කෝප් වාර්තාව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාදීමට කර තිබූ ඉල්ලීම පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා අද (23) ඉල්ලා අස්කරගත් අතර ඒ අනුව එම අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමට කොළඹ දිසා අධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා අද නියෝග කළේය.
වගඋත්තරකාර පාර්ශවවලට නැවත ජූලි 30 වැනිදාට පිළිතුරු ලබාදීමට නියෝග කෙරිණු අතර කෝප් වාර්තාවේ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනතුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ආදිය තහනම් කරමින් මෙම අතුරු තහනම පසුගියදා කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ඉල්ලා අස් කරගත්තාට අනිත් පෙත්සම කෝප් කමිටු සාමාජිකයින් උසාවියට ගේන්නම ඕන. මොකද කෝප් කමිටුවේ සෙසු සාමාජිකයින් උසාවි අවම සියල්ල එළිවෙයි කියන බයටයි මෙයා ඉල්ලා අස්කර ගත්තේ (ම)
ලංකාවේ මාධ්‍යය නිහඬ කර ඇති බව නිසැකවම පෙනෙනවා. නමුත් විදේශ රට වල සිටින අපට ලංකාවේ සිදුවන සිදුවීම් දැනගැනීම වාරණය කරන්නට කිසිවෙක් නැත . මාධ්‍ය වාරණය ලංකා ජනතාව මුලා කරන බව නිසැකවම පෙනෙනවා . (ස)
ඡන්ද හින්දද ? මනාප වලටද ? මේවා දැන් මින්ස්සුන්ට තියන්න ලොකුම ප්‍රශ්නය ඔකද.? (ර)
වාර්තාව දිය යුත්තේ කථානායක තුමාට නම්, පලමුව කල යුතු දේ නොකර එම වාර්තාව වෙන අයට නිකුත් කරන්න බැහැ. එහෙම කලොත් නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න පුලුවන්, නේද? දඬුවම බරපතල ඇති. (ර)
අය්යෝ මෙයා අති පණ්ඩිත වෙන්න ගිහින් නිකම් පීචන් වෙනවා. (බ)
මොන විකාරයක්ද.? (ර)
උඩ පැන්නොත් බිම වැටේ (ම)
ලොකු බුද්ධිමතා හොඳටම සවූත්තු උනා. බැරි සිල් නොගනින් අබරෝ කිව්වලු. (ර)