහුගේ මුදල් වලට පසුගිය රජයේ බොහෝ දෙනෙක් මොහු ගාව දන ගසා සිටියා , (හේ)
මොන නමින් තියන පාස්පෝර්ට් එකෙන්ද යන්න බැරි.(හේ)