ශ්රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය පැවැති කාලයේ සිදුකළ පිපිරීම් හා ඝාතන සඳහා යොදා ගත් පුපුරණ ද්‍රව්‍ය සැපයූ ප්‍රධානියා වූයේ කුමරන් පද්මනාදන් බවත්, වහා ඔහු අධිකරණයක් ඉදිරියට පැමිණවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු කොටි ත්‍රස්තවාදීන්ගේ නායකයා වූයේ කේපී බවත්, ශ්‍රී දළදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරය, රජිව් ගාන්ධි ඝාතනය ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඔහු ජාත්‍යන්තර පොලිසියේ වරෙන්තු කරුවකු බවත්, ඔහුට නිදැල්ලේ හැසිරීමට ඉඩ දීම බරපතල අපරාධයක් බවත් රණවක මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ගරුකරන ප්‍රධාන චරිතයක් තමයි ඔබතුමා. නමුත් කණගාටුයි චම්පික, ඔබත් අනෙක් දේශපාලකයන් ගණයට ඇතුළත්වීම ගැන. (නි)
අපරාධකාරයින් නීතිය හමුවට ගෙන ආ යුතුයි (නි)
මේවායින් පාඩුව කාටද ඉතින්? (නි)
මෙතුමාට දැන්නේ මේ සේරම මතක්වෙලා තියෙන්නේ (නි)
අනේ! කේ.පී. මොකුත්ම දන්නේ නැතුව වෙන්න ඇති ඔය දේවල් කරලා තියෙන්නේ. (නි)
ආරංචි විදියට නම් මිනිහා රටෙත් නැහැ දැන්. (නදී)
අර පින්තුරෙත් දැම්මා නම් හොඳයි නේද ? ෆොටෝ ෂොප් ජිල්මාට් (නදී)
සෝමවංස අමරසිංහත් අදිකරණයට ඉදිරිපත් කල යුතුය (නදී)
කේපී නෙමෙයි, අපිට ජීවත්වෙන්න විදිහක් හදලා දෙන්න. වේලක් කෑවොත් වේලක් ලෙවකනවා. (නි)
මහී,ඒක නෙමෙයි මේ රටේ ප්‍රශ්නය. ඔක්කොම ත්‍රස්තයෝ, මැරයෝ, දුෂකයෝ, හොරු, කුඩු මුදලාලිලාට නීතිය ක්‍රියාත්මක නොවීමයි. වෙනස් කරන්න ඕනෑ මෙයයි. (නි)
අධිකරණයට ඉදිරිපත් කළයුත්තේ කවුරු කවුරුන්දැයි ඉදිරියේදී හෙළිවේවි. ජනතාව එතෙක් බලා සිටිනවා. (නි)
මොහු අපි කවුරුත් දන්නා ත්‍රස්තවාදියෙකි. මෙවෙනි ත්‍රස්තවාදියෙකු ආණ්ඩුවේ තියාගෙන ආණ්ඩුව විසින් විපක්ෂයට කරන චෝදනා හිනාවට කරුනක් පමණි. අනිවාර්යෙන්ම මොහුට දඬුවම් දිය යුතුමය. (නදී)
මහත්තයෝ රජයේ මාධ්‍ය වලට වමාරන්න බැරි මොනවද?එතකොට කරුණට මුළු ආණ්ඩුවේ අයම ඇමතිතුමා කියලා කියන එක හොඳද?නැතිනම් ඔහුට ඝාතකයා, අලුගෝසුවා කිවයුතුද ?(හේ)
ඔබ තුමන්ලා පරක්කු වැඩියි. නමුත් කමක් නැහැ දැන්. අඩුම තරමේ ජෙනරාල් ෆොන්සේකාව හිරේ දාන්න වෙලාවේ හරි මේ දූෂිත ආණ්ඩුවෙන් එලියට ආවා නම් රට මෙච්චර විනාශ වෙන්නේ නැහැ (නදී)
චම්පික මහත්තයා රජයේ ඉදිද්දී කේ පි ල කරුණලා ගැන ඔහොම කිව්වේ නැහැනේ.එදා කියපු දේවල් අන්න රජයේ මාධ්‍ය වලින් දැන් වමාරනවා. කට්ටියට මතක් කර ගන්න මැඩම්ගේ වචනේ වැරැද්ද වහන්න ඔබතුමා කොච්චර දත කෑවත් බැහැ. (නදී)
මෙයා ඉන්දියාවේ අධිකරණයට අවශ්‍ය පුද්ගලයෙකි (නදී)
ත්‍රස්තවාදයට තිත තබමු. ශ්‍රී ලාංකිකයන්ට ජයවේවා. වියරු දේශපාලුවන් විනාශ වේවා. (නි)
කේපී ගැන කියද්දී සමහරුන්ට හරි දුකයි වගේ.හරිම සරලව කියනවා නම් රටක නීතිය එක සමානවිය යුතුයි (නි)
පව්! එයා මොකුත්ම දන්නේ නැතුව ඇති. (නි)
මෙවැනි දේ අරුමයක් නොවේ. සියල්ල කණපිට! (නි)
මෙතුමාට දැන්ද මතක්වුණේ ඕවා කරන්න. ආණ්ඩුවේ ඉන්න කාලේ බැරිවුණාද මේවා කරන්න. (නි)
මෙයයි දේශපාලන වෛරය... (නි)
මේක කිය කියා ඉන්න දෙයක් නෙමෙයිනේ. පහසුවෙන්ම මෙතුමන්ලාට පුළුවන්නේ කේපීට එරෙහිව නඩුවක් දමන්න. මේ දේ වැරදි නම් ඒ දවස්වලම එය කරන්නට තිබුනනේ. (නි)
පාඨලී චම්පික සහ කේපී අවුරුදු දහයක්ම එකම ආණ්ඩුවේ කොටස්කාරයෝ ලෙස නේද හිටියේ . දැන් මොකද කේපීට අඳින්න හිතුවේ? (බ)
හෙළ උරුමය දැන් නියෝජනය කරන්නේ සිංහලගේ අයිතිය නෙමෙයි (නදී)
කේ.පී. නැව් පිටින් එවපු පුපුරන ද්‍රව්‍ය වලින් මොන තරම් අසරණ මිනිසුන් මැරුණද? මොන තරම් අසරණ කොල්ලෝ සදාකාලික අබ්බ ගාථ වුනාද? එහෙව් නරියෙකුට කිරි පොවලා සුදනෙක් කිරීම මොන තරම් පාප කර්මයක්ද? (නදී)
රටම නිදහස් කර දුන්නු ජෙනරාල් ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ බත් කනකොට, කේපී හෙලිකොප්ටෙරයේ නැගල උතුරු නැගෙන හිර බලන්න යන ෆොටෝ අපි ලග තියෙනවා. ඒවත් බොරුද? (නදී)
කේපී විතරක් මොකද? එතකොට කරුණලා? පිල්ලෙයාන්ලා? (නි)
එතකොට අර කේපී හොඳයි කියලා කියන වීඩියෝ එක? ඒකත් පරිගණක ජිල්මාට් එකක්ද? (නි)
වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්න එපා. (නි)
අනිවාර්යෙන්ම අපරාධකාරයෝ ඔක්කොම නීතිය ඉදිරියට ගෙන එන්න ඕනෑ මුල සිට අගටම. (නි)
චන්ද්‍රිකා නෝනට වචනයක් වැරදුනාලු. දුටුගැමුණු රජු එදා දෙමළුන්ගෙන් රට බේරා ගත්තා. අපි එළාර රජු කියල නේද කියන්නේ. එහෙම නැතිව එලාරය කියන්නේ නැහැනේ. (නදී)
මිනිහා කියයි මතක නැහැ කිසිම දෙයක් කියා (නදී)
මම නම් මේවාට මොකුත්ම කියන්නේ නැහැ (නි)
මේ රටට යුක්තිය සාධාරණත්වය ඉටුවෙන නීතියක්, සර්ව සාධාරණව ක්‍රියාත්මක වෙනතුරු මේ කිසිදෙයක් නිවැරදි වෙන්නේ නැහැ. එයයි ඇති කළයුත්තේ (නි)