යුද්ධය පැවැති සමයේ ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර සඳහා අවි සැපයූ බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේ පී සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන මේ මොහොතේ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා අද (19) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
කේපී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණු වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි ගම්ලත් මහතා එලෙස කීවේය.
ඔහු සම්බන්ධයෙන් ගන්නා පියවර ප්‍රකාශ කිරීමට නම් පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර ඇති හමුදාපති ඇතුළු පිරිසෙන් ඒ බව විමසා සිටිය යුතු බව කී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඒ සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලුවේය.
ඒ අනුව පෙත්සම නැවත කැඳවීම ලබන 26 වැනි දාට කල් තැබිණි.
මීට පෙර පෙත්සම කැඳවු අවස්ථාවේ කේපීගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කැරිණි.
කුමරන් පද්මනාදන් හෙවත් කේ පී නම් කිහිපයක් භාවිත කර ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිතයෙන් යාම් ඊම් කර ඇතැයි කියති.
ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත්වූයේ ද ඔහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පාර්ලිමේන්තු ඡන්දයෙන් පස්සේ සන්ධානය දිනුවොත් කේ පි ව නැවත නිදහස් කරන්න හිතාගෙන ඉන්නවාද ? (හේ)
හිතලා මතලා කරන්න වේවි.දින 100ක් ඔක්කොටම මදි.(හේ)
යහපාලනයේ වැඩ හරි මන්දගාමියිනේ .(හේ)