මාතලේ රත්තොට සිට අමු කෝපි මලු වලට යටින් ඉතා රහසිගතව ඒ සමාන මල්ලක සගවා වල්ලපට්ටා කිලෝ නවයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු අද (08) සවස අඩංගුවට අලවතුගොඩ පොලීසිය කියයි.
යටියන්තොට ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් පස් දෙනා, වල්ලපට්ට කිලෝ නවය සමග ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය, වල්ලපට්ට කැපීම සදහා යොදා ගත් පොරෝ තුනක්, පිහි දෙකක් යකඩ උලක් සහ කියතක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේෂ් සෞදි, ඔයාගේ ප්‍රශ්නයට පිළිතුර නම් වල්ලපට්ට ශාකය සංරක්ෂණය කළයුතු ශාකයක් විදියට නම් කළ ගහක්. තෙත් කලාපයේ ස්වභාවික වනාන්තර වල තමයි වැඩිපුර හැදෙන්නේ. තමන්ගේ වත්තේ තිබෙන ගහක් කපන්න පුළුවන්. නමුත් ප්‍රවාහනය කරන්න බැහැ. (නි)
මහේෂ් සෞදි, ඔයා සෞදි වල ඉඳලා මේ අදහස් දාපු නිසා මට නිකන් හිතුනේ මේක. ඔයාත් ඔය වල්ලපට්ට වැඩේට සම්බන්ධයිද? මොකද ඔය අරාබිකරයෙන් තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ මේවට. ලංකාවත් කාන්තාරයක් වුණාට මොකද කීයක්හරි හම්බ කරගෙන, නේද මහේෂ්? (නි)
මට නම් මේ පුවත් ගැන කල කිරීමක් ඇති වෙන්නේ !! හරියට මේ මිනිස්සු සපරදී අපරාදයක් කර වගේනේ ! මට නම් තේරෙන්නේ නේ මේ වල්ල පට්ට තහනම් භාණ්ඩයක් වෙන්නේ කොහොමද කියල ? දුප්පත් මිනිස්සුන්ට කියක් හරි හම්බුකරගන්න ඉඩ දීපල්ලා !!! (අ)