කේ.පී ආරක්ෂා කරන බවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට චෝදනා කළ රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිස පැවති ආණ්ඩුව පෙරළා මාස 15 ක් ගතවී ඇතත කේ.පීට අතක්වත් නොතබන්නේ මන්දැයි රත්නපුර දිස්ත‍්‍රික් ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා ප‍්‍රශ්න කරයි.
කේ.පී මැතිවරණ සටන් පාඨයක් කරගත් ජනතා විමුක්ති පෙරමුණත්, ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකාත් මේ ගැන ජනතාවට පැහැදිළි කළ යුතු යැයි හෙතෙම අවධාරණය කරයි.
ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇගිල්ල දිගුවී ඇත්තේ කාටදැයි රජය වහාම හෙළි කළ යුතු යැයිද, ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකව සිටියදී රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශ ඉදිරියේදී සභාගත කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන්නේ යැයි ද ‘‘ලංකාදීප’’ ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අපි පසුකලෙ මොනවගේ සිදුවීම් පිරි බැරෑරුම් කාල වකවානුවක්ද යන්නත් ඉදිරි යුගය කෙසේ යා යුතුද යන්නත් හරි හැටි විමසුන් ඇසින් තේරුම් බේරුම් නොගෙන කතිරයේ හයිය පෙන්නපු අම්බාරුවන්ට අං එන එක සහතිකයි.(ම)
කරුණාට මහින්ද ජනපති එතුමාගේ පක්ෂයේ ලොකුම තනතුරක් පිරිනමා ඔහුට ආශීර්වාද කර වැළඳ ගත්තා. කේ පීව කොළඹ ලොකු රාජ්‍ය භවනක තබා සැතපුවේ කවුද? මේවා අමතක කරමුකෝ. කේ පී ගෙන් ලංකාවට පවරා ගන්නවාය කියාපු නැව් ටිකයි ඩොලර් මිලියන් ගණනක සල්ලියි කොහෙන්ද ඉවර වුනේ? උත්තර තියෙනවද? (බ)
බලන් ඉමු මොකක්ද වෙන්නේ කියලා.(හේ)
තව මොනවා කියන්නද. අපි බලාගෙන ඉමු.(හේ)
කේ පී විතරක්ද?කරුණා,දයා මාස්ටර් ,පිල්ලෙයාන් කට්ටියත් හිටියේ එල්ටීටී එකේ සන්නද්ධ අංශ වල . ඒ අයට විරුද්ධව කිසිම ඇක්ෂන් එකක් තවම නැහැ. මහින්දට බැනපු එවුන් දීපල්ලකෝ දැන් උත්තර. (බ)
ඕකටත් ඉතින් මහින්ද ගාවලා උත්තරයක් දෙයි. මහින්ද යනකොට ෆයිල් අරන් ගියා කියයි. නැත්නම් ෆයිල් නැතිවෙලා කියයි. (නි)
අපිට ඕව මතකයි, පීරිස් මහත්තයෝ, කේපී ගැන විතරක් නොවෙයි. මහින්ද කියන ජාත්‍යාල කතාව ගැනත් එච්චර සද්දයක් නැහැ නේද? ඇයි ඒවත් මතක් නොකරන්නේ? (බ)
අනිත් එක කවුද මේ රන්ජිත්. ප්‍රශ්නයක් තියෙනවනම් ඉස්සර වගේ නෙමෙයි දැන් නඩු දාන්න පුළුවන්. බොරුවට මහින්ද වගේ මයික් ඉස්සරහ වීරයෝ වෙන්න හදන්නේ නැතුව. (බ)
ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් නම්, ගැළවීමේ හමුදාවටවත් සුදුසු නැති කෙනෙක් යුද්ධ කළා නම්, තොප්පිගල වැඩකට නැති කැලෑවක් වගේ පෙනුනා නම්, කිලිනොච්චි යනවිට මැදවච්චියට ගියා වගේ පෙනුනා නම්, අලිමංකඩ යනවිට පාමංකඩ ගියා වගේ පෙනුනා නම්, කේපී, කරුණා, පිල්ලෙයාන් ආදීන් අහිංසක කුකුල් පැටව් වගේ පෙනෙන එක ගැන පුදුම වෙන්න ඕනෑ නැහැ. (නි)
බලය තියනකොට මොලේ නැත (බ)
මහින්දගේ කාලේ ඔවුන් කරපු වැරදි වලට නිත්‍යානුකූලව සමාව දීලනේ තිබෙන්නේ. එහෙම කළාට පස්සේ ඔවුන්ට එම වැරදි වලට දඬුවම් දෙන්න බැහැ (නි)
මේවා ගැන නම් ඉතින් කවර කතාද? (නි)
ඕක පාර්ලිමේන්තුවේදී අධිකරණ ඇමතිගෙන් ඇහුවනම් නේද හොද? පාර්ලිමේන්තුවේ අහන්න ඕන ඒවා පන්සල්වල හන්දිවල , ලිඳවල් ගාව කියවල හරියනවද ? අධිකරණය බාරදී තිබෙන්නේ හිටපු පාලකයන්ගේ යාලුවෙකුටනේ . හැමෝටම ඇප තමයි නැවතත් කවදාහරි ඔවුන්ගේ ආණ්ඩුවක් එනකම් .අපේ මිනිස්සු තවමත් දේශපාලුවෝ අදුරන්නේ නැහැ (බ)
මහින්දට කඩේ යන අය තාම ඉන්නවද? ලැජ්ජයි (නි)
ඔය ප්‍රශ්නය අපිටත් තියනවා. ඒක නෙමෙයි, ඔබතුමාලා ඔය ප්‍රශ්නය දැන් අහන්නෙ කටින්ද? (නි)
මුණසිංහ කියන දේ හරියටම හරි (නි)
මුණසිංහ, ඔබේ කතාව හරි. දේසපාලනය කියන්නේ අද විලිලැජ්ජා නැති රැකියාවක්. ඡන්දය දිනාගන්න දහසක් බොරු කියනවා. බලය රැකගන්න හැම නින්දිත වැඩක්ම කරනවා. (නි)
කේ. පී.? අනේ අපි නම් එහෙම කෙනෙක් ගැන අහලා නැහැ. (නි)
කේ. පී. කියල කෙනෙක් හිටියාද කියලවත් දැන් මට මතක නැහැ (නි)
යු එන් පි / මෛත්‍රී පාලනයේ හෝ පොලිසියේ අදක්ෂතාවය හෝ අකාර්යක්ෂමතාවය හෝ මඟින් පැවති ආණ්ඩුවේ සුචරිතය ඇතිවෙන්නේ නැහැ. නඩුව තාම යනවා. ජවිපෙ වැඩේ අත්හැරලා නැහැ. හොරකම් කරන වේගයෙන්ම ඒවා ඔප්පු කරන්න බැහැ. හොයාගෙන හොයාගෙන යනකොට තව තව දේවල් මතුවෙනවා වෙන්න පුළුවන්. (නි)