යුද්ධය පැවැති සමයේ ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර සඳහා අවි සැපයූ බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේ පී සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන මේ මොහොතේ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා අද (19) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
කේපී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණු වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි ගම්ලත් මහතා එලෙස කීවේය.
ඔහු සම්බන්ධයෙන් ගන්නා පියවර ප්‍රකාශ කිරීමට නම් පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර ඇති හමුදාපති ඇතුළු පිරිසෙන් ඒ බව විමසා සිටිය යුතු බව කී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඒ සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලුවේය.
ඒ අනුව පෙත්සම නැවත කැඳවීම ලබන 26 වැනි දාට කල් තැබිණි.
මීට පෙර පෙත්සම කැඳවු අවස්ථාවේ කේපීගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කැරිණි.
කුමරන් පද්මනාදන් හෙවත් කේ පී නම් කිහිපයක් භාවිත කර ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිතයෙන් යාම් ඊම් කර ඇතැයි කියති.
ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත්වූයේ ද ඔහුය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කේපීට කරන දේ කියන්න කල් ඉල්ලයි
සත්‍යපාල Thursday, 19 February 2015 06:51 AM
ඇයි පාර්ලිමේන්තු ඡන්දයෙන් පස්සේ සන්ධානය දිනුවොත් කේ පි ව නැවත නිදහස් කරන්න හිතාගෙන ඉන්නවාද ? (හේ)
දුමින්ද Thursday, 19 February 2015 06:51 AM
හිතලා මතලා කරන්න වේවි.දින 100ක් ඔක්කොටම මදි.(හේ)
සමන්ජය Thursday, 19 February 2015 06:54 AM
යහපාලනයේ වැඩ හරි මන්දගාමියිනේ .(හේ)