(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එම කන්ටේනර් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රේගු නිලධාරීන් ඉතා උනන්දුවකින් ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන්නේ යයි පැවසූ සභාපතිවරයා එම උනන්දුව අනෙකුත් කටයුතු සඳහාද තිබිය යුතු බව ප්‍රකාශ කළේය
මෙහිදී අදහස් දැක්වූ විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න මහතා පැවසුවේ පළුදුවූ දුගඳ හමන ආහාරයට නුසුදුසු ලෙඩ රෝග සෑදෙන සුළු මාළු වර්ග ධාන්‍ය වර්ග හා වෙනත් දේ ආනයනය තහනම් බවට සඳහන් කර තිබියදී මෙම මාළු තොගය මෙරටට ගොඩ බෑමට තීරණය කිරීම ප්‍රශ්න සහගත බවයි.
පොහොර සෑදීම සඳහා මෙම මාළු තොගය ගත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය සැමන් නිෂ්පාදනයවීම හේතුවෙන් සැකයක් මතුවන බවද මෙහිදී සඳහන්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝපා තඹලගම මිනිපේ මින්නේරි මහවැව් වලින් දියවැල් ඇදෙමින් බේරී යයි...
රේගුවේ අය සල්ලි වලට ගූත් කනවා