තමාට හා දරු පවුලට පදිංචියට ඉඩමක් නැතැයි කියමින් දමන එක්ගල්ඔය ඒ.ඩබ්ලිව්. ධනසිරි මහතා දමන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ පොල්ගසකට නැග්ගේය. දෙපැයක් කරාලයේ වාඩිවී සිටියේය. අම්පාර මහා දිසාපති නීල් ද ඇල්විස් මහතාගේ උපදෙස් පරිදි දමන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරියකු ඔහුට ලිඛිතව දැන්වූයේ ඉඩමක් නැත්නම් ඉඩමක් දෙන බවයි. රජයේ නිලධරයාට එරෙහිව කළ පැමිණිල්ලද විභාග කරන බව ඔහුට දැන්වීය. ඉන්පසු ඔහු ගසෙන් බැස්සේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලීම් ඵල ලැබෙන්න නම් දැන් දැන් ගස් නැගිම තමයි වඩාතම හොද.(නදී)
මේ වගේ ක්‍රියාකාරකම් කරන පිරිසට ක්ෂණික විසදුම් ලැබුනත් නීත්‍යනුකුලව ඉල්ලීම් කරන්නන්ට ලැබෙන ප්‍රතිචාර ඉතාම මන්දගාමියි. හෙට අනිද්දා වෙනකොට කසිප්පුකාරයෝ ඔක්කොම ගස් නගී. (නි)
පොල්ගස වනාහී තාල වර්ගයට අයත් ගසකි. එයින් විවිධ තාලයේ ප්‍රයෝජන ලබා ගත හැකිය. (නි)
මෙන්න ආසියාවේ ආශ්චර්යය. කාට කියන්නද මේවා? (නි)
දැන් ගෙවල්, ඉඩම් නැති කට්ටිය ඔක්කොම ගස් නගීවි වගේ. මෙහෙමත් ලෝකයක්! (නි)
දැන් හැමෝම ගස් නගින්න පටන් ගනී. (නි)
හෙට මමත් නගිනවා ගස්ලබු ගහකට හරි, කාර් එකක් නැහැ කියලා. ඔන්න ලංකාදීප එන්න ඕනෑ හොදේ. (නි)
ප්රාදේශීය ලේකම්ලා බොහෝ දෙනෙක් කරන්නේ , වැඩ කරන්න නීතිය බලනවට වඩා නොකරන්න නීති වැලක් කියාපාන එකයි.ගරු දිසාපති තුමා මැදිහත් වුණ නිසා, දුප්පතාට පිලි සරණක් වුණා.අනේ දිසාපතිතුමනි, පරණ අයදුම්කරුවන් අතරේ ගස් නගින්න බැරි අයත්,කාන්තා උදවියත් ඇති. ඒ අය ගැනත් සානුකම්පිතව සළකා බැලුවොත් වෙසක් සමයේ ගරු ඔබතුමා කරන මහඟු බලවත් පුණ්‍යකර්මයක්. (නි)
මේ රට කොහෙටද යන්නේ මේ?අර අලි වැටවල් ප්‍රශ්න තියෙන ජනතාවත් කොළඹ ඇවිත් කොහේ හරි බිල්ඩිමක හරි ගහකට හරි නැගලා උද්ඝෝෂණ කලානම් හරි. අලි වැටවල් ටික ගහලා දේවි ඉක්මනට (නි)
ඉන්න හිටින්නවත් තැනක් නැති මේ අසරණ මිනිස්සුන්ගේ කතිරයෙන් කී දෙනෙක් රජ සැප විඳිනවද? එනකොටනම් බයිසිකලයක්වත් තිබුනේ නැහැලු. (නදී)
ඔය තැන් වලට මාධ්‍යය යන නිසා ගොඩක් වටිනවා. නැත්නම් ඉඩම් කෙසේ වෙතත් ගුටි ලැබෙන්නත් ඉඩ තිබෙනවා. (නි)
කොහොම හරි ළමයින්ට ගස් නගින්නයි උගන්වන්න ඕනෑ. එවිට ඔවුන්ගේ සියළුම අවශ්‍යතා එමඟින් ඉටුකර ගනීවි. (නි)
අපිට ඉස්කෝලෙ යන කාලේ ඉගැන්නුවා පොල් ගස තාල වර්ගයේ ගසක් බවත් අහක දැමීමට කිසිම දෙයක් නැති බවත් මිනිසාට අවශ්‍ය දේවල් ලැබෙනවා කියලා. දැන් බැළුවාම ඊටත් එහා යන ලැබීම් තියෙනවානේ. මේ පාර පහේ ශිෂ්‍යත්වය ලියන ළමයි ලියයි පොල් ගහෙන් ඉඩමුත් ලැබෙනවා කියලා.(නදී)
ලංකාවේ අලුත්ම ස්ටයිල් එක (නි)
අපේ දේශපාලුවෝ පුළුවන් තරම් රජයේ කැලෑවල ගස් කපන්නේ ඇයි කියලා දැන් තේරෙනවද? මිනිස්සු ප්‍රශ්න විසඳ ගන්න ඒවාට නගී කියන බයටනේ. (නදී)
ඔය කවුරුවත් ලිස්සන ගසේ නගින්නේ නැහැනේ (නි)
දුප්පත් අනිකුත් ආගම් වල අයට තමයි මුකුත්ම නැත්තෙ,පව්. (නි)
උසස් පෙළ අළුත් විෂය නිර්දේශයේ තාක්ෂණික විෂය ධාරාවට ගස් නැගීමේ විෂය තාම ඇතුළත් කළේ නැතිද? (ස)
මගේ පුතාට පාසලක් නැහැ. මට ගස් නගින්න දන්නේ නැහැ. මම මොකද කරන්නේ.. (ස)
මේවා ආණ්ඩුවේ වැරදි නොව, නිලධාරීන්ගේ නොහොබිනා වැඩ. මෙවන් නිලධාරීන් සෑම කාර්ය්‍යාලයකම ඉන්නවා. මොවුන් අතයටින් මුදල් දෙනතුරු මේවායේ වැඩ නොකෙරෙයි. (නි)
මම හිතන විදියට කියනවා නම් පහුගිය දවස් වල කටුවන ප්‍රාදේශීය සබාවේ තියන පොල් ගසේ එම සබාවේම රස්සාව කරන ගැණු කෙනෙක් නැග්ගා. නමුත් ඔය විදියටම පොරොන්දු දුන්නා. ඊට පස්සේ දවසේ වුණ දේ දන්නෙ නැහැනේ ඔයාලා. ඉතින් මේවා කාට කියන්නද? මේ කෙනාටත් මම හිතන විදියට එම දේම වෙයි කියලා මම හිතනවා. (නි)
මෙච්චර කල් පාරේද හිටියේ? (නි)
ඔන්න ඕකටයි කියන්නේ ඔයවගේ නිලධාරීන් පොල්පිතිවලින් වුණත් කපාගන්න පුළුවන් කියලා. (නි)
අනේ මට ගස් නගින බැහැනේ :( (නි)
ඉඩම දෙන්න පොරොන්දු නිලධාරියාව ගස් බදින්න ඕනේ. නැත්නම් හැමෝම ගස් නගින්න පටන් ගනියි.(නදී)
අපි ඔක්කොම ගස් නගිමුද? (නි)
මේ ගහ උඩ ෆොටෝ එක මෙච්චර පෑහෑදිලිව ගත්තෙ කොහොමද අප්පේ? මාධ්‍යවේදියත් පොල් ගහකට නෑගලා වගේ. මේ ගස් උඩ ඉල්ලීම් වාර්ථාකරන්න මාධ්‍යවේදීන්ටත් ගස් නැගීමේ පාඨමාලා ඉදිරියට වැදගත් වෙයි වගේ (නි)
මටත් ගෙයක් ඉඩමක් නැහැ. හැබැයි ගස් නගින්න දන්නේ නැහැ. මොකක්ද කරන්ඩ ඕනෑ ගෙයක් හදාගන්න? (නි)
ගස්නගින කෙනා අද කෝටිපතියා. ගහකට රුපියල් 60/= ක් සහ ඉඩමක්. මෙහෙම ගියොත් ඉඩම් පිට රට වලින් ගෙන්න වෙයි. (නි)
ගස් නගින්න බැරි මිනිස්සුන්ට මොකද වෙන්නේ ? වහලේ උඩට නගින්නත් බැහැ උළු වහලයක් තියෙන නිසා. උළු කැඩුනොත් අම්ම බනි. වරද අපේ අධ්‍යාපන ක්‍රමයේද? ඇයි අපිට ගස් නගින්න ඉගැන්නුවේ නැත්තේ? (නදී)
පගාව දීගන්න වත්කම නැති කෙනෙක් ගහකට නැගලා හරි වැඩේ කරගත්තම පගා පප්පල ටිකක් බයවෙලා වගේ. නීල් ද අල්විස් මහත්මය කරපු දේ මම අගයනවා. මට හිතෙන්නේ මේකට විරුද්දව අදහස් දාල තියෙන්නේ ඉඩම් මගත්තුරුන් ගේ ගින්දර වලට සම්බන්ද අය.(නදී)
වසා ඔය වහ ටිකක් බොන්න ඉඩමක් ලැබෙයි.(නදී)
මේ විකාර වැඩ නවත්වන්න ඕනේ. කැත්නම් හැම මිනිහම ගස් නගියි ඉල්ලීම් දිනා ගන්න. මින්පස්සේ ඔය ගස් කණු වලට නගින අය ගැන බලන්න එපා. එයාටම එපා වෙලා බිමට බහියි.(නදී)
වසා, එහෙනම් ඔයා ගහ මුල වාඩිවෙලා දන්නා එකෙකුට ගහට නගින්න කියන්න. ඔයා කියනකම් ගහෙන් බහින්නත් එපා කියන්න. වැඩේ ලේසියි නේද ? (නි)