එල්.ටී.ටී.ඊ සංවිධානයේ අවි සැපයුම්කරු කුමරන් පද්මනාදන් හෙවත් කේපී අත්අඩංගුවට ගන්නැයි ජනතා විමක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අභියාචනාධිකරණට ගොනු කළ නඩු විභාගය අද කොළඹ අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඉදිරියේ විභාග කෙරිණි.
එහිදී අධිකරණයට කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ප්‍රියන්ත නාපාන මහතා කේපී සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් මාස 6කින් අධිකරණයට ඉදිරිපත් කරන බව පැවසීය. එහිදී කේපී සම්බන්ධ සිද්ධීන් 193 ක් පිළිබඳ විමර්ශනය සිදු කිරීමට නියමිතය.
කුමරන් පද්මනාදන් හෙවත් කේපීට මෙරටින් පිටවීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන සැප්තැම්බර් 1 වැනිදා තෙන් දීර්ඝ කිරීමටද අභියාචනාධිකරණය නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එච්චර පරක්කු ? දින 100 ක් තුළ මෙයාට පියවරක් ගන්න බැරිද? මේ රජයත් මහජනයා බලාපොරොත්තු විදියට නෙවයි ගමන් කරන්නේ. (දිල්)