‘මොණරාගල දිස්ත්‍රික්කයේ දුප්පත්කමේ ප්‍රතිශතය වසර පහකට පසු අද සියයට 20.8ක් වෙලා. දැන් ඇවිත් වැසිකිළි පෝච්චි බෙදනවා, උදලු තල බෙදනවා, බකට් බෙදනවා. ඇයි වැසිකිළි පොච්චි බෙදන්නේ? මෙහේ ජනතාවට කක්කුස්සි පොච්චි නැති නිසා. ඇයි උදලු තල බෙදන්නේ? මෙහේ ජනතාවට උදලු තල නැති නිසා. ඒ කිය්නනේ මොණරාගල දිස්ත්‍රික්කයේ බහුතර ජනතාවට උදලු තලයක් ගන්න, කක්කුස්සි පෝචිචියක් ගන්න වත්කමක් නෑ. ඒ තරමට අපි දුප්පත්. දුප්පත්කම සංකේතවත් කරන්න තමයි මේවා බෙදන්නේ.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා බිබිල මැදගම පැවැති ජනහමුවක දී කීවේය.
‘යුද්දෙ තියෙන කාලේ සීනි කිලෝ එක කීයද? අම්මලාට මතක ඇති රුපියල් 42යි. දැන් කීයද? 122යි. වෙනම සීනි ඇමැති කෙනෙකුත් ඉන්නවා. හරිනම් වෙන්න ඕනෑ සීනි කිලෝ එක රුපියල් 20ට විතර අඩු වෙන්නයි. හාල් රුපියල් 85යි. බස් ගාස්තු වැඩියි. ලයිට් බිල් වැඩියි. ජීවත් වෙන්න බැහැ. ජීවන වියදම ඉහළයි. අපේ ජීවිත අපේ ශරීර ඇවිදින ඇටසැකිලි වෙලා. හෙට අනිද්දා බලා ගන්න පුළුවන් අර කාපට් පාරේ ඇවිදින ඇටසැකිලි. ණය අරගෙන කාපට් පාරවල් හදලා ඒවට ගිනි පොළිය ගෙවනවා. ඉතින් බඩු මිල ඉහළ යන එක අහන්න දෙයක්ද? ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යයාගේ අදහස මටත් හිතුනා. (නි)
සත්‍යයා වැඩ කරන්නේ කාලගුණ දෙපාර්තමේන්තුවේද? නැත්නම් ජ්‍යොතිෂ්‍ය ගුරෙක් ළඟද? (නි)
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා බිබිල මැදගම පැවැති ජනහමුවේදී නම් කිවුවේ සුපිරි කතාවක් (නි)
ඉස්සර අපේ හමුදා කඳවුරක් බිඳ වැටෙනකොට කොළඹින් අතිරේක බලඇණි යවනවා වගේ ඡන්දෙ තිබෙන ප්‍රදේශ වලට අතිරේක බලඇණි යවලා ඇති. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ. (නි)
දුප්පත්කමට එක හේතුවක් තමයි බීමත්කම. අපේ මිනිස්සු වැඩි දෙනෙක් පුරුදුවෙලා ඉන්නේ හැමදේම නිකන් ලබාගන්න. සල්ලි වියදම් කරන්න කැමති නැහැ. වියදම් කරන්නේ අරක්කුයි, සිගරට් බොන්නයි. බඩුමිල ඉතිහාසයේ කවදාවත් අඩුවෙලා නැහැ. (නදී)
කාපට් පාරවල් ටික කඩලා දාන්න ඕනෑ. අධිවේගී මාර්ග ටික විනාශ කරලා දාලා මිනිසුන්ට කොහේවත් යන්න බැරි විදිහට වැඩ කරන්න ඕනෑ. ආපහු අපි ගල් යුගයට යන්න ඕනෑ. දියුණු වෙන්න හොඳ නැහැ. ආයෝජකයො ගෙන්න ගන්න හොඳ නැහැ. ණයට අරන් එදා වේල කන්න නැතුව අන්තර්ජාලයේ ඉන්න අයට බෙදලා දාන්න ඕනෑ.එතකොට තමා හොඳ. ලෝකේ දියුණු රටවල් ගැන දැනගන්න තියන්න හොඳ නැහැ. (නි)
අපි සාක්ෂරතාවය අතින් ඉහළයි කිව්වට, අනේ මන්දා! කාටවත් ඇත්ත පෙනෙන්නේ නැහැ. මම අනුර කුමාර, විජිත හේරත්ලා අදහන්නේ දෙවියන්ටත් වැඩිය ඉහළින්. (නි)
ඕවා ගත්තාට මොනවා වෙන්නද මහත්තයෝ? ඕවා බලන්න තරම් මිනිසුන්ට අද වෙලාවක් නැහැ (නි)
ඔය බෙදා දෙන දේවල් ඇත්ත නම් හැම අවුරුද්දකම ඡන්දෙ තියෙනවා නම් කොතරම් හොඳද? අඩුම ගානේ ජනතාවට ඔය වගේ දේවල් නිකන් ලබාගන්න පුළුවන්. කීයක් හරි ඉතුරු කරගන්න පුළුවන්. (නි)
විජිත හේරත් සහෝදරයාව අපි පාර්ලිමේන්තු ඇරියා, ලක්ෂ ගණන් මනාප දීලා. එහෙම දුන්නේ නිකන් නෙමෙයි. රට ඉදිරියට අරගෙන යන්න (නි)
බොහෝ අඩු අදායම් ලබන අය තමයි වැඩිපුර අරක්කු බොන්නේ.ඉතින් කන්න සල්ලි නැහැ තමයි.බිරිය, ළමයි බඩගින්නේ. හැමදාම නැති බැරිකම්. ජේවීපීය ආවොත් අපිව පණපිටින් දිව්‍ය ලෝකයට අරගෙන යාවි. ලදදෙයින් සතුටුවන්න. ඔය කවුරු ආවත් බඩුමිල අඩුකරන්න බැහැ. (නි)
පොඩ්ඩක් බදුල්ල, මොණරාගල ඇතුළට ගිහිල්ලා බැලුවා නම් තේරුම්ගන්න පුලුවන් තත්ත්වය. (නි)
ලෝක කුඩු හොරා හිතන් ඉන්නේ කුඩු, ගංජා, කසිප්පු, ගණිකා දුන්නම කන්න අවශ්‍ය නැහැ. ඒ හින්ද වැසිකිලි අවශ්‍යතාවයක් වන්නේ නැහැ. ඕව බෙදන්නේ මල් පෝච්චි කියලයි. (ස)
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා බිබිල මැදගම පැවැති ජනහමුවේදී නම් කිවුවේ සුපිරි කතාවක්. ලංකා පොලවේ පය ගහල ජීවත් වෙලා ඉන්න අපි හැමෝටම වටිනා කියන කතාවක්. (නදී)
මෙහෙම ජනතාව දැනුවත් කරනකොට ජවිපෙට ගුටිනොකා ඉන්න පුලුවන්ද? (නි)
ඇත්ත තිත්ත තමයි. නමුත් ඔන්න ඔය සත්‍යා කියල තියෙන දේ තමයි සිදුවෙන්න යන්නේ. (නදී)
හේරත් මහත්තයෝ, ඉස්සර ඔය පැතිවල රට වටේ හන්දි වල තිබුනේ බාගෙට පුච්චන ලද ජීවිත. එහෙම බැලුවාම ඇට සැකිල්ලක් හරි නිදහසේ ඇවිදිනවානම් එ්කත් ලොකු පිනක් නේද. පාරවල් විතරක් නෙවි කාලකන්නි විනාස කරපු රටේ පොදු දේපොලත් ගොඩ නගන්න නය නොගෙන පුලුවන්ද? (නදී)
බොරු කියන්ඩ එපා විජිත මහත්තයා. බලන්ඩ පොඩ්ඩක් ඇස් ඇරලා. අපි ලැම්බෝගිනි, සීසී 1000 මෝටර් බයිසිකල් පදිනවා. පාවෙන වෙළඳ පොලවල් තියෙනවා. කැරකෙන හෝටල් හදනවා. අලුත් කැසිනෝ එනවා තව නොකියපු දේවල් ගොඩක් තියෙනවා. ඔය මොනරාගල මිනිස්සු බොරුවට දුප්පත් කියන්නේ. බලන්ඩකෝ ඡන්දෙ දීපු වෙලාවට මොකද වෙලා තියෙන්නේ කියලා. උදලු තලේට ඡන්දෙ දෙයිද? උදලු තලේ අරගෙන සීනුවට සහ අලියට කතිරේ ගහයිද කියලා. (නදී)
සදුනි,බඩු මිල තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම අනුව.ඔයාට මතක නැද්ද ඉල්ලුම් සැපයුම් වක්‍රවලට, සමතුලිතයට බදුවලින් සහනාධාර වලින් කරන්න පුළුවන් බලපෑම ගැන. ජනතාව නොමඟ යවන්න එපා. (නි)
මොකද ජවිපෙ දිනුවහම බඩු නිකන් දෙන්නද හදන්නේ? ලෝක ආර්ථිකය හැම රටකම දැන් එක වගෙයි. අපිට කියා වෙනසක් නැහැ. (නි)
බඩු මිල තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම අනුව. (නි)
සේනාරත්නට මතක නැද්ද 88-89 කාලය? (නි)
ඒ.ජ.නි.ස හැර අනෙක් සියලුම පක්ෂවල නියෝජිතයින් වෙතටයි. ඔබලා මොනවා කියා ජනතාව අතරට ආවත්, ජනතාව එය පිළිගත්තත් සැප් 20 ඡන්දය පවත්වන්නේ නැහැ. හෙට අනිද්දා ඔතන මරා ගන්න සලස්වල, පොලිසි හා හමුදා කැඳවල යුද පිටියක තත්වයක් කෘතීම විධියට මවල දින නියමයක් නැතිව ඡන්දය කල් දානවා. (අ)
දුප්පත් මිනිසුන් එදත් හිටයා අදත් ඉන්නවා.ඇමරිකාවෙත් ඉන්නවා සව්දියේත් ඉන්නවා.මේ ලොව පවතිනා කල් මේ වෙනස නැති වෙන්නේ නැ.ඉතින් බොරුවට මිනිස්සු බිලි බා ගන්න හදන්න එපා.මේතාක් පැවැති කිසිම රජයක් බඩු මිල අඩු කර නැත.ඒකට හේතුව සියයට රටින් ගෙනල්ල පනහට දෙන්න බැරි නිසා.රතු සායම් මෙලොවින් දැන් හුගක් දුරට සේදී ගිහින් අවසානයි.(අ)
1988-89 කාලේ මෙයාල ඇට සැකිලි පෙන්නුවේ. (නදී)
ඒ ගොල්ලෝ ඔහොම කියනවා. මම අපේ සනුහරේ ඇත්තන්ගෙන් ඇහුවාම අපේ පළාතටනං එහෙම පෝච්චි තියා මොකක්වත් බෙදන්න කවුරුත් ආවේ නැහැ කිවා. මුඛ පිළිකා හැදෙනවා මේ පචවලට අප්පා. (අ)
මෙයාල බලන් ඉන්නේ ජනතාව ඇටසැකිලි බවට පත්වෙලා පාරේ යනකන්. එදා කරපු දේවල් අපිට අමතක නෑ හේරත් මහත්තයෝ. (නදී)
බැරිකම නොහැකියාව වහගන්න පෙන්වන්න හදන යක්කු කියන තරම් කළු නැහැ මහත්තයෝ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරය නම් ඒක තාමත් මේ රජයට තියෙනවා.ඒ හින්දා රජය මැතිවරණ වලින් දිනනවා.ඔය කතා වලින් ඒ යථාර්ථය වළලන්න බැහැ මහත්තයෝ.. (නි)
ප්‍රංසයේ ඉන්න විශ්ව විද්‍යාල වල ඉන්න උගත් දරුවන් ගෙයින් ගෙට ගොස් අසරණ ජනතාව දැනුවත් කරනවා. මෙහේ දරුවන්ට මුහුණ හෝදගන්නවත් පොදු ළිදක් ළඟට තනියම යන්න බැහැ.අංක තහඩු නොමැති ඩිපෙන්ඩර් වලින් ඇවිල්ලා ප්‍රහාර දියත් කරනවා. (නි)
සේනක ද සොයිසා සිරිවර්ධන, සහතික ඇත්ත. (නි)
පසුගිය පොහොය දවසේ වයසක අම්මලාට තාත්තලට බණ පොත්, සිල් රෙදි පවා දීලා තිබෙනවා. අහවල් පක්ෂයට ඡන්දෙ දෙන්න කියලා බණ පොත සමඟ දෙන පත්‍රිකාවෙත් තියෙනවලු.දුකත් හිතෙනවා මේවා අහනකොට. (නි)