IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෝප් සභාපතිට මැතිසබේ විරෝධයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් ) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම කාරක සභා රැස්වීම යන අතරේදී  කිහිප අවස්ථාවකදී කටට ඇඟිල්ල තබා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට  විවිධ රහසිගත සංඥා දෙමින්  උත්තර නොදෙන්නැයි ඉල්ලීම් කිරීම  බරපතළ සැකයට තුඩුදෙන කාරණයක් බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරුන්  ඊට දැඩි ලෙස  විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඊයේ(15) පෙරවරුවේ ඇතිවිය.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින කෝප් සභාපති වරයාගේ මෙම ක්‍රියාකලාපය ඇතුළත් වීඩියෝ පටය ගැන සමාජයේ බරපතළ සාකච්ඡාවක් මතු වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද  විපක්ෂනායකවරයා සඳහන් කළේය.



අදහස් (7)

කෝප් සභාපතිට මැතිසබේ විරෝධයක්

de silva Wednesday, 15 November 2023 01:51 PM

රන්ජිත් බණ්ඩාර යනු බොරු කාරයෙකි .කරුණාකර ඔය වැඩේ චරිත හේරත් ට භාර දෙන්න

:       0       71

රංබොඩ Wednesday, 15 November 2023 02:27 PM

එයාගේ බැංකු ගිණුම් ටිකක් හොයලා බැලුවා නම් වැඩේ අහුවෙයි...!

:       0       48

කමල් Wednesday, 15 November 2023 02:33 PM

කළින් හාමුදුරුවොත් ඔය වගේ තමයි...!

:       3       31

Bamunuarachchi Wednesday, 15 November 2023 03:27 PM

ක්‍රිකට් මණ්ඩලය ඉවත් නොවී මේ තරම් හයිකාරකම් පෙන්වන්නේ රනිල් ගේ රජයේ support එක තිබෙන නිසයි.

:       2       25

Dinesh Wednesday, 15 November 2023 07:24 PM

රනිල්ගේ රජයේ ඇමති මණ්ඩලය කාගේද ?

:       0       0

චන්දිම ෆොන්සේකා Wednesday, 15 November 2023 06:19 PM

ඇත්තටම මේ කෝප් කමිටුවක් කියලා කරන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා හිතන්න ඕනෑ. මමත් දැකපු විදියට සභාපති මුලින් මහා සද්දයක් දානවා. ඊට පස්සේ ඔන්න එක ඒක ප්‍රශ්න අහනවා. ඔන්න දැන් හොරකමේ කොටසක් හරි එළියට එනවා. සමහර ඒවා මිලියන ගණන් වංචා බව හොඳට පේනවා, අපි බලන් ඉන්නවා ඒ අයට නඩු දාන තැනට එයි කියලා. සමහර නිලධාරීන්ට කට උත්තරවත් නැතුව තක්කු මුක්කු වෙලා බලන් ඉන්නවා. මොන පිස්සුද ඒවා එහෙමම දෙගොල්ලන් මුහුනෙන් මුහුණ බලන් ඉඳලා ෆයිල් වැහෙනවා. එහෙම නැත්නම් කියනවා මිට පස්සේවත් ඔය වැඩේ හරියට කරන්න වැඩ පිළිවෙලක් කරන්න කියලා කියනවා. හරියට අර ගෝඨාභය ඒ දවස්වල මිටින් කෝල් කරලා නිලධාරීන්ට කිව්වා වගේ. හොරකම් කළ මිනිස්සු හිනාවෙලා හා හා කියලා වාඩිවෙනවා. ඔච්චරයි වෙන්නේ. ඒක හොරෙකුටවත් නඩු වැටිලා තියෙනවද නැහැ. මේ කමිටු කියන්නෙත් මහා නාස්තියක්... අර කොසොල් රජ්ජුරුවෝ දැකපු හීනෙක තිබුනේ හතර අතින් කුළු හරක් පිඹගෙන දුවගෙන සටනට වගේ ඇවිත් ළංවුණාම හින් සැරේ ආපස්සට හැරිලා ගියා කියන කතාව.

:       0       0

රූතන් Thursday, 16 November 2023 04:53 AM

"හොරාගේ අම්මා නඩුව ඇහුව වගේ " කියලා අලුත් ප්‍රස්ථා පිරුලක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site