හගුරන්කෙත පොරමඩුල්ල බඹරගල දෙල්පත්කඩ මහා මාර්ගය කාපට් ඇතිරීමෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගිය 18 වනිදා විවෘත විය.
27 වැනිදා රාත්‍රී දෙපැයක් වැස්සේය. කාපට්ද සේදී ගියේය.කළු ගල් මතු විය. කාණු කැඩී ගියේය.අයින් සේදී ගියේය.
මහා මාර්ගයේ ගලා වැසි ජලය උතුරා ගොස් පොර මඩුල්ල ප්‍රදේශයේ නිවාස කිහිපයක් ද යට විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේවට කාටවත් දොස් කියල වැඩක් නැහැ.මොකද තාම වැස්සට ඇමති කෙනෙක් පත්කරලා නැහැනේ. එහෙම වුනානම් වැහි ඇමති පිටින් වරද පටවලා වෙච්ච දේ නොවෙච්ච ගානට ඉන්න තිබුනා. (නි)
මං හිතන්නේ නැහැ කාපට් එක සේදිලා කියලා (නි)
බෝපිටිය උස්වැටකෙයියාව පාරත් මේවගේ තමයි. මේක පළාතේ දේශපාලකයන්ගේ වරද. කොන්ත්‍රාත්කරු කොහොම වැඩ කරනවද කියලා ඒ අය බලන්නේ නැහැ. මුලින් තිබෙන අදහස් දැකපුවහම ඇත්තටම අදහස් දාන අය ගැනම ලැජ්ජයි (නි)
ආසියාවේ ආශ්චර්යය! (නි)
ආසියාවේ ආශ්චර්යය බේරෙනවා (නි)
බලාගෙන හොදේ! සමහරවිට රාජ උදහසට ලක්වෙන්න පුළුවන් (නි)
මහේෂ් දන්න දේවල් කතාකරන්න, පාර පටු කරලා කාණු දාල පාර හදනවට මිනිස්සු කැමති නෑ මිනිස්සුන්ට ඕන පාර ලොකුවට හදාගන්න හැම දෙයම බලල පාරවල් හදනවනම් කවදාවත් ගමක පාරවල් හදනවා බොරු,පාරක් හදන්න තියෙන සල්ලිවලින් පාරවල් දෙකක් හදල හැම ගමටම පාරවල් හදල දෙන්න හදද්දී ඔය වගේ දේවල් ගැන සැලකිලි කරන්න බැ (දී)
දැන් අපේ රටේ හැම තැනම පාරවල් හොඳටම හොඳයි. රජය හුඟක් වැඩ කරලා තියනවා. ෆස්රුල් ගෆූර් හරි.ඔබ හැමවිටම හරි දෙය දකිනවා. එක වැරැද්දක් දැක්කහම රටටම බනිනවා. ජාතියටම බනිනවා.මොන බමුණු අදහස් ද තියෙන්නේ. (ස)
වතුර බහින්න කාණු හදන්නේ නැතුව කවුද දන්නේ නැහැ මේක හැදුවේ. අපරාදේ සල්ලි. (නි)
මිලියන ගණනින් ඇස්තමේන්තු පෙන්නලා, ලක්ෂ ගණනින් වැඩ පෙන්නලා අන්තිමේ වෙන්නෙ මේකයි. මේවා අදත් එහෙමයි හෙටත් මෙහෙමයි (නි)
ප්‍රමිතියකට හරියට තාර ටිකක්වත් දාන්න දන්න එකෙක් පාර්ලිමේන්තුවට ලබන සැරේවත් තෝරලා යවන්න. (අ)
අපේ සිරි ලංකාවේ හැමදෙයක්ම ප්‍රමිතියට නැහැ,ආසියාවේ ආශ්චර්යය! (නදී)
අංජන.කේ, ඔබ හරියටම කිව්වා කියලයි මාත් හිතන්නේ. මේ පින්තුර තුන ඇතිනේ සම්පුර්ණ කතාව තක්සේරුකරගන්න. කාපට් එකේ කිසි වරදක් නැහැ. නමුත් දෙපස කානු, ප්‍රමිතියට තියා, කොහොමවත්ම හදල නැහැ. ඉතින් කොහෙන්ද වතුර බහින්නේ? කොන්ත්‍රාත් කාරයෝ බිල් දාන්නේ ගන්නේ බෙදන්නත් බලාගෙන තමයි. මේක පාස් කරපු ඉංජිනේරුවාගෙන් මුළු අලාභයම අයකර ගෙන ඔහු හෝ ඇය සේවයෙනුත් පහකළ යුතුයි. (අ)
මේ ගැන මම හොඳට දන්නා දෙයක් කියන්නම්. මේක ජනාධිපති තුමාගේවත් කරවපු ඇමතිගේ වැරද්දක් නෙවෙයි. මේක කරවපු කොන්ත්‍රාත්කරු විසින් මෙම පාරෙහි වැඩ අවසන් කර නැහැ. මෙහි කානු කපනවට මොහු සල්ලි ගන්නවා. දෙපස පස් පුරවා තැලීමට මොහු සල්ලි ගන්නවා. ඒ කිසිම දෙයක් නැතුව ව්‍යපෘති ඉන්ජිනේරුවා මගින් සල්ලි පාස් කරගන්නවා. මේවා තවත් ලංකාවේ සිද්ධ වෙන දේවල්. (නි)
කෝ මේ ඉංජිනේරු මහත්තුරු? කවුද මේවට වගකියන්නේ දැන්? (නි)
මේ වගේ දේවලට දේශපාලකයන් වග කිවයුතුයි. මොකද මේ වියදම් කරපු සල්ලි ඒ අයගේ පුද්ගලික සල්ලි නොවෙයි. වැරැද්ද කරපු මිනිහා මේකට වන්දි ගෙවිය යුතුයි. (අ)
අහෝ! දේශප්‍රේමීන්ගේ සැබෑ නිරුවත ප්‍රදර්ශනය වේ.රටට ආදරය කරන ලීලාවෙන් දේශප්‍රේමී වෙස්මුහුණු දමා ගෙන මවා පාන ආශ්චර්ය මේකද? (නි)
මේ වගේ දේවල් වලට රටේ දේශපාලකයෝ නම් වග කියන්නේ නැහැ. වැස්සට විරුද්ධවත් කොමිසමක් පත් කරාවිද? විදේශ කුමන්ත්‍රණ,අධිරාජ්ජයවාදී බලවේග ,නැතිනම් මෑතක දී පැමිණි තුන් වැනි පාර්ශවය මේවා වෙන්න ඇති මේ හැම දෙයක්ම කරන්නේ.(නදී)
නිල්, මේවා අද මෙහෙම වුනාට හෙට මෙහෙම වෙන්න දෙන්න බැහැ.මේවට එරෙහිව අපි පෙරමුණ ගත යුතුයි.මොකද මේ සල්ලි පාලකයින්ගේ නොවෙයි. මේ අපේ සල්ලි (නි)
මේ මොකද වෙලා තියෙන්නේ ? (නි)
ඔය කියන තරම් විශාල විනාශයක් සිදුවෙලා නැහැ. මේ පාර දෙපැත්තේ ජලය බැස යන අයුරින් කාණු පද්ධති සාදා නොතිබීම තමා මේකට හේතුව. හනික හගුරන්කෙත පොරමඩුල්ල බඹරගල කියන්නේ දුෂ්කර ගම්මාන. මේ මිනිස්සු ජීවිතේට හිතලා නැතුව ඇති තමන්ගේ ගමට කාපට් අතුරපු පාරවල් ලැබෙයි කියා. කොහොම කොහොම හරි මුලින්ම ලැබුණු දෙයින් සතුටු වෙන්න. මාර්ග සංවර්ධන අධිකාරියට මේ ගැන පැමිණිලි කරන්න. ජනාධිපති තුමාට ස්තුති කරන්න අමතක කරන්න එපා. (නි)
අපේ එක්කනත් සම්බන්ද ඇති.(නදී)
'වැඩ ලස්සනට කරනවා මිසක් ප්‍රමිතියට කරන්නේ නැහැ. ඒකයි හේතුව.අපරාදේ සල්ලි " ප්‍රමිතියකට කොරන්න පළාත් සබා මින්ස්සු ප්‍රමිතියක් දන්නා එකක්යැ ඒගොල්ල දන්නේ සල්ලි වල ප්‍රමිතිය විතරයි.(නදී)
අදහස් ප්‍රකාශ කරලා වැඩක් නැහැ මේවට. ඒ කාලය නිදාගන්න එක හොඳයි. (නි)
"ඊළග ඡන්දෙදිත් උදෙන්ම ගිහිල්ල ගහන්නකෝ කතිරේ .." එම උන්දැට ඡන්දේ නුදුන්නත් එන අනික් අය කොරන්නෙත් ඕකම තමයි. එමනිසා එකකුටවත් නොදී ඉන්න එතකොට ඔබට හිතේවි මම ඔයගොල්ල පත් කරන පාපකර්මය කර නැහැ කියල. (නදී)
අයියෝ සල්ලි! එච්චරයි කියන්න තියෙන්නේ. (නි)
අපේ සිරි ලංකාවේ හැමදෙයක්ම ප්‍රමිතියට නැහැ. අධිවේගී හැදුවා, ඒකේ රැලි සහිතයි. හම්බන්තොට වරාය හැදුවා, ඒකේ ගලක් ලොකු නැව් ගන්න බැහැලු. කොළඹ අලුත් වරායක් මහා ලොකුවට විවෘත කළා ඒක අපිට අයිති නැහැ. ඒක අයිති චීනෙට. හදන පාරවල් වල වෙන නමකින් කොන්ත්‍රාත් ගත්තත් සල්ලි යන්නේ කගේ සාක්කුවටද? පාරවල් හදන්න පාවිච්චි කරන ලොකු යන්ත්‍ර කාගේද? මිනිසුනේ දැන්වත් මේවා තේරුම් ගනිල්ලා. (නි)
ඊළග ඡන්දෙදිත් උදෙන්ම ගිහිල්ල ගහන්නකෝ කතිරේ ... (නි)
අද ඉන්න තිබුනේ ප්‍රේමදාස මහත්තයා. එතුමා ඉන්නකොට හදපු පාරවල් තාමත් හොඳින් තියනවා. එතුමාම හැම වැඩ කරන වැඩ පොළකටම ගිහින් හැමදේම හොයලා බලනවා. එහෙමයි එදා රටේ වැඩ වුනේ. (නි)
අනේ ! කරුණාකරලා පාර හදපු බාස් උන්නැහේගේ නම කවුද කියලා දානවද? අපේ නැන්දම්මාගේ ගෙදරට යන පාර ටිකක් හොඳ මදි, ඒක ටිකක් හදලා දාන්න හිතුනා, ඒකයි. (නි)
කාපට් පාරවල් නොව පොඩි නළ ලිඳක් හැදුවත් ඒවාට කොමිස් මුදලක් ගන්න රටක නේද අපි ජීවත් වෙන්නේ? මහා ලොකුවට සංවර්ධනය ගැන කතා කළාට ඕවා කල් පවතින වැඩ නම් නෙමෙයි. (ස)
හරියට හරි ඉසුරු. මේවා තීරණය කරන්නේ ඉන්ජිනේරුවන් නොවෙයි. ප්‍රාදේශීය සබාපතිලා. කාටද මේවා කියන්නේ? කව්ද මේවා අහන්නේ? (නි)
ජනාධිපති අතින් විවෘතකරපු පාරවල් ඔහොම නම් ප්‍රදේසිය සභා පොඩ්ඩෝ හදල විවෘත කරන පාරවල් කොහොමට හිටීද? (අ)
අනේ මන්දා, මේ බන්දුලය මොන ජාතියේ කෙනෙක්ද කියලා? කිව්වොත් මෝඩ කතාවක් තමයි (නි)
අපි උදෙන්ම ගිහිල්ලා පාර හදපු කට්ටියගේ පක්ෂයට ඡන්දෙ දෙනවා, එතකොට මොකද කියන්නේ? (නි)
මේක පාරේ ප්‍රමිතියේ අඩුවක් නොවේ.වැස්සේ වැරැද්ද.මට පෙනෙන්නේ වලාකුලුත් අපේ සංවර්ධනයට ඊර්ෂ්‍යා කරනවා වගේ.මේවට බැහැ අපේ ගමන නවත්වන්න. (නි)
නුවන් දන්නේ නැති දේවල් කියන්න එපා. පාර පළල් කරනකොට ඔය පැත්තේ මිනිසුන්ගේ ඉඩම් වලින් ගත්ත කොටසට වන්දිවත් දුන්නේ නැහැ. එම සල්ලිත් කවුරු හරි ගහගත්තද දන්නේ නැහැ. (ස)
මුළු පාරම හැදුවත් සමහරුන්ට පෙන්නේ ඔය වගේ ඇද කුද විතරයි (නි)
ඔය වගේ දේවල් රටේ ගොඩක් තැන්වල සිද්ධ වෙනවා. ගනේමුල්ල -කඳාන පාර දැන් අවුරුදු 4 කටත් වැඩි කාලයක් තිස්සේ කි.මී.2ක දුරක් හදනවා. තවම ඉවර නැහැ. අපි හොඳටම දන්නවා වැස්ස ආවගමන් මේ පාරේ ගොඩක් තැන් මේ වගේ හේදිලා යනවා කියලා. ආශ්චර්ය කියලා හිත හදාගෙන ඉන්නේ. (නි)
ෆස්රුල් ගෆූර්, ඔබට ගොඩක් ස්තුති කරනවා. ඔබ බොහෝ විට නිවැරිදි දැක්මක් ඇතුව ලියන කෙනෙක්. සාමාන්‍යයෙන් සිදුවිය හැකි දෙයක් ලොකු වැරැද්දක් විදියට හිතන්න හොඳ නැහැ. අපේ රටේ දැන් ගොඩක් පළාත් වල පාරවල් හොඳට හදලා තියනවා. ඇවිදලා බලන්න. එකක වැරද්දක් දුටුවාම මුළු රටටම බනින එක සමහර මෝඩයින්ගේ වැඩක්. (නි)
මේ පාර ඔක්කොම මෙහෙම වෙලා නැහැනේ (නි)
මේ සෙල්ලම අද ඊයේ පටන්ගත්ත දෙයක් නොවෙයි.ගම් සබා නගර සබා යුගයේත් ඔය ටික ඔය විදිහටම සිදුවුණා. (නි)
පාර හදපු අයගේ වැරැද්දක් නැහැ. කොන්ත්‍රාත් ලැබුණු මුදලින් පුළුවන් විදියට වැඩේ කරලා. මේවට වග කියන්න ඕනෑ ආණ්ඩුව (නි)
අංජන හොඳයි අංජනම් බලන්න. මහජන මුදල් කාබාසිනියා කරන හැටි මේ බත් බැලයින්ට නොපෙනෙන එකයි පුදුමේ. (නි)
මේවගේ දේවල් වලට රටේ දේශපාලකයෝ නම් වගකියන්නේ නැහැ.වැස්සට විරුද්ධවත් කොමිසමක් පත් කරාවිද?විදේශ කුමන්ත්‍රණ,අධිරාජ්ජයවාදී බලවේග ,නැතිනම් මෑතක දී පැමිණි තුන් වැනි පාර්ශවය මේවා වෙන්න ඇති මේ හැම දෙයක්ම කරන්නේ.(අ)
පාර හදපු කෙනාගේ මෑණියන්ව සිහි කරනවා ඇති සෑහෙන පිරිසක්. (නි)
ජයවේවා ශ්‍රී ලංකා... (ස)
දෙවන ඡායාරූපයේ පෙනෙන විදියට නම් පාරේ පසෙක තිබූ ගල්ගොඩක් පස් සමග පාරට ඇවිල්ලා මිසක් කාපට් ගැළවිලා නෙමෙයි (නි)
අනේ අපේ මෝඩ මිනිසුනේ, මේවා කොන්ත්‍රාත්කාරයන්ගේත් වැරදි වුණත් සංවර්ධනයට ලැබෙන මුදල් සියල්ල එයට නොයොදා බාගයක් තමාගේ සංවර්ධනයට තබාගන්න අපේ දේශපාලකයන්ට නම් මුකුත් කියන්න එපාලු.ස්තුති කරන්නලු. (නි)
වැඩේ නම් නියමයි. (නි)
ආ ඕක දැන් විලාසිතාව.. හදනවා ... කැඩෙනවා ... ආයිත් කාටහරි ගම මතක් වුනු ගමන් වෙන කොන්ත්‍රාත්කරුවෙකුට දෙනවා .. එයත් හදනවා .. කැඩෙනවා .. අපි හැමදා දුකේ තමා .. (ස)
වැඩ ලස්සනට කරනවා මිසක් ප්‍රමිතියට කරන්නේ නැහැ එකඊ හේතුව.අපරාදේ සල්ලි (අ)
පාර කිසිම ප්‍රමිතියකට හදලා නෑ. මගේ ගමත් පොරමඩුල්ල තමයි.ජනාධිපතිතුමා එන්න කලින් ඔය පාර හැදුවට හරියටම හැදුවේ නෑ. හොර වැඩ. (ස)
අපේ ගමේ සමහර පාරවල් වලට කොන්ක්‍රීට් දැම්මා.(කානු රහිතව) දැන් හැම තැනම වලවල්.කරන්න කිසිම දෙයක් නැහැ.අනතුරුත් වැඩිවෙලා.උඩහ වතුර පහලට ගලා යන්න ක්‍රමයක් නැහැ. කලින් තිබුන බොරළු පාර කොච්චර හොදද කියල හිතෙනවා.(නදී)
ෆස්රුල් ගෆූර් නොදන්න කතා කියන්න එපා මෝඩයෝ පොරමඩුල්ල - රික්කිල්ලගස්කඩ වන්නියේද ..? පොරමඩුල්ල සෙන්ට්‍රල් එක (පොරමඩුල්ල සෙන්ට්‍රල් කොලේජ් ) රටේ ප්‍රධාන පාසලක් රික්කිලගස්කඩ සීග්‍රයෙන් දියුණු වන නගරයක්. (ස)
අන්ජන.කේ, මේවායෙ කෙරෙන වැඩ සොයා බලන එක දේශපාලන බලධාරින්ගෙ වගකීම.ඔයාලා වගේ පාට කණ්ණාඩි වලින් බලන අයට කිසි දේක වැරැද්දක් පේන්නෙ නැහැ.මෙහෙම විනාශ වෙන්නෙ ජාතික ධනය,නැත්නම් කොහෙ හරි රටකින් ගත්තු ණය.අන්තිමේ ලැබුණු දේකුත් නැහැ. (නි)
ඕකට හේතුව ප්‍රමිතියක් නැතුව ඉක්මනට වැඩ ඉවර කිරීම. හැමෝම ඒක දන්නවා . (නි)
චීනයේ නිෂ්පාදනය කර ඇත.(නදී)
බලන්නකෝ පාර හේදිලා ගිහින් තියෙන්නේ තාප්පයක් ළඟින්. මිනිස්සුන්ට පාර ලොකුවට ඕන.ඒත් තමන්ගේ ඉඩමෙන් ගන්න දෙන්නේ නැ. පාර හදන්න ඉඩ දුන්න නම් ඔහොම වෙන්නේ නැ. පස්සේ බැනුම් අහන්නේ පාර හදපු මිනිස්සු. (ස)
පාරවල් හැදුවට වැඩක් නැහැ. මිනිසුන්ට යන්න ඉඩ නැහැ. මිනිහෙක් හැප්පුනත් ගහන්නේ රියදුරාට.(නදී)
චින්තනය සහ ආශ්චර්යය !!!! (නි)
සමහර වෙලාවට මිනිස්සු පොඩිදෙටත් කුලප්පු වෙනවා (නි)
දෙපැත්තේ නිමාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ.. (ස)
පිටිගල වගේ තමයි මමත්. මම මොකවත් දැක්කෙත් නැහැ මොකුත් කිවුවෙත් නැහැ, මම දන්නෙත් නැහැ. මම නිදි. (නි)
"සමන්ත" - "අය්යෝ සල්ලි" අනේ සමන්ත ගහ ගැන දන්නා අයට කොළ කඩලා පෙන්නන එපා. මම නුවර ටවුමේ (පේරාදෙණිය පාරේ) රීගල් එක ලග. අනේ අපි නොදන්නා සෙන්ට්‍රල්. ඉස්සෙල්ලම සතුටු වෙනවා ඔහෙලගෙ වගේ දුෂ්කර ගම්මාන වලට කාපට් පාරවල් ලැබීම ගැන. අපි නොදන්නා රිකිල්ලගස්කඩ. ෆොටෝ ටික බලනකොට පේනවා වන්නි නොවුනත් වන්නිය වගේ කියලා. (ස)
"ආර්.ඩි.ඒ" අයට මේ ළගකදී පඩි වැඩි කෙරුවේ මෙහෙම පාරවල් හදන්නද (නි)
අපේ අයට පාරවල් හදන්න දෙන්නේ නැතුව මේවත් චීනයටම බාර දෙන්න. (ස)
රෝහණ, පපුවේ තියෙන ජරාව යන්න හොඳ ලය විරේකයක් කරගන්න. (නි)